slc
logo
Home   |    News
අප්‍රේල් 30, 2024
මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන මහනුවර පිල පළමු දිනය අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 279ක් ලබා සිටියේය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල මුලින් පන්දුවට පහරදීමට මහනුවරට ආරාධනා කළ අතර, පළමු කඩුලු දෙක ලකුණු 41කදී දවා ලගැනීමට ගාල්ල පිල සමත් වූවේය. එම තත්ත්වය හමුවේ මතුවූ පීඩනයට සාර්ථකව මුහුණදුන් ආරම්භක පිතිකරු සහන් කෝසල හා සිතාර ගිම්හාන තෙවැනි කඩුල්ලට ලකුණු 110ක සබඳතාවක් ගොඩනැගූ අතර, සහන් කෝසල පන්දු 114කදී හයේ 2ක් හා හතරේ 10ක් සමඟ ලකුණු 84ක් ලබා ගත්තේය.

 

එක් අන්තයක් ආරක්ෂා කරමින් පන්දුවට පහර දුන් සිතාර ගිම්හාන මෙවර තරගාවලියේ ඔහුගේ දෙවැනි අර්ධ ශතකය රැස්කර ගැනීමට සමත්වීම කැපී පෙණුනි. සිතාර පන්දු 184කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 90ක් ලබා ගැනීමට සමත් විය. ගාල්ල පිලේ අසංක මනෝජ් කඩුලු 3ක් බිඳ හෙලූ අතර, තිලංග උදේශන හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 බැගින් බිදහෙලා ගත්හ. 

මහනුවර පිල බළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 279 (ඕවර් 86)

පවන්ත වීරසිංහ 27, සහන් කෝසල 84, සිතාර ගිම්හාන 90, රවීන් යසස් 15,  රවිඳු රත්නායක 10, අශේන් ඩැනියෙල් නොදැවී 29, ලසිත් ඇඹුල්දෙනිය නොදැවී 10, අතරේක 6 ( ධනංජය ලක්ෂාන් 62/1, තිලංග උදේශන 56/2, අසංක මනෝජ් 28/3, රමේෂ් මෙන්ඩිස් 47/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee