slc
logo
Home   |    News
අප්‍රේල් 29, 2024
ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු අටක ජයක් ලැබීය.

මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේදී ඕවර 50 අවසානයේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 304කි. ඇෆ්ගනිස්තානය පන්දුවට පහර දෙද්දී ඉනිම අවසාන භාගයේදී අයහපත් කාලගුණය බලපෑමෙන් ඔවුනට ජයග්‍රහණය සඳහා ඕවර 48ක් තුළදී ලකුණු 286ක් රැස් කළ යුතු වුවත් ඔවුන් ඕවර 48ක් අවසානයේ කඩුලු හතක් දැවී රැස් කර ගත්තේ ලකුණු 277කි.

මේ තරගයේ කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම තීරණය කළේ මුලින් පන්දුවට පහරදීම ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායමට පැවරීමටය.

ශ්‍රී ලංකා ‘ඒ ‘ ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක සහ අංක තුන පිතිකරු කමිල් මිෂාර දෙවන කඩුල්ලට පන්දු 101කදී රැස් කළ ලකුණු 99ක සබඳතාවය ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම සබඳතාවයයි. දෙවන කඩුල්ලේ එම සබඳතාවයත් අංක හතර පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු ඉනිමේ අවසාන ඕවරයේ තෙවන පන්දුව තෙක් කඩුල්ලේ රැඳී රැස් කළ ලකුණු 83ත් මත ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු තුන්සියය ඉක්මවීමට අවස්ථාව උදා විණි.

පන්දු 67කට මුහුණ දී හතරේ පහර අටක් සහ හයේ පහර දෙකක් සමඟ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 83ක් රැස් කළ අතර ඔහු සබඳතා කිහිපයකටම දායක වීමට ද සමත් විණි.

ශ්‍රී ලංකා පිතිකරුවන් අතුරින් කැපී පෙනුණු සෙසු පිතිකරුවන් වූ ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක පන්දු 82කට මුහුණ දී හතරේ හතක් සමඟ ලකුණු 72ක් ද අංක තුන පිතිකරු කමිල් මිෂාර පන්දු 56කදී හතරේ හතරක් සමඟ ලකුණු 48ක් ද දුෂාන් හේමන්ත ලකුණු 20ක් ද නායක සහන් ආරච්චිගේ ලකුණු 18ක් ද අනෙක් ආරම්භක පිතිකරු ළහිරු උදාර ලකුණු 17ක් ද රැස් කළහ.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවට පහර දෙද්දී ඔවුනගේ දෙවන කඩුල්ලට රියාස් හසන් සහ ඩාවිෂ් රසුල් පන්දු 155කදී ලකුණු 163ක් රැස් කරමින් ඔවුනගේ ඉනිම ආරම්භයේදී කණ්ඩායම පත් කළේ ප්‍රබල තත්ත්වයකටය.

රියාස් පන්දු 115කදී හතරේ දහයක් සහ හයේ පහරක් සමඟ ලකුණු 100ක් ද රසුල් පන්දු 70කදී හතරේ හතක් හයේ පහරක් සමඟ ලකුණු 75ක් ද කයිස් අහමඩ් පන්දු 19කදී හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමඟ ලකුණු 28ක් ද රැස් කළහ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණු නායක සහන් ආරච්චිගේ ලකුණු 40කට කඩුලු තුනක් දවාලීමට සමත් විය.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම ඕවර 50දී කඩුලු 8ට 304යි –

(නුවනිඳු ප්‍රනාන්දු 83, නිශාන් මධුෂ්ක 72, කමිල් මිෂාර 48, දුෂාන් හේමන්ත 20,

සහන් ආරච්චිගේ 18, ළහිරු උදාර 17, බිලාල් සාමි 51/4, මොහමඩ් සලිම් 63/3යි)

ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම ඕවර 48කදී කඩුලු 7ට 277 ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට

(රියාස් හසන් 100, ඩාවිෂ් රසුල් 73, කයිස් අහමඩ් 28, ෆාමනුල්ලා නොදැවී 20, සහන් ආරච්චිගේ 40/3, මොහමඩ් ශිරාෂ් 29/1යි)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee