slc
Home   |    News
මාර්තු 2, 2020
ශෂිකලාගේ ජාත්‍යන්තර තරග දිවියට ජයග්‍රාහී සමුගැන්මක්

Sri Lanka Cricket

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පළමු ජයග්‍රහණය බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව අද (02 දා) වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ සමත්වූහ. හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධනගේ ජාත්‍යන්තර තරග දිවියට සමුගැන්මේ තරගය බවට පත්වූ මෙම තරගයේදී ලකුණු 16 කට කඩුලු 4 ක් දවා ගත් ශෂිකලා සිරිවර්ධන වසර 15 ක ජාත්‍යන්තර තරග දිවිය ජයග්‍රාහී සමුගැන්මක් එක් කර ගැනීමට අවස්ථාව සලසා ගත්තාය.

මෙතෙක් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පන්දු යවන්නියක් දක්වන ලද ඉහළතම දක්ෂතාව ලෙසින් සටහන් වුණු ශෂිකලාගේ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ පිල නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 කට ලකුණු 91 ක් පමණක් ලබා ගැනීමට සමත්විය. ඒ අනුව ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකාරිණියෝ 16 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී සපුරාගන්නා ලද්දේ එක් කඩුල්ලක් පමණක් දැවී ගොස් තිබියදීය.

දැවී ගිය එකම පිතිකාරිණිය වූයේ නායිකා චමරි අතපත්තු වන අතර ඇය පන්දු 22 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 30 ක් රැස් කරගත්තාය. මීට අමතරව හසිනි පෙරේරා ලකුණු 30 ක් සහ අනුෂ්කා සංජීවන් ලකුණු 18 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියාය.

ශෂිකලා සහ වමතින් වේග පන්දු යවන උදේශිකා ප්‍රබෝධනී එක්ව බංග්ලාදේශ ඉනිම ඇද බැඳ තබන ලද්දේ යවන ලද පන්දුවාර 8 න් 26 ක්ම ලකුණු ලබා නොගත් පන්දු ලෙසින් සටහන් කර ගනිමිනි. කාසියේ වාසියත් සමඟ පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිලේ එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට ප්‍රබෝධනී සමත් නොවුණත් යවන ලද පන්දුවාර 4 දී ලකුණු 13 ක් පමණක් ඈ ලබා දී තිබුණි. ශෂිකලාට අමතරව වැඩිම කඩුලු ලාභිනය බවට පත්වූයේ ලකුණු 19 ට කඩුලු 2 ක් දවා ගත් අචිනි කුලසූරියයි. ශෂිකලාගේ විස්සයි-20 තරග දිවියේ දෙවැනි හොඳම පන්දු යැවීම ලෙස සටහන් වුණු මෙම සමුගැන්මේ තරගයේදී තරගයේ වීරවරියට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබීමට තරම් ඈ වාසනාවන්ත වූවාහ.

ලකුණු සාරාංශය

බංග්ලාදේශය පන්දුවාර 20 දී කඩුලු 8 ට ලකුණු 91 යි – (සිගාර් සුල්ටානා 39, සන්ජිදා ඉස්ලාම් 13, ෆර්ගනා හක් 13, ශෂිකලා සිරිවර්ධන 16/4, අචිනි කුලසූරිය 19/2)

ශ්‍රී ලංකාව පන්දුවාර 15.3 කදී කඩුල්ලක් දැවී ලකුණු 92 යි – (චමරි අතපත්තු 30, හසිනි පෙරේරා 30*, අනුෂ්කා සංජීවන් 16*)

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest