slc
logo
Home   |    News
මාර්තු 2, 2020
ශෂිකලාගේ ජාත්‍යන්තර තරග දිවියට ජයග්‍රාහී සමුගැන්මක්

Sri Lanka Cricket

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පළමු ජයග්‍රහණය බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව අද (02 දා) වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ සමත්වූහ. හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධනගේ ජාත්‍යන්තර තරග දිවියට සමුගැන්මේ තරගය බවට පත්වූ මෙම තරගයේදී ලකුණු 16 කට කඩුලු 4 ක් දවා ගත් ශෂිකලා සිරිවර්ධන වසර 15 ක ජාත්‍යන්තර තරග දිවිය ජයග්‍රාහී සමුගැන්මක් එක් කර ගැනීමට අවස්ථාව සලසා ගත්තාය.

මෙතෙක් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පන්දු යවන්නියක් දක්වන ලද ඉහළතම දක්ෂතාව ලෙසින් සටහන් වුණු ශෂිකලාගේ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ පිල නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 කට ලකුණු 91 ක් පමණක් ලබා ගැනීමට සමත්විය. ඒ අනුව ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකාරිණියෝ 16 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී සපුරාගන්නා ලද්දේ එක් කඩුල්ලක් පමණක් දැවී ගොස් තිබියදීය.

දැවී ගිය එකම පිතිකාරිණිය වූයේ නායිකා චමරි අතපත්තු වන අතර ඇය පන්දු 22 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 30 ක් රැස් කරගත්තාය. මීට අමතරව හසිනි පෙරේරා ලකුණු 30 ක් සහ අනුෂ්කා සංජීවන් ලකුණු 18 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියාය.

ශෂිකලා සහ වමතින් වේග පන්දු යවන උදේශිකා ප්‍රබෝධනී එක්ව බංග්ලාදේශ ඉනිම ඇද බැඳ තබන ලද්දේ යවන ලද පන්දුවාර 8 න් 26 ක්ම ලකුණු ලබා නොගත් පන්දු ලෙසින් සටහන් කර ගනිමිනි. කාසියේ වාසියත් සමඟ පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිලේ එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට ප්‍රබෝධනී සමත් නොවුණත් යවන ලද පන්දුවාර 4 දී ලකුණු 13 ක් පමණක් ඈ ලබා දී තිබුණි. ශෂිකලාට අමතරව වැඩිම කඩුලු ලාභිනය බවට පත්වූයේ ලකුණු 19 ට කඩුලු 2 ක් දවා ගත් අචිනි කුලසූරියයි. ශෂිකලාගේ විස්සයි-20 තරග දිවියේ දෙවැනි හොඳම පන්දු යැවීම ලෙස සටහන් වුණු මෙම සමුගැන්මේ තරගයේදී තරගයේ වීරවරියට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබීමට තරම් ඈ වාසනාවන්ත වූවාහ.

ලකුණු සාරාංශය

බංග්ලාදේශය පන්දුවාර 20 දී කඩුලු 8 ට ලකුණු 91 යි – (සිගාර් සුල්ටානා 39, සන්ජිදා ඉස්ලාම් 13, ෆර්ගනා හක් 13, ශෂිකලා සිරිවර්ධන 16/4, අචිනි කුලසූරිය 19/2)

ශ්‍රී ලංකාව පන්දුවාර 15.3 කදී කඩුල්ලක් දැවී ලකුණු 92 යි – (චමරි අතපත්තු 30, හසිනි පෙරේරා 30*, අනුෂ්කා සංජීවන් 16*)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee