slc
logo
Home   |    News
අප්‍රේල් 16, 2020
ක්‍රිකට් පුහුණුවටත් ඩිජිටල් App එකක්

Sri Lanka Cricket

ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම වැඩි දියුණු කර ගැනීම ඩිජිටල්කරණය දක්වා රැගෙන යමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු අධ්‍යාපන අංශය විසින් විශේෂ ‘පුහුණුකරණ අධ්‍යාපන යෙදුමක්’ හෙවත් ‘Digital App’ එකක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙම පුහුණුකරන යෙදුම (App) බාගත කරගැනීමෙන් පසු සිය නිවසේ සිටම සිය ජංගම දුරකථනය හෝ පරිගණකය භාවිතයෙන් පුහුණුකරුවන්ට අවශ්‍ය වන දැනුම වැඩි දියුණු කර ගැනීමේ අවස්ථාව මෙමගින් උදාවනු ඇත.

‘Google Play Store’ හෝ ‘Apple Store’ හරහා නොමිලයේ බාගත කළ හැකි මෙම යෙදුම (App) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය, පළාත් සහ දිස්ත්‍රික්, ක්‍රීඩා සමාජ සහ පාසල් මට්ටමේ පුහුණුකරුවන් සඳහාද විවෘතව පවතින බව එම පුහුණු අධ්‍යාපන අංශය දැනුම් දී සිටියි. මෙකී පුහුණුකරුවන්ට අමතරව පෞද්ගලික මට්ටමේ ක්‍රිකට් පුහුණු විද්‍යායතන (Cricket Academy) පවත්වාගෙන යන පුහුණුකරුවන්ට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද පුහුණු බලපත්‍රයක් ඇති පුහුණුකරුවන්ටද මෙකී ඩිජිටල් අධ්‍යාපන පුහුණු යෙදුම (App) භාවිතා කළ හැක. 

අළුතින් හඳුන්වා දෙන ලද මෙම ඩිජිටල් පුහුණු යෙදුම (App) පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී ජෙරොම් ජයරත්න, “මෙම නව යෙදුම ඔස්සේ පුහුණුකරුවන්ට ඔවුන්ගේ කටයුතුවල වඩාත් ඵලදායි ලෙසින් සිදු කිරීමේ හැකියාව උදාවනු ඇත. මෙවැනි මෙවලමක් ක්‍රිකට් පුහුණු ප්‍රජාවට හඳුන්වාදීමට අවස්ථාව ලැබීම සතුටට කරුණක්” යැයි අවධාරණය කර සිටියි.

නව නිපැයුමක් ලෙසින් වෙළෙඳ පොළට ඉදිරිපත් කර ඇති මෙම යෙදුම (App) , පුහුණුකරණ අධ්‍යාපන ලිපිවලින්, අන්තර්ජාලය භාවිතයෙන් සිදුකරන අධ්‍යාපන කාමර පහසුකම්, නිපුණතාවන්හි වීඩියෝ පුස්තකාල පහසුකම්, පුහුණුවීම් සිදුකරන ආකාරය මෙන්ම ඉදිරියේදී සිදු කිරීමට නියමිත පුහුණු අධ්‍යාපන වැඩසටහන් මෙන්ම තවත් බොහෝ දේ පිළිබඳව වූ තොරතුරු ඇතුළත් වනු ඇත.

මෙම යෙදුම (App) හඳුන්වා දීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අධ්‍යාපන ඒකකයේ ප්‍රධානී හේෂාන් ද මෙල් මහතා සඳහන් කර සිටියේ “අපි මේ මෘදුකාංගය නිර්මාණය කිරීමේ ප්‍රධාන බලාපොරොත්තුව බවට පත්වූයේ ඩිජිටල් පහසුකම හරහා සෑම පුහුණුකරුවකුටම ඔවුන්ගේ දැනුම සංවර්ධනය කර ගැනීමට අවස්ථාව ඔවුන්ටම සලසා දීම සඳහායි”යි යනුවෙනි. 

තවද මෙම යෙදුම (App) හරහා පුහුණුකරුවන්ට ඔවුන්ගේ පුහුණු උපදේශකයින්ගෙන් අවශ්‍ය වන දැනුම ලබා ගැනීමේ හැකියාවද පවතින අතර එහිදී ලබා දෙනු ලබන දැනුම ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් ආකෘත්‍රි සටහනේ ස්වයංක්‍රීයව ගබඩාවනු ඇත.

“මුහුණට මුහුණලා පුහුණු කිරීමේ ක්‍රමවේදයක් නොමැති විට අපගේ පුහුණුකරුවන් අඛණ්ඩතාවය අපේක්ෂා කරනවා. එබැවින් පුහුණුකරන අධ්‍යාපන විෂය මාලාව දෘෂ්‍ය ගත කිරීම හරහා අපි තාක්ෂණය ඔස්සේ තවත් පියවරක් ඉදිරියට තැබුවා”යි මේ පිළිබඳව අදහස් දැක්වූ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථාන පුහුණු උපදේශක තාරක සමරතුංග පවසයි. 

Team App Details

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee