slc
Home   |    News
අප්‍රේල් 3, 2020
ක්‍රීඩකයින්ගේ ගෙදර වැඩ ගැනත් ක්‍රිකට් ආයතනය අවධානයෙන්

Sri Lanka Cricket

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් නිවෙස් වලට වී කාලය ගත කිරීමට සිදුවී තිබෙන ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම මෙන්ම ශාරීරික යෝග්‍යතාවය පවත්වාගෙන යෑම සඳහා එදිනෙදාට කිරීම සඳහා වූ විශේෂ මාර්ගෝපදේශන වැඩසටහන් මාලාවක් හඳුන්වා දීමට බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය පියවර ගෙන තිබේ. 

දීර්ඝ කාලයක් ක්‍රීඩා කාර්යයක නොයෙදුණහොත් නැවත සිය ක්‍රියාකාරකම් ආරම්භ කිරීමේදී ක්‍රීඩකයින් දැඩි අපහසුතාවයකට මෙන්ම ආබාධවලට ලක්වීමේ ප්‍රවණතාවක් ඇතිවන හෙයින් මේ පිළිබඳව අවධානය යොමු කරමින් එකී මාර්ගෝපදේශන වැඩසටහන් මාලාව නිවසේ සිටම සිදු කිරීමට බස්නාහිර පළාත් ක්‍රිකට් සංගම් බලධාරීහු ක්‍රීඩකයින්ට උපදෙස් ලබා දී තිබේ. 

මේ සම්බන්ධව මේ වන විටත් සියළුම දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන්ව දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබෙන බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය, ක්‍රීඩකයින් එදිනෙදා සිදුකරනු ලබන සියළුම පුහුණුවීම් සහ ව්‍යායාම් කටයුතු වීඩියෝ ගත කොට එම පුහුණුකරුවන් මාර්ගයෙන් බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය වෙත එවන ලෙසද වැඩිදුරටත් දැනුම් දී තිබේ. 

මෙම කාල සීමාව ඇතුළතදී බොහෝ ක්‍රීඩකයින්ට ශරීර සුවතා උපකරණ හෝ ශාරීරික යෝග්‍යතා ආයතනයකට යෑමේ අවස්ථාව නොමැති නමුත් සිය නිවසේ සිටම සිදුකළ හැකි අන්දමේ පුහුණු කටයුතු සහ ව්‍යායාම ක්‍රීඩකයින්ට ලබා දී තිබෙන මාර්ගෝපදේශන වැඩසටහනට ඇතුළත් කර තිබේ.

එමෙන්ම මෙම වැඩසටහනට අමතරව ක්‍රීඩකයින්ගේ පෝෂණ තත්ත්වය පිළිබඳව මෙන්ම මානසික තත්ත්වය යහපත් තත්ත්වයක පවත්වාගෙන යෑමද පිළිබඳව අවධානය යොමු කර තිබේ.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest