slc
Home   |    News
මැයි 25, 2020
පාසල් ක්‍රිකට්වලට අත දෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පන්දු 8000 ක් පිරිනමයි

Sri Lanka Cricket

නාගරික ප්‍රදේශ වල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යන පාසල් වලට අතදීමක් වශයෙන් වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන සියළුම කාණ්ඩ වල පාසල් සඳහා ක්‍රිකට් සැලකිය යුතු ආයෝජනයක් හෙවත් පන්දු 8133 ක  බෙදා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුවේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේද සහාය ඇතිව මෙම පන්දු බෙදාදීම ඉකුත් 17 වැනි දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සිදුකෙරිණ. අදියර 2 ක් යටතේ සිදුකෙරුණු මෙම පන්දු ප්‍රදානයේ දෙවැනි අදියර හෙවත් තෙවැනි කාණ්ඩය යටතේ ක්‍රීඩා කරනු ලබන පාසල් 186 ක් වෙනුවෙන් පන්දු 4776 ක්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ, දේශීය ක්‍රිකට් අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප සභාපති කොළඹ නාලන්දා විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බෙදා දෙන ලදී.

තෙවැනි පෙළ කාණ්ඩයේ පළමු කොටස නියෝජනය කරනු ලබන පාසලක් සඳහා පන්දු 36 බැගින්ද එම කාණ්ඩයේ දෙවැනි කොටස නියෝජනය කරනු ලබන පාසලක් වෙනුවෙන් පන්දු 20 බැගින්ද වන පරිදි අන්තර් පාසල් වයස අවුරුදු 19 න් පහළ තරගාවලිය නියෝජනය කරනු ලබන පාසල් 188 ක ක්‍රීඩා භාර ආචාර්යවරුන්, පුහුණුකරුවන් සහ කණ්ඩායම් නායකයින් වෙත මෙම පන්දු පිරිනමන ලදී.

මෙහි පළමු අදියර හෙවත් පළමු කාණ්ඩය නියෝජනය කරනු ලබන පාසල් 37 ට සහ දෙවැනි කාණ්ඩය නියෝජනය කරනු ලබන පාසල් 34 ට බෙදා දීම මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නාලන්දා විදුහල් පරිශ්‍රයේදී සිදුකෙරිණ. එහිදී පළමු සහ දෙවැනි කාණ්ඩය නියෝජනය කරනු ලබන පාසලකට පන්දු 45 බැගින්  කාණ්ඩ දෙක නියෝජනය කරනු ලබන පාසල් 71 කට පන්දු 31295 ක් පිරිනැමිණ. මීට අමතරව අවුරුදු 19 න් පහළ සෑම කාණ්ඩයකම දෙවැනි වටයේ සිට අවසන් මහ තරගය දක්වා අවශ්‍ය සියළුම පන්දු ඉදිරියේදී ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest