slc
logo
Home   |    News
මැයි 25, 2020
පාසල් ක්‍රිකට් නංවන්න ක්‍රිකට් ආයතනය පන්දු යැවීමේ යන්ත්‍ර16 ක් පිරිනමයි

Sri Lanka Cricket

මාධ්‍ය නිවේදනය

පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒම වෙනුවෙන් වූ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ පන්දු යැවීමේ යන්ත්‍ර (Bowling Machine) 16 ක්, වයස අවුරුදු 19 න් පහළ ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් වලට බෙදා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සිදු කෙරුණු මෙම වැඩපිළිවෙළ යටතේ ප්‍රථමයෙන්ම ශ්‍රී  ලංකාවේ ප්‍රමුඛතම පාසල් තරගාවලිය නියෝජනය කරනු ලබන පාසල් 16 ක් වෙනුවෙන් එම පන්දු යැවීමේ යන්ත්‍ර පිරිනැමීම සිදු කරන ලදී. එම වැඩසටහන යටතේ දිවයිනේ පළමු පෙළ ක්‍රීඩා කරන පාසල් 36 ටම ලබාදීම ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තුව වන අතර ඉතිරි යන්ත්‍ර 20 ද මේ වන විටත් ඇනවුම් කර තිබේ. ඒ අනුව ඒ සියල්ල ශ්‍රී ලංකාවට පැමිණි විගස එම පාසල් වලට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

සාමාන්‍ය පන්දු යැවීමේ යන්ත්‍ර ක්‍රියාකරවීම සදහා විදුලි බලය ලබා දිය යුතු වුවත් නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කොට ඇති මෙම පන්දු යැවීමේ යන්ත්‍රය පැය 3 ක පමණ කාලයක් එහි ඇති විදුලි කෝෂය (Battery) හරහා ක්‍රියාකරවීමේ හැකියාවකින් යුක්ත වීම විශේෂත්වයක් ලෙසින් සැලකේ. භාවිත කිරීමෙන් පසු නැවත විදුලිය ආරෝපණය කරගත හැකි (Charging) ආකාරයෙන් මෙම පන්දු යැවීමේ යන්ත්‍රය නිර්මාණය කිරීම නිසා පාසල්වල පුහුණු කටයුතු විදුලි රැහැන් භාවිතයකින් තොරව ඉතා පහසුවෙන් සිදු කිරීමේ හැකියාව පවතිනු ඇත.

ශ්‍රී ලංකා මුදලින් රුපියල් හයලක්ෂ පනස්දහසක (650,000/=) මුදලකින් යුක්ත වන මෙම විදුලිය ආරෝපණය කර ගත හැකි ආකාරයේ පන්දු යැවීමේ යන්ත්‍රය ශ්‍රී ලංකාවට ගෙන්වන ලද පළමු අවස්ථාව ලෙසින්ද සටහන් වේ. ඒ අනුව එම පන්දු යැවීමේ යන්ත්‍ර බෙදා දීමේ පළමු අදියර වශයෙන් අවසන් පාසල් තරග වාරයේදී කාණ්ඩ 4 හි පෙරමුණ ගනු ලැබූ පාසල් 4 බැගින් වූ පාසල් 16 සඳහා මෙම පන්දු යැවීමේ යන්ත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී සිදුකෙරිණ. මෙම අවස්ථාවට පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති ඔෂාර පණ්ඩිතරත්න මහතා ද සහභාගිවී සිටියේය.

අන්තර් පාසල් වයස අවුරුදු 19 න් පහළ ප්‍රමුඛ පෙළ කාණ්ඩයේ ඉදිරියෙන්ම පසුවන පාසල් 16 හි විදුහල්පතිවරුන්ගේ ද සහභාගිත්වයෙන් පැවැති මෙම පන්දු යැවීමේ යන්ත්‍ර පිරිනැමීමේ අවස්ථාවේදී අදහස් දක්වා සිටි ශම්මි සිල්වා මහතා, “මෙය ආරම්භයක් පමණයි. පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් 36 සඳහාම මෙම යන්ත්‍ර  ලබාදීමට අපි සැලසුම් කරලා තියෙනවා”යි පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ක්‍රිකට් සභාපතිවරයා, “පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑම සඳහා අපි වැඩි මුදලක් ඉදිරියේදී වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. සැඟවුණු දක්ෂතා ඇති ක්‍රීඩකයන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තුළින් සොයා ගැනීමේ හැකියාව තියෙන බව අපි විශ්වාස කරනවා”යැයිද පැවැසීය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාසල් ක්‍රීඩාවේ යටිතල පහසුකම් නඟා සිටුවීමේ පියවරක් ලෙස සිදුකරන ලද මෙම පන්දු යැවීමේ යන්ත්‍ර බෙදාදීම පිළිබඳව අදහස් දක්වා සිටි කොළඹ මහානාම විදුහලේ විදුහල්පති, එල්. එම්. ඩී. ධර්මසේන මහතා, “මෙය ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරන ලද කාලෝචිත ක්‍රියාවක්. පාසල් ක්‍රිකට් නැතිව අපිට ජාත්‍යන්තර ක්‍රිකට් ගැන කතා කරන්න දෙයක් නැති බව අපි හැමෝම දන්නවා. මේ උපකරණ වඩාත් ඵලදායී ලෙස පුහුණු කටයුතු සඳහා යොදා ගන්නා බවට අපි ක්‍රිකට් ආයතනයට සහතික වෙනවා”යි පවසා සිටියේය.

ධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

Active filters

Recent Posts

  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]
  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]

Pin It on Pinterest

USD United States (US) dollar