slc
logo
Home   |    News
මැයි 25, 2020
පාසල් ක්‍රිකට් නංවන්න ක්‍රිකට් ආයතනය පන්දු යැවීමේ යන්ත්‍ර16 ක් පිරිනමයි

Sri Lanka Cricket

මාධ්‍ය නිවේදනය

පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒම වෙනුවෙන් වූ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ පන්දු යැවීමේ යන්ත්‍ර (Bowling Machine) 16 ක්, වයස අවුරුදු 19 න් පහළ ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් වලට බෙදා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සිදු කෙරුණු මෙම වැඩපිළිවෙළ යටතේ ප්‍රථමයෙන්ම ශ්‍රී  ලංකාවේ ප්‍රමුඛතම පාසල් තරගාවලිය නියෝජනය කරනු ලබන පාසල් 16 ක් වෙනුවෙන් එම පන්දු යැවීමේ යන්ත්‍ර පිරිනැමීම සිදු කරන ලදී. එම වැඩසටහන යටතේ දිවයිනේ පළමු පෙළ ක්‍රීඩා කරන පාසල් 36 ටම ලබාදීම ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තුව වන අතර ඉතිරි යන්ත්‍ර 20 ද මේ වන විටත් ඇනවුම් කර තිබේ. ඒ අනුව ඒ සියල්ල ශ්‍රී ලංකාවට පැමිණි විගස එම පාසල් වලට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

සාමාන්‍ය පන්දු යැවීමේ යන්ත්‍ර ක්‍රියාකරවීම සදහා විදුලි බලය ලබා දිය යුතු වුවත් නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කොට ඇති මෙම පන්දු යැවීමේ යන්ත්‍රය පැය 3 ක පමණ කාලයක් එහි ඇති විදුලි කෝෂය (Battery) හරහා ක්‍රියාකරවීමේ හැකියාවකින් යුක්ත වීම විශේෂත්වයක් ලෙසින් සැලකේ. භාවිත කිරීමෙන් පසු නැවත විදුලිය ආරෝපණය කරගත හැකි (Charging) ආකාරයෙන් මෙම පන්දු යැවීමේ යන්ත්‍රය නිර්මාණය කිරීම නිසා පාසල්වල පුහුණු කටයුතු විදුලි රැහැන් භාවිතයකින් තොරව ඉතා පහසුවෙන් සිදු කිරීමේ හැකියාව පවතිනු ඇත.

ශ්‍රී ලංකා මුදලින් රුපියල් හයලක්ෂ පනස්දහසක (650,000/=) මුදලකින් යුක්ත වන මෙම විදුලිය ආරෝපණය කර ගත හැකි ආකාරයේ පන්දු යැවීමේ යන්ත්‍රය ශ්‍රී ලංකාවට ගෙන්වන ලද පළමු අවස්ථාව ලෙසින්ද සටහන් වේ. ඒ අනුව එම පන්දු යැවීමේ යන්ත්‍ර බෙදා දීමේ පළමු අදියර වශයෙන් අවසන් පාසල් තරග වාරයේදී කාණ්ඩ 4 හි පෙරමුණ ගනු ලැබූ පාසල් 4 බැගින් වූ පාසල් 16 සඳහා මෙම පන්දු යැවීමේ යන්ත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී සිදුකෙරිණ. මෙම අවස්ථාවට පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති ඔෂාර පණ්ඩිතරත්න මහතා ද සහභාගිවී සිටියේය.

අන්තර් පාසල් වයස අවුරුදු 19 න් පහළ ප්‍රමුඛ පෙළ කාණ්ඩයේ ඉදිරියෙන්ම පසුවන පාසල් 16 හි විදුහල්පතිවරුන්ගේ ද සහභාගිත්වයෙන් පැවැති මෙම පන්දු යැවීමේ යන්ත්‍ර පිරිනැමීමේ අවස්ථාවේදී අදහස් දක්වා සිටි ශම්මි සිල්වා මහතා, “මෙය ආරම්භයක් පමණයි. පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් 36 සඳහාම මෙම යන්ත්‍ර  ලබාදීමට අපි සැලසුම් කරලා තියෙනවා”යි පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ක්‍රිකට් සභාපතිවරයා, “පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑම සඳහා අපි වැඩි මුදලක් ඉදිරියේදී වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. සැඟවුණු දක්ෂතා ඇති ක්‍රීඩකයන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තුළින් සොයා ගැනීමේ හැකියාව තියෙන බව අපි විශ්වාස කරනවා”යැයිද පැවැසීය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාසල් ක්‍රීඩාවේ යටිතල පහසුකම් නඟා සිටුවීමේ පියවරක් ලෙස සිදුකරන ලද මෙම පන්දු යැවීමේ යන්ත්‍ර බෙදාදීම පිළිබඳව අදහස් දක්වා සිටි කොළඹ මහානාම විදුහලේ විදුහල්පති, එල්. එම්. ඩී. ධර්මසේන මහතා, “මෙය ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරන ලද කාලෝචිත ක්‍රියාවක්. පාසල් ක්‍රිකට් නැතිව අපිට ජාත්‍යන්තර ක්‍රිකට් ගැන කතා කරන්න දෙයක් නැති බව අපි හැමෝම දන්නවා. මේ උපකරණ වඩාත් ඵලදායී ලෙස පුහුණු කටයුතු සඳහා යොදා ගන්නා බවට අපි ක්‍රිකට් ආයතනයට සහතික වෙනවා”යි පවසා සිටියේය.

ධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar