slc
logo
Home   |    News
ජූනි 1, 2020
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පාසල් ක්‍රිකට් වෙත කෝටි 46 ක් වැය කරයි

Sri Lanka Cricket

By Chamila Karawita

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරි ගෙය වශයෙන් සැලකෙන පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් නඟාසිටුවීමේ අරමුණ ඇතිව ගෙවී ගිය වසර 2 ක කාලය ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හතළිස් පන්කෝටි අනූලක්ෂ පනස්දාහක (459,050,000/=) මුදලක් මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වැය කර තිබේ.

ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාවේ යටිතල පහසුකම් නඟා සිටුවීමට,  විවිධ වයස් කාණ්ඩ යටතේ පාසල් තරගාවලි සංවිධානය කිරීම,  දිස්ත්‍රික් සහ පළාත් මට්ටමේ තරගාවලි, වයස අවු. 19 න් පහළ ජාතික කණ්ඩායමේ තරග සංචාර වෙනුවෙන් මෙන්ම පාසල් ක්‍රිකට් පරිපාලන කටයුතු සිදුකරගෙන යෑම සඳහා එම මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ලබා දීමට පියවර ගෙන තිබේ.

‘යටිතල පහසුකම්’ සහ ‘මූල්‍ය පහසුකම්’ වශයෙන් වූ ප්‍රධාන කොටස් දෙකක් යටතේ මෙම මුදල් ලබාදීම් සිදුකොට තිබෙන අතර යටිතල පහසුකම් යටතේ වැඩිම මුදලක් ලබා දී ඇත්තේ කොන්ක්‍රීට් පැති විකට් ඉදි කිරීම වෙනුවෙනි. ග්‍රාමීය මට්ටමින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරගෙන යනු ලබන ‘Cricket ගමට’ වැඩ සටහන යටතේ එම ප්‍රතිපාදන ලබා දීමට පියවර ගෙන ඇත්තේ දිස්ත්‍රික්කයකට අවම වශයෙන් කොන්ක්‍රීට් පැති විකට් 8 ක් බැගින් වන සේ ශ්‍රී ලංකාව පුරා කොන්ක්‍රීට් විකට් 220 ක් ඉදිකිරීම වෙනුවෙනි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැය කොට ඇති මුළු මුදල රුපියල් කෝටි 13 (130,000,000/=)  කි.

මෙයට අමතරව යටිතල  පහසුකම් යටතේ පන්දු යැවීමේ යන්ත්‍ර,  තණතීරු ආවරණ, ලණු පැදුරු (මැටින්), ක්‍රීකට් උපකරණ කට්ටල, තලන යන්ත්‍ර, අත්ට්‍රැක්ටර් ඇතුළු මෙවලම්, අත් තලන යන්ත්‍ර සහ මායිම් ලණු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැය කොට ඇති සමස්ථ මුදල රුපියල් විසිතුන් කෝටි විසි එක් ලක්ෂයක් (232,100,000/=) වේ.

මේ සියල්ලට අමතරව වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම සහභාගිවුණු දෙස් විදෙස් තරග සංචාර සහ දේශීය වශයෙන් තරගාවලි පැවැත්වීම  සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිදෙකෝටි හැට නම ලක්ෂ පනස් දාහක් (226,950,000/=) වැය කර තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ලියාපදිංචිව ඇති 60 කට අධික ක්‍රීඩා ඉසව් වලින් පාසල් සංගමයක් වෙත උදව් උපකාර කරනු ලබන මෙරට ඇති එකම මව් සංගමය වන්නේද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වන අතර එය ශ්‍රී ලංකා ක්‍රිකට් නව පරිපාලනයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් අනුව පාසල් ක්‍රිකට් සංගමය වෙත මෙම සුවිශාල පහසුකම සලසා දී තිබේ. 

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee