slc
logo
Home   |    News
ජූනි 11, 2020
කොරෝනා නිසා ක්‍රිකට් නීති වල තාවකාලික වෙනසක්

Sri Lanka Cricket

ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යෑමේදී මෙතෙක් කලක් පවත්වාගෙන ආ නිති රීතීන් රැසක් කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් සංශෝධනය කිරීම කෙරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමු වී තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ක්‍රිකට් කමිටුව විසින් මේ පිළිබඳව නිර්දේශයන් කීපයක් ඉදිරිපත් කොට තිබෙන අතර ඒ අතරින් ප්‍රධාන වශයෙන් පන්දුව ඔප දැමීම සඳහා ‘කෙළ’ භාවිතය යළි දැනුම් දෙන තුරු තාවකාලිකව තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

ක්‍රිකට් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන් පිළිබඳව සලකා බලමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණ පිළිබඳව නිල අනුමැතිය ලබා දී තිබේ.

ක්‍රිකට් නීතියට අනුව කණ්ඩායමකට ටෙස්ට් තරගයකට ක්‍රීඩකයකු ක්‍රීඩා කරන අවස්ථාවකදී කුමන ආකාරයේ ආබාධයකට හෝ අසනීපයකට ගොදුරු වුවහොත් ඔහු වෙනුවට ආදේශකය ක්‍රීඩකයකුට කණ්ඩායමට පැමිණීමට අවස්ථාව හිමි නොවේ. එහෙත් ක්‍රිකට් කමිටුව නිර්දේශ කරන ලද කරුණු අතර කණ්ඩායමකට ඇතුළත් ක්‍රීඩකයෙකු කොරෝනා රෝගී ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඔහුව කණ්ඩායමෙන් ඉවත් කොට වෙනත් ආදේශක ක්‍රීඩකයකුට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීමට තරම් කරුණාවන්ත වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. එහෙත් ඒ සියළු තීරණ තීන්දු සිදුවන්නේ එම තරගයේ තීරකවරයාගේ කැමැත්ත අනුව වන අතරම එය එක්දින සහ විස්සයි-20 තරග සඳහා වලංගු නොවේ.

හිටපු ඉන්දීය නායක අනිල් කුම්බ්ල්ගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් කමිටුවේ නිර්දේශය පරිදි මින් ඉදිරියට පන්දුව ඔබ දැමීම සදහා ‘කෙළ’ භාවිතය තහනම් වුවත්, පෙර පරිදිම දහදිය උපයෝගී කර ගැනීමේ අවස්ථාව ක්‍රීඩකයින්ට තවදුරටත් උදාවී තිබේ. ඒ අනුව කිසියම් ක්‍රීඩකයකු මින් ඉදිරියට පන්දුවේ ‘කෙළ’ තවරන වගක් විනිසුරුවරුන්ට තේරුණහොත් හෝ දුටුවහොත් එය දඬුවම් ලකුණු 5 ක් පිරිනැමීම දක්වා දුර දිග යනු ඇත.

පන්දුව ඔප දැමීම සඳහා ‘කෙළ’ භාවිතා කරනු දුටුවහොත් එක් ඉනිමකදී කණ්ඩායමකට දෙවරක් අවවාද කෙරෙන අතර ඉන් පසුවත් එම කාර්යය දිගින් දිගටම සිදුවන්නේ නම් පන්දුවට පහර දෙන කණ්ඩායමට දඬුවම් ලකුණු 5 ක් ප්‍රධානය කෙරෙනු ඇත. එම අවස්ථාවෙන් පසු නැවත තරගය පැවැත්වීමේදී පන්දුව පිරිසිදු කිරීම අනිවාර්යය වනු ඇත. කෙසේ වෙතත් මෙම තත්ත්වයට ක්‍රීඩකයින් හුරුවන තෙක් එම නීති රීති ක්‍රියාත්මක කිරීම හැකි තරම් අවම මට්ටමක පවත්වාගෙන යන ලෙසද ක්‍රිකට් විනිසුරුවරුන්ට උපදෙස් ලබා දීමට ජගත් ක්‍රිකට් කවුන්සිල බලධාරීහු කාරුණික වී තිබේ.

මීට අමතරව ටෙස්ට් තරග සඳහා විනිසුරුවන් යොදා ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධව මීට පෙර අනුගමනය කළ මධ්‍යස්ථ විනිසුරු ක්‍රමය වෙනුවට දේශීය විනිසුරුවරුන් යොදා ගැනීමට කටයුතු යොදා තිබෙන අතර එම තත්ත්වය මත විනිසුරු තීරණ විමසීමේදී එක් පිළකට ලැබෙන අවස්ථා 2 අවස්ථා 3 ක් දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබේ. මේ සියලුම රෙගුලාසි කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යෑම සදහා ගනු ගන්නා ලද තාවකාලික රෙගුලාසි වන බවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් දැනුම් දී සිටියි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee