slc
logo
Home   |    News
ජූලි 10, 2020
ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

Sri Lanka Cricket

කොවිඩ් – 19 වෛරස් තත්ත්වය හේතුවෙන් කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට පිරිනැමීමට පාකිස්තානු ක්‍රිකට් ආයතනය කැමැත්ත පළ කර කිරීම මත එම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව 15 වැනි වතාවට පවත්වනු ලබන ආසියානු කුසලාන තරගාවලිය 2021 වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙනු ඇත.

2022 වසරේදී ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබාදීමට නියමිතව තිබුණු ආසියානු කුසලාන තරගාවලිය පාකිස්තානයට ලබා දීමේ පොරොන්දුව මත අදාළ සත්කාරකත්වය හුවමාරු කරගත් බව මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ආසියානු ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර සිටියි.

මුල් කාල සටහනට අනුව මෙම තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානය විසින් දැරීමට නියමිතව තිබුණත් කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් එය පැවැත්වීම පිළිබඳව අවධානමක් මතුවිය. මෙම තත්ත්වය මත තරගාවලිය වෙනත් රටක පැවැත්වීම කෙරෙහි ආසියානු ක්‍රිකට් කවුන්සිල බලධාරීන්ගේ අවධානය යොමු වී තිබුණත් එය පැවැත්වීමට නියමිතව තිබූ සැප්තැම්බර් මස වන විටත් කොරෝනා වෛරස් තත්ත්වය පාලනය කිරීමට නොහැකි තත්ත්වයක පැවැතීම නිසා තරගාවලිය ලබන වසර දක්වා කල් දැමීමට තීරණය කෙරිණ.

තරගාවලිය මෙම වසරේ පැවැත්වීම සදහා ආසියානු ක්‍රිකට් කවුන්සිල විධායක කවුන්සිලය කීප වතාවකදීම රැස්වුණු අතර නියමිත කාල සටහනට අනුව තරගාවලිය පැවැත්වීමට එහිදී හැකි සෑම පියවරක්ම ගනු ලැබීය.

සංචාරක අවස්ථාවන් සීමා කිරීම, ඒ ඒ රට අනුව වූ විශේෂිත නිරෝධායන අවශ්‍යතා, මූලික සෞඛ්‍ය අවධානම් සහ සමාජ දුරස්ථ භාවය යන කරුණු මෙම වසරේ ආසියානු කුසලාන තරගාවලිය නොපැවැත්වීමට බලපෑ ප්‍රධාන කරුණු වේ. ඊට අමතරව ක්‍රීඩකයින්ගේ සහ සහාය කාර්යය මණ්ඩලයේ සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳ අවධානම මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට වැදගත්ම පිරිස වන වාණිජ හවුල්කරුවන් සහ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව පිළිබඳවද මෙහිදී අවධානය යොමුවී තිබේ. 

මාධ්‍ය අංශය 

ශ්‍රී ලංකා ක්‍රිකට්

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

USD United States (US) dollar