slc
logo
Home   |    News
අගෝස්තු 26, 2020
දේශීය පළමු පෙළ වැඩිම ලකුණු ලාභියාගේ වාර්තාව දිනේෂ් චන්දිමාල්ට

sinhala editor

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ අවසන් සති අන්තයේදී සැරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව අනුකම්පා විරහිත පිතිහරඹයක නිරත වුණු යුද හමුදා කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකාවේ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පිතිකරුවකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කීවේය. පන්දු 391 කදී වාර්තා වුණු චන්දිමාල්ගේ නොබිඳුණු ලකුණු 354 ක ඉනිම හයේ පහර 9 කින් සහ හතරේ පහර 33 කින් වර්ණවත් විය.

චන්දිමාල්ගේ සුවිශේෂී ත්‍රිත්ව ශතකය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ වාර්තා වුණු 10 වැනි ත්‍රිත්ව ශතකය වුණු අතර එය පළමු පෙළ තරග අතර ලැයිස්තු ගත කිරීමේදී මහේල ජයවර්ධන විසින් 2006 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී රැස් කරන ලද ලකුණු 374 ට පමණක් දෙවැනි වේ.

ජාත්‍යන්තර ටෙස්ට් තරග අංශය යටතේ මහේල ජයවර්ධන හැරුණු කොට ඉන්දියාවට එරෙහිව සනත් ජයසූරිය රැස් කරන ලද 340 ත්, බංග්ලාදේශයට එරෙහිව කුමාර් සංගක්කාර රැස් කරන ලද ලකුණු 319 ක ඉනිම හැර මෙරට දේශීය ක්‍රිකට් පිටියේදී වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ලෙසින් චන්දිමාල් විසින් අද රැස් කරන ලද ලකුණු 354 ක ඉනිම සටහන් විය. චන්දිමාල් විසින් අද බිඳ හෙළන ලද්දේ 2015 වසරේදී ටැමිල් යුනියන් කණ්ඩායම නියෝජනය කළ කිත්රුවන් විතානගේ, ගුවන් හමුදා පිලට එරෙහිව රැස් කරන ලද ලකුණු 351 ක ඉනිම විය.

පළමු පෙළ තරග දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වුණු මෙම සුවිශේෂී ඉනිමත් සමඟ මෙවර තරග වාරයේදී ලකුණු 1000 සීමාව ඉක්මවා ගිය දෙවැනි පිතිකරුවා බවට පත්වීමට චන්දිමාල්ට අවස්ථාව උදාවිය. කෙසේ වෙතත් අද දිනයේදී චන්දිමාල් තවත් ලකුණු 13 ක් ලබා ගත්තේ නම් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙසින් එන්.සී. සී. කණ්ඩායමේ ළහිරු උදාර ලබා සිටින ලකුණු 1039 ඉක්මවා යෑමේ අවස්ථාව අවස්ථාව තිබිණ. මෙවර තරග වාරයේදී තරග 8 කට ක්‍රීඩා කළ චන්දිමාල් මේ වන විට ඉනිම 13 කදී ලකුණු 1027 ක් රැස් කරගෙන සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 93.36 ක් රඳවා තබා ගනිමිනි. එම ලකුණු සාමාන්‍ය මෙම තරගාවලියේදී පිතිකරුවකු ලබා ඇති ඉහළම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලෙසින් සටහන් වේ.  

ක්‍රීඩකයා ලකුණු
මහේල ජයවර්ධන 374
දිනේෂ් චන්දිමාල් 354*
කිත්රුවන් විතානගේ 351
මිනෝද් භානුක 342
තිළිණ කණ්ඩම්බි 340*
සනත් ජයසූරිය 340
කුසල් පෙරේරා 336
කුමාර් සංගක්කාර 319
උදාර ජයසුන්දර 318
රමේෂ් මෙන්ඩිස් 300

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee