slc
logo
Home   |    News
අගෝස්තු 18, 2020
ප්ලේට් තරගාවලියේ මුවර්ස් පළමු ජය ලබයි

Sri Lanka Cricket

අන්තර් සමාජ පළමු පෙළ තුන්දින ක්‍රිකට් තරගාවලියේ ප්ලේට් තරග වටය යටතේ අද නිමාවට පත් වුණු තරග අතුරින් ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 44 ක ජයක් වාර්තා කිරීමට මුවර්ස් ක්‍රීඩකයෝ සමත්වූහ. ඉතිරි තරග පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනෙමින් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය.

ප්ලේට් තරග වටයේ පැවැති තරගවටයේදී ඉනිමක වැඩි ලකුණු ලාභියා බවට ලන්කන් කණ්ඩායම් නායක චානක රුවන්සිරි පත්විය. ඔහු එස්. එස්. සී. පිලට එරෙහිව ලකුණු 165 ක් ලබා ගත් අතර ඔහුට අමතරව එස්. එස්. සී පිලේ දසුන් ශානක 112 සහ බදුරලිය ක්‍රීඩා සමාජයේ දුශාන් හේමන්ත ශතක වාර්තා කළහ.

මීගමුවට එරෙහි තරගයේදී ලකුණු 138 කට කඩුලු 6 ක් දැවී ගොස් තිබියදී පරාජය පෙනි පෙනී තිබූ තරගය ජය පැරදුමෙන් තොර තරගයක් දක්වා රැගෙන යෑමේ පූර්ණ ගෞරවය මැද පෙළ පිතිකරු දුශාන් හේමන්ත වෙත හිමිවිය යුතුය. පන්දු 112 කදී ඔහු රැස් කරන ලද ලකුණු 115 ක වටිනා ඉනිම නොවන්නට මීගමුව පිල විසින් බදුරලියට එරෙහිව පූර්ණ තරග ජයග්‍රහණයක් වාර්තා කරනවා නොඅනුමානය.

ධනංජය ගඟට ඉනි කපයි

ධනංජය ද සිල්වා තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීමට සමත් වුවද සෙසු ක්‍රීඩකයින්ගෙන් ලැබිය යුතු සේවය නොලැබී යෑම නිසා ධනංජයගේ උත්සාහ ගඟට ඉනි කැපුවා වැනි විය. මුවර්ස් පිල පළමු ඉනිම ලකුණු 206 කට සීමා කිරීම සඳහා ලකුණු 59 කට කඩුලු 7 ක්ද දෙවැනි ඉනිමේදී ලකුණු 50 කට කඩුලු 5 ක්ද දවා පන්දුවෙන් ද පළමු ඉනිමේදී නොදැවී ලකුණු 95 ක්ද රැස් කරමින් ටැමිල් යුනියන් පිල තනි අතින් ඔසවාලීමට උත්සාහ ගත්තේය.

ටැමිල් යුනියන් පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 200 ක ඉලක්කයක් හිමි වුණත් ප්‍රවීන් ජයවික්‍රම විසින් ලකුණු 91 ක් ඇතුළත ප්‍රතිවාදී පිලේ කඩුලු 6 ක් දවා ගැනීමට සමත්වීම නිසා තේ පානයට පෙරම ටැමිල් යුනියන් පිල ලකුණු 44 කින් පරදවාලීමට මුවර්ස් කණ්ඩායම සමත්විය.

මුවර්ස් පළමු ඉනිම පන්දුවාර 71.2 දී ලකුණු 206යි – (නිපුන් කරුණානායක 44, දිනුක දිල්ෂාන් 43, මොහොමඩ් ෂමාස් 23, රමේෂ් මෙන්ඩිස් 22, ධනංජය ද සිල්වා 59/7, ඉසුරු උදාන 21/1යි)

ටැමිල් යූනියන් පන්දුවාර 52 කදී සියලු දෙනා දැවී ලකුණු 178 යි – (ධනංජය ද සිල්වා 95*, රන්මිත් ජයසේන 18, මනෝජ් සරත්චන්ද්‍ර 19, ඉසුරු උදාන 15, ප්‍රවීන් ජයවික්‍රම 53/5, රමේෂ් මෙන්ඩිස් 39/3)

මුවර්ස් දෙවැනි ඉනිම පන්දුවාර 46.1 කදී ලකුණු 171 යි – (පබසර වඩුගේ 44, අයන සිරිවර්ධන 42, කවිෂ්ක අංජුල 43, රමේෂ් මෙන්ඩිස් 17, සචිත්‍ර සේරසිංහ 12, ධනංජය ද සිල්වා 50/5, මදුක ලියනපතිරණ 30/2,සදීෂ් පතිරනගේ 54/2)

ටැමිල් යුනියන් පන්දුවාර 36.3 කදී ලකුණු 155 යි – (සුරංග ලක්මාල් 40, ඉසුරු උදාන 18, දක්ෂිත ප්‍රනාන්දු 20, තරංග පරණවිතාන 30, මනෝජ් සරත්චන්ද්‍ර 15, ප්‍රවීන් ජයවික්‍රම 91/6, රමේෂ් මෙන්ඩිස් 18/2)

දෙපිළම ලකුණු 300 සීමාව ඉක්මවති

පිතිකරුවන්ගේ දක්ෂතා ඔප නැංවුණු මෙම තරගයේදී දෙපිළම පළමු ඉනිමේදී ලකුණු 300 එහා ලකුණු වාර්තා කිරීම කැපී පෙනිණ. එහිදී එස්. එස්. සී, පිල ලකුණු 332 ක් රැස් කරද්දී ලන්කන් පිල ලකුණු 375 ක් ලබා පළමු ඉනිමේ පෙරමුණට පැමිණියේය.

ලකුණු 34 ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරැඹූ එස්. එස්. සී. පිල තෙවැනි දිනට තරගය නිමා කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 226 ක් ලබා සිටියේය. 

එස්.එස්.සී පළමු ඉනිම පන්දුවාර 76දී සියලු ක්‍රීඩකයන් දැවී 332 – දසුන් ශානක 112, ෂම්මු අෂාන් 54, සඳුන් වීරක්කොඩි 32, නවිනිඳු ප්‍රනාන්දු 22, කේෂාන් විජේරත්න 93/3, දුනිත් වෙල්ලාලගේ 97/3)

ලන්කන් පළමු ඉනිම පන්දුවාර 119.4 කදී ලකුණු 375 යි – (චානක රුවන්සිරි 165, ගීත් කුමාර 60, ප්‍රිමෝෂ් පෙරේරා 34, ළහිරු ඩිල්ෂාන් 18, කේෂාන් විජේරත්න 21, කසුන් අබේරත්න 22, ජෙෆ්රි වැන්ඩර්සි 117/5), කලන පෙරේරා 54/3)

එස්.එස්.සී. දෙවැනි ඉනිම පන්දුවාර 48 කදී කඩුලු 4 ට ලකුණු 226 යි – (සඳුන් වීරක්කොඩි 67, නුවනිඳු ප්‍රනාන්දු 45, චරිත් අසලංක 34, කවිඳු කුලසේකර 33, දසුන් ශානක 23, ගීත් කුමාර 49/3)

දුශාන්ගේ ශතකය මීගමුවේ ජය වළකයි 

ලකුණු 138 කට ඉදිරි පෙළ කඩුලු 6 ක් දවා ගනිමින් ජයග්‍රහණය අත පොවන මායිමට පැමිණීමට මීගමුව ක්‍රීඩා සමාජය සමත්විය. එහෙත් අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිස් දුශාන් හේමන්ත පන්දු 112 කදී රැස් කරන ලද ලකුණු 115 ක ඉනිම හේතුවෙන් මීගමුව පිලේ අතේ තිබූ ජයග්‍රහණය උදුරා ගනිමින් ජය පැරදුමෙන් තොව තරගය අවසන් කර ගැනීමට සමත්වූවේය.

නායක අලංකාර අසංකට එක්වූ දුශාන් හේමන්ත හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81 ක්ද 9 වැනි කඩුල්ල වෙනුවෙන් සහන් ජයවර්ධන සමඟ ලකුණු 57 ක සම්බන්ධතාවයක් පවත්වමින් බදුරලිය කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 276 ක් දක්වා ඉහළ දැමීමට දායකත්වය දැක්වීය.

මෙම තරගයේදී උපුල් ඉන්ද්‍රසිරි පළමු ඉනිමේ ලකුණු 65 කට කඩුලු 5 ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 85 කට කඩුලු 5 ක් දවාලමින් සමස්ථ තරගයේ ලකුණු 140 කට කඩුලු 10 ක් බිඳ හෙළීමට සමත්වූවේය. 

බදුරලිය පළමු ඉනිම පන්දු වාර 84.5දී සියලු ක්‍රීඩකයන් දැවී 267 යි – (සළින්ද පෙරේරා 51, දුනිත් ජයතුංග 57,දමිත් පෙරේරා 43, තිලකරත්න සම්පත් 28, දුෂාන් හේමන්ත 22, යශෝධ ලංකා 22, උපුල් ඉන්ද්‍රසිරි 65/5, ලක්ෂිත මුණසිංහ 65/3)

මීගමුව පළමු ඉනිම පන්දුවාර 105.2 කදී ලකුණු 381 යි – (ඩිල්ෂාන් මුණවීර 91, අෂේන් සිල්වා 30, ඇන්ජලෝ ජයසිංහ 66, මාධව වර්ණපුර 87, රොස්කො තටිල් 33, උපුල් ඉන්ද්‍රසිරි 38, දුෂාන් හේමන්ත 82/4, බුද්ධික සංජීව 90/2, අලංකාර අසංක 43/2)

බදුරලිය දෙවැනි ඉනිම පන්දුවාර 69.1 කදී ලකුණු 276 යි – (දුශාන් හේමන්ත 115, දුනිත් ජයතුංග 48, යශෝධ ලංකා 15, සලින්ද උශාන් 19, ළහිරු මිලන්ත 16, ටී.එන්. සම්පත් 20, අලංකාර අසංක 13, ලක්ෂිත මුණසිංහ 97/5, උපුල් ඉන්ද්‍රසිරි 85/5)

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest