slc
logo
Home   |    News
අගෝස්තු 31, 2020
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් විද්‍යාර්ථයට ක්‍රිකට් උපකරණ තොගයක්

Sri Lanka Cricket

මහනුවර විද්‍යාර්ථ විදුහලේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා උපකරණ සහ ක්‍රීඩාංගණය සැකසීම සදහා භාවිත කරන අංග සම්පූර්ණ උපකරණ තොගයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් ඉකුත්දා පිරිනමන ලදී. නිත්තවෙල පිහිටා ඇති විද්‍යාර්ථ විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම භාණ්ඩ ප්‍රදානය එම විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වන රංජිත් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව විසින් මෙම ක්‍රීඩා භාණ්ඩ ලබාදීමට පියවර ගෙන තිබෙන අතර, එම අවස්ථාවට එම විදුහලේ සියළුම වයස් කාණ්ඩ නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් සහභාගිවීම කැපී පෙනුණි.

සියළුම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි ක්‍රීඩා ආම්පන්න, ලණු පැදුරක් (මැටින්), පුහුණු පැති විකට්ටු සහ පන්දු යැවීමේ යන්ත්‍ර මෙන්ම යටිතල පහසුකම් සපයා ගැනීම සඳහා භාවිත කරණ තණතීරු තලන යන්ත්‍ර සහ කණකොළ කපන යන්ත්‍රද ලබා දුන් ආම්පන්න තොගයට ඇතුළත් වේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee