slc
logo
Home   |    News
අගෝස්තු 16, 2020
සුපිරි 8 තරග වටය : නායකයන්ගෙන් ආදර්ශ ඉනිම රැසක්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ සුපිරි 8 තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සති අන්තයේ ප්‍රථම දිනය වූ සෙනසුරාදා සැරසන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින සී.සී.සී. කණ්ඩායමට එරෙහිව පළමු ඉනිම අභිබවා යෑමට සමත්වීම කැපී පෙනුණි.

කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු සී.සී.සී කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 142කට සීමාකළ සැරසන්ස් ක්‍රීඩකයෝ දිනය නිමාවන විට කඩුලු 7කට ලකුණු 148 ක් ලබා පළමු ඉනිමේ ජය තහවුරු කරගෙන සිටියහ. 

සී, සී. සී. පිල සුණු විසුණු කර දැමූ සැරසන්ස් ආරම්භක පන්දු යවන කසුන් රජිත ලකුණු 63කට කඩුලු පහක් දවාලමින් පළමු ඉනිමේ වැඩි ගෞරව හිමිකරගත් කණ්ඩායම බවට පත්විය. සී.සී.සී පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවියද්දී ආරම්භක පිතිකරු මිනෝද් භානුක පන්දු 122කදී හයේ දෙකක් හතරේ 11ක් සමග ලකුණු 92ක් ලබා තනිව සටන් කරමින් ඉනිමේ අවසන් පිතිකරුවා ලෙසින් දැවී ගියේය. 

හලාවත මේරියන්ස් නායක ෂෙහාන් ජයසූරිය (95) සැරසන්ස් නායක මිලින්ද සිරිවර්ධන (89) සහ බී.ආර්.සී. නායක භානුක රාජපක්ෂ (115) තම තරගවලදී නායකත්වයේ ඉනිම් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලබා කණ්ඩායම් අසීරු තත්ත්වයන්ගෙන් මුදවා ගත්හ.

බී.ආර්.සී අංක 10 පිතිකරු දුමිඳු තිලකරත්න තම කණ්ඩායමේ නවවන සහ දසවන කඩුලුවලට ලකුණු 67ක් සහ 45ක් ලබා පෞද්ගලිකව නොදැවී 53ක් ද රැස්කර කරමින් පිතිකරුවක් ලෙස දක්ෂතා දැක්වීද කැපී පෙනුණි.

සී.සී.සී – සරසන්ස්

සැරසන්ස් මුල් ඉනිමේ පෙරමුණට 

එස්.එස්.සී.ක්‍රීඩාංගණයේ ආරම්භවූ මේ තරගයේදී කණ්ඩායම් දෙකේම මුල් ඉනිම් අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමාවුවත් සැරසන්ස් කණ්ඩායමේ නායක මිලින්ද සිරිවර්ධන හුදකලා සටනක නිරතවෙමින් පන්දු 88කට මුහුණ දී හයේ පහර දෙකක් හා හතරේ පහර 14ක් සමග ලකුණු 89ක් ලබාගැනීමට සමත්විය. කසුන් රාජිතට අමතරව සමන් ජීවන්ත කඩුලු තුනක්ද දවාලීම මත ප්‍රබල සී.සී.සී මුල් ඉනිම ලකුණු 142කට සීමාවිණි.

සී.සී.සී පළමු ඉනිම පන්දුවාර 40.4කදී 142යි – (මිනෝද් භානුක 92 ,අෂාන් ප්‍රියංජන් 22, රොන් චන්ද්‍රගුප්ත 10, කසුන් රාජිත 63/5 සමන් ජීවන්ත 33/3)

සැරසන්ස් පළමු ඉනිම පන්දුවාර 37කදී කඩුලු 7ට 148යි – (මිලින්ද සිරිවර්ධන 89, චාමිකර එදිරිසිංහ 17*, ළහිරු ගමගේ 24/4, විශ්ව ප්‍රනාන්දු 24/2)

හලාවත මේරියන්ස් – යුද හමුදාව

ෂෙහාන් මේරියන්ස්ට  ජීවය දෙයි

හලාවත මේරියන්ස් නායක ෂෙහාන් ජයසූරිය ප්‍රබල පිති හරඹයක නිරතවෙමින් ශතකය පෙනී පෙනී ලකුණ 95කට දැවීගියේ පන්දු 147කට මුහුණ දී හතරේ පහර නවයක් එල්ල කර සිටියදීය. ෂෙහාන් පස්වන කඩුල්ලට පුලින තරංග සමග ලකුණ 87ක් රැස්කළේ පන්දු වාර 27කදීය.

මේරියන්ස් කණ්ඩායම පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 269ට පිළිතුරු ලෙස ප්‍රථම දිනය නිමාවන විට යුද හමුදාව ලකුණු පහක් පමණක් ලබාසිටියේ කඩුලු දෙකක්ම දැවීයාමෙනි. මේරියන්ස් කණ්ඩායමේ පුලින තරංග (41) ඕෂද ප්‍රනාන්දු (38) සහ තීක්ෂිල ද සිල්වා (22) ලකුණු අතරට ඒමට මෙදින සමත්වූහ.

මේරියන්ස් පළමු ඉනිම පන්දුවාර 82.3කදී ලකුණු 269යි – (ෂෙහාන් ජයසූරිය 95, පුලින තරංග 41, ඕෂද ප්‍රනාන්දු 38, තීක්ෂිල ද සිල්වා 22, දුෂාන් විමුක්ති 90/3, අසේල ගුණරත්න 37/3)

යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 5දී කඩුලු 2ට ලකුණු 5යි.

බී.ආර්.සී – එන්.සී.සී

භානුක රාජපක්ෂගෙන් වේගවත් ශතකයක් 

කටුනායක නිදහස් වෙළද කලාප ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී බී.ආර්.සී නායක භානුක රාජපක්ෂ වේගවත් පිතිහරඹයක නියැළෙමින් පන්දු 82කට පමණක් මුහුණදී හයේ පහර හයක් සහ හතරේ12ක් සමගින් ලකුණු 115ක් ලැබීය.

කණ්ඩායමේ අංකය දහය පිතිකරු දුමිඳු තිලකරත්න පන්දු 108 කදී හතරෙ හයක් සමග නොදැවී ලකුණු 53ක් ලබාගත්තේ හසේන් රාමනායක සමග නවවන කඩුල්ලට ලකුණු 67ක් ද දසවන කඩුල්ලට සාරාෂ් මොහොමඩ් සමග ලකුණු 45ක්ද එක්කරමිනි.

බී.ආර්.සී පළමු ඉනිම පන්දුවාර 86.3කදී ලකුණු 316යි  – (භානුක රාජපක්ෂ 115, දුමිදු තිලකරත්න  53*, හසේන් රාමනායක 36, දේශාන් ඩයස් 31, දිල්ෂාන් සොයිසා 27, මොහොමඩ් සාරාෂ් 24,අෂේන් ඩැනියල් 98/4, ළහිරු කුමාර 63/2යි.

රාගම සී.සී. – කෝල්ට්ස් සී.සී

සමබර තරගයක්

සී.සී.සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන රාගම කණ්ඩායමේ සමින්ද්‍ර ප්‍රනාන්දු (73) සහ මධුශංඛ ප්‍රනාන්දු (57) ලබාගත් අර්ධ ශතක මත මුල් ඉනිමේදී ලකුණු 258ක් කරා යෑමට රාගම කණ්ඩායමට අවස්ථාව උදාවිය. එහෙත් කෝල්ට්ස් කණ්ඩායමද දිනය නිමවන විට කඩුලු 2කට ලකුණු 76ක් ලබා මුල් ඉනිමේදී විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යන පෙර නිමිති පහළ කර සිටියේය. සමින්ද්‍ර ප්‍රනාන්දු සහ ළහිරු තිරිමාන්න පළමු කඩුල්ලට 105ක් එක්කළහ.

රාගම පළමු ඉනිම පන්දුවාර 63කදී සියලුදෙනා දැවී 258යි –     (සමින්ද්‍ර ප්‍රනාන්දු 73, මධුශංඛ ප්‍රනාන්දු 57, උදාර ජයසුන්දර 30, ළහිරු තිරිමාන්න 29, ජනිත් ලියනගේ 25, අකිල ධනංජය 24/4,ප්‍රභාත් ජයසූරිය 76/3, සංතුෂ් ගුණතිලක 36/2)

කොල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 25දී කඩුලු 2කට 76යි – (සංතුෂ් ගුණතිලක 30*, ඇන්ජලෝ මැතිව්ස් 17*, සධීර සමරවික්‍රම 14, අවිශ්ක ප්‍රනාන්දු 14, ඉෂාර ජයරත්න 15/1)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee