By Chamila Karawita
මාස 5 ක විරාමයකින් පසු ආරම්භ වුණු අන්තර් සමාජ පළමු පෙළ තුන් දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ පළමු පූර්ණ තරග ජය වාර්තා කිරීමට කොළඹ ක්‍රිකට් සමාජ පිල අද (12 දා) සමත්විය. රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති එම තරගයේදී තුන් ඉරියව්වෙන්ම දක්වන ලද සුපිරි දක්ෂතා හේතුවෙන් ඉනිමක සහ ලකුණු 125 ක ජයක් වාර්තා කිරීමට සී. සී. සී. පිලට හැකියාව ලැබිණ.
මෙම තරගයට අමතරව සුපිරි 8 තරග වටය යටතේ තවත් තරග 3 ක් පැවැති නමුත් එම තරග 3 ම පළමු ඉනිමේ ජයග්‍රහණ වලට සීමා වෙමින් නිමාවට පත්විය. එහිදී හලාවත් මේරියන්ස්, එන්. සී. සී. සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කළහ. මෙම තරග අතුරින් ලකුණු 494 ක ඉලක්කයක් හඹා යමින් සිටි බී. ආර්. සී, පිලේ පළමු කඩුලු 7 ම ලකුණු 103 කදි බිඳ දමමින් හලාවත මේරියන්ස් කණ්ඩායම ජයග්‍රහණයේ ආසන්නයටම පැමිණියද ඩිල්ෂාන් ද සොයිසා විසින් නොදැවී රැස් කරන ලද ලකුණු 105 ක ඉනිම එම ජයග්‍රහණයේ හරහට හිටියේය.
මේ අතර ප්ලේට් ශූරතාව යටතේ පැවැති තරග අතුරින් මීගමුව ක්‍රීඩා සමාජය විසින් ලන්කන් කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට සමත්වූ අතර සෙසු තරග 2 ම පළමු ඉනිමේ ජයග්‍රහණ වලට සීමාවෙමින් නිමාවට පත්විය. එහිදී ටැමිල් යුනියන් පිල විසින් එස්. එස්. සී. පිලද මුවර්ස් කණ්ඩායම විසින් බදුරලිය ක්‍රීඩා සමාජයද පළමු ඉනිමේදී පරාජයට පත් කළහ.
සුපර් 8 ලීග් ශූරතාව
සී.සී.සී.- රාගම
මාලින්දගේ පන්දු යැවීමෙන් සී.සී.සී. ජය ඉක්මන් වෙයි
කටුනායක හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජ පිටියේ පැවැති මෙම තරගයේදී ලකුණු 367 ක් පසුපසින් සිට ඉනිමක පරාජයෙන් බේරීමේ සටන ආරම්භ කළ රාගම ක්‍රීඩකයින්ට වමත් දඟ පන්දු යවන මාලින්ද පුෂ්පකුමාර ඇතුළු සී. සී. සී. පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ දෙවැනි ඉනිමේදී රැස් කරගත හැකි වූයේ ලකුණු 242 ක් පමණි.
පන්දු යැවීමෙන් කැපී පෙනුණු පුෂ්පකුමාර ලකුණු 55 කට කඩුලු 4 ක් බිඳ හෙළමින් සමස්ථ තරගයේදීම කඩුලු 8 ක් දවා ගැනීමට සමත්විය. ඔහුට අමතරව පිත්තෙන් සාර්ථක වුණු අශාන් ප්‍රියන්ජන් සහ වනිඳු හසරංගද රාගම කණ්ඩායමේ කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
සී. සී. සී. පළමු ඉනිම පන්දුවාර 117 කදී කඩුලු 7 ට ලකුණු 499 යි – (මිනෝද් භානුක 88, කුසල් මෙන්ඩිස් 139, අශාන් ප්‍රියන්ජන් 58, වනිඳු හසරංග 88, ළහිරු මධුශංක 57, සොනාල් දිනූෂ 29, මාලින්ද පුෂ්පකුමාර 12*, බිනුර ප්‍රනාන්දු 72/4)
රාගම සී.සී.පළමු ඉනිම පන්දුවාර 41.2 කදී ලකුණු 132 – (ජනිත් ලියනගේ 43*, රොෂේන් සිල්වා 27, මලින්ද පුෂ්පකුමාර 35/4, වනිඳු හසරංග 36/2, ළහිරු මධුශංඛ 16/2) සහ දෙවැනි ඉනිම පන්දුවාර 58.3 කදී සියලුදෙනා දැවී ලකුණු 242 යි – (ජනිත් ලියනගේ 50*, රොෂේන් සිල්වා 41, සුපේෂල ජයතිලක 19, නිෂාන් මදුෂ්ක 29, ඉෂාන් ජයරත්න 35, බිනුර ප්‍රනාන්දු 29, සමින්ද ප්‍රනාන්දු 23, මාලින්ද පුෂ්පකුමාර 55/4, වනිඳු හසරංග 66/2, අශාන් ප්‍රියන්ජන් 64/2)
යුද හමුදාව – එන්.සී.සී.
චන්දිමාල්-ඩිල්ෂාන් ශතක සම්බන්ධතාවයක
![](https://srilankacricket.lk/storage/2020/08/JDK_3419-1-1024x683.jpg)
ලකුණු148 ක් පසුපසින් සිට ඉනිමක පරාජයෙන් බේරීමේ සටන ඇරඹූ යුද හමුදා කණ්ඩායමේ පළමු කඩුලු 2ම ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට එන්. සී. සී. පිලේ දිලේෂ් ගුණරත්න සමත් වුවත් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ශතක සම්බන්ධතාවක් පැවැත්වූ හිටපු ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සහ තුලින ඩිල්ෂාන් තරගය නිමා කරන විට කඩුලු 3 කට ලකුණු 255 ක් දක්වා යුද හමුදා පිල ස්ථාවර ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ඒමට සමත්වූහ.
එහිදී පිත්තෙන් කැපී පෙනුණු චන්දිමාල් පන්දු 154 කදී ලකුණු 129 ක්ද ආරම්භක පිතිකරු තුලින ඩිල්ෂාන් පන්දු 188 කදී ලකුණු 116 ක්ද ලබා ගත්හ. අවසන් හෝරාව එළැඹෙත්ම දෙපිළේ කැමැත්තෙන් නියමිත වේලාවට පෙර තරගය නතර කර දමන අවස්ථාවේදී කඩුල්ලේ නොදැවී සිටි ඩිල්ෂාන්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ තවත් හතරේ පහර 12 කින් වර්ණවත් වී තිබිණ. තරගය නිමා වීමට පන්දුවාර 4 ක් තිබියදී චන්දිමාල්ගේ ඉනිම හමාර වූ අතර ඒ වන විටත් හතරේ පහර 15 ක් ඇතුළත්ව තිබිණ.
යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 84.1 කදී ලකුණු 269 යි – (අසේල ගුණරත්න 50, තුලින ඩිල්ෂාන් 14, හිමාෂ ලියනගේ 46, දිනේෂ් චන්දිමාල් 19, මහේෂ් කුමාර 41, ජනිත් සිල්වා 54, යශෝධ මෙන්ඩිස් 12, චතුරංග සිල්වා 18*, චතුරංග ද සිල්වා 90/3, දිලේෂ් ගුණරත්න 42/5) සහ දෙවැනි ඉනිම පන්දුවාර 60 කදී කඩුලු 3 ට ලකුණු 255 යි – (දිනේෂ් චන්දිමාල් 129, තුලින ඩිල්ෂාන් 116*, දිලේෂ් ගුණරත්න 13/2)
එන්.සී.සී පළමු ඉනිම පන්දුවාර 88 කදී කඩුලු 7 කට ලකුණු 417 යි – (උපුල් තරංග 121, ළහිරු උදාර 105, හසිත බෝයගොඩ 15, නිරෝෂන් දික්වැල්ල 11, ඇන්ජලෝ පෙරේරා 29, මහේල උඩවත්ත 77, සහන් ආරච්චිගේ 25, චාමික කරුණාරත්න 30*, ප්‍රසන්න සික්කුගේ 91/3)
![](https://srilankacricket.lk/storage/2020/08/Lahiru-Udara-R-96-1-1024x683.jpg)
කොල්ට්ස් – සැරසන්ස්
විසඳුමකින් තොර තරගයේ වැඩි ගෞරව කෝල්ට්ස් පිලට
කෝල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 128.2 කදී කඩුලු 6 ට ලකුණු 408 යි – (ඇන්ජලෝ මැතිව්ස් 173*, සංතූෂ් ගුණතිලක 100, සධීර සමරවික්‍රම 41, අවිශ්ක ප්‍රනාන්දු 66, සධීර සමරවික්‍රම 41 කසුන් රාජිත 85/3, පී.මධුවන්ත 72/2)
සැරසන්ස් පළමු ඉනිම පන්දුවාර 81.2 කදී ලකුණු 182 යි – (නවිඳු විතානගේ 32, කණිෂ්ක අමරසිංහ 45, මිලින්ද සිරිවර්ධන 27, සාලිය සමන් 38, චාමිකර එදිරිසිංහ 12*, නිසල තාරක 34/3, ඩිල්ෂාන් මදුශංක 41/2, ප්‍රභාත් ජයසූඋරිය 30/2) සහ දෙවැනි ඉනිම පන්දුවාර 40 කදී කඩුලු 3 කට ලකුණු 106 යි – (සිතාර ගිම්හාන් 27, නවිඳු විතානගේ 34, ගමිඳු කණිෂ්ක 23, මිලින්ද සිරිවර්ධන 17*, අකිල ධනංජය 19/2)
හලාවත මේරියන්ස් – බී.ආර්.සී.
හලාවත මේරියන්ස් පළමු ඉනිම පන්දුවාර 47.2 කදී ලකුණු 195 යි – ඕෂධ ප්‍රනාන්දු 42, රුමේෂ් බුද්ධික, පුලින තරංග 40, කසුන් විදුර 38, තික්ෂිල ද සිල්වා 35, අසිත ප්‍රනාන්දු 12, භානුක රාජපක්ෂ 26/3, හෂේන් රාමනායක 43/3, දුවිඳු තිලකරත්න 54/3) සහ දෙවැනි ඉනිම පන්දුවාර 89.2 කදී කඩුලු 8 ට ලකුණු 385 යි – (කමිඳු මෙන්ඩිස් 150*, ෂෙහාන් ජයසූරිය 35, ලසිත් කෲස්පුල්ලේ 15, කසුන් අධිකාරි 87, තික්ෂිල ද සිල්වා 41*, නිමේෂ් විමුක්ති 11, භානුක රාජපක්ෂ 60/3, දුවිඳු තිලකරත්න 71/2)
බී.ආර්.සී.පළමු ඉනිම පන්දුවාර 34.2 කදී ලකුණු 87 යි – (දේශාන් ඩයස් 24, ලසිත් ලක්ෂාන් 18, අසිත ප්‍රනාන්දු 42/4, තීක්ෂිල ද සිල්වා 13/3, නිමේෂ් විමුක්ති 6/3) සහ දෙවැනි ඉනිම පන්දුවාර 80 කදී කඩුලු 8 ට ලකුණු 231 යි – (ඩිල්ෂාන් ද සොයිසා 105*, දේශාන් ඩයස් 28, ශානුක විතානවසම් 25, ලසිත් ලක්ෂාන් 18, ලිසුල ලක්ෂාන් 11, හෂේන් රාමනායක 20*, කමිඳු මෙන්ඩිස් 43/4, පුලින තරංග 32/2, තික්ෂිල ද සිල්වා 23/2)
ප්ලේට් ශූරතාව
ලන්කන් සී.සී. – නිගම්බු සී.සී.
පළමු ඉනිමේ දිනූ ලන්කන් දෙවැනි ඉනිමේදී පරදියි
ලන්කන් ක්‍රීඩා සමාජය එරෙහිව මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 144 ක ඉලක්කයක් හඹා ගියප මීගමුව ක්‍රීඩා සමාජය එම ඉලක්කය කඩුලු 5 ක් දැවී සපුරා ගැනීමට සමත්විය. මෙම තරගයේදී විශේෂත්වය වූයේ ලන්කන් ක්‍රීඩා සමාජය පළමු ඉනිමේදී ලකුණු 32 කින් ජයග්‍රාහී මීගමුව ක්‍රීඩා සමාජයට වඩා පසුපසින් සිටියද සමස්ථ තරගයේ ජය මීගමුව ක්‍රීඩා සමාජය විසින් අත්කර ගැනීමයි.
ලන්කන් පිල දෙවැනි ඉනිමේදී ලකුණු 111 කට දවා ගැනීම වෙනුවෙන් උපුල් ඉන්ද්‍රසිරි දක්ෂ පන්දු යැවීමක නිරත විය. ඔහු ලකුණු 34 කට ප්‍රතිවාදී පිලේ කඩුලු 5 ක් දවා ගන්නා ලද්දේ සමස්ථ තරගයේදීම කඩුලු 8 කට හිමිකම් කියමිනි. උපුල් අමතරව පළමු ඉනිමේදී ලක්ෂිත මුණසිංහද ලකුණු 85 කට කඩුලු 5 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ලන්කන් පන්දුවාර 68.2 කදී සියළු දෙනා දැවී ලකුණු 270 යි – (ළහිරු ඩිල්ෂාන් 43, ප්‍රිමෝෂ් පෙරේරා 10, චානක රුවන්සිරි 124, සවන් කංකානම්ගේ 14, කේෂාන් විජේරත්න 13, දුනිත් වෙල්ලාලගේ 37, ලක්ෂිත මුණසිංහ 85/5, උපුල් ඉන්ද්‍රසිරි 22/3) සහ දෙවැනි ඉනිම පන්දුවාර 50.3 කදී ලකුණු 111 යි – (රිසිත උපමාල් 36, චානක රුවන්සිරි 30, කසුන් අබේරත්න 20, උපුල් ඉන්ද්‍රසිරි 34/5, රොෂේන් ප්‍රනාන්දු 29/3)
මීගමුව පළමු ඉනිම පන්දුවාර 69.2 කදී ලකුණු 238 යි – (අෂේන් සිල්වා 53, මාධව වර්ණපුර 64, රොස්කො තටිල් 63, දුනිත් වෙල්ලාලගේ 66/3, චානක රුවන්සිරි 45/2, ගීත් කුමාර 33/2) සහ දෙවැනි ඉනිම පන්දුවාර 36.5 කදී කඩුලු 5 ට ලකුණු 147 යි – (රොස්කෝ තටිල් 38*, මාධව වර්ණපුර 33*, පසිඳු ලක්ෂංක 29, ඩිල්ෂාන් මුණවීර 25, අෂේන් සිල්වා 18, දුනිත් වෙල්ලාලගේ 60/3)
එස්.එස්.සී- ටැමිල් යූනියන්
එස්.එස්.සී. පිතිකරුවන්ගෙන් සැර පිළිතුරක්
පළමු ඉනිමේ පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ එස්. එස්. සී. පිල තරගයනිමා වන විට ප්‍රතිවාදී ටැමිල් යුනියන් පිලට එරෙහිව කඩුලු 5 ක් දැවී ලකුණු 271 ක් රැස් කර ගැනීමට සමත්විය. එහිදී පිත්තෙන් කැපී පෙනුණු චරිත් අසලංක ලකුණු 94 ක් සහ සඳුන් වීරක්කොඩි ලකුණු 68 ක් ලෙසින් අර්ධ ශතක වාර්තා කළහ.
එස්.එස්.සී.පළමු ඉනිම පන්දුවාර 77.5 කදී 254 – (සචිත්‍ර සේනානායක 81, දසුන් ශානක 35, සදුන් වීරක්කොඩි 35, අකාෂ් සේනාරත්න 37, සුරංග ලක්මාල් 36/4, ඉසුරු උදාන 43/2) සහ දෙවැනි ඉනිම පන්දුවාර 63 කදී කඩුලු 5 ට ලකුණු 271 යි- (සඳුන් වීරක්කොඩි 68, චරිත් අසලංක 94, දසුන් ශාන්ක 30, ශම්මු අශාන් 37, ක්‍රිෂාන් සංජුල 20, මදුක ලියනපතිරණ 51/2)
ටැමිල් යූනියන් පළමු ඉනිම පන්දුවාර 102.4 කදී ලකුණු 349 යි – (රමිත් ජයසේන 82, තරංග පරණවිතාන 71, ධනංජය ද සිල්වා 53, දක්ෂිත ප්‍රනාන්දු 49, මදුක ලියනපතිරණ 25, සුරංග ලක්මාල් 10, ජෙෆ්රි වැන්ඩර්සි 91/4, සචිත්‍ර සේනානායක 63/3, ධම්මික ප්‍රසාද් 37/2)
මුවර්ස් – බදුරලිය
බදුරලිය නූලෙන් බේරෙයි
පන්දුවාර 40 කදී 494 ක ඉලක්කයක් බදුරලිය කණ්ඩායමට ලබා දුන් මෙම තරගයේදී කවිෂ්ක අංජුල විසින් ලකුණු 36 ට කඩුලු 6 ක් දවා ගනිමින් දක්වන ලද දක්ෂතාවය හේතුවෙන් නොසිතූ අවධානමකට මුහුණ දීමට බදුරලිය ක්‍රීඩා සමාජයට සිදුවිය.
බදුරලිය කණ්ඩායමේ 9 වැනි කඩුල්ල තරගය නිමා වීමට පන්දු 19 කට පෙර දැවී යෑම නිසා අදාළ අවදානම් තත්ත්වයට බදුරලිය කණ්ඩායමට මුහුණ දීමට සිදුවුවත් අවසන් පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි බුද්ධික සංජීව නායක අලංකාර අසංකට එක්වෙමින් තම කණ්ඩායම පරාජයෙන් බේරා ගැනීමට දායකත්වය දැක්වීය.
මුවර්ස් පළමු ඉනිම පන්දුවාර 100.2 කදී ලකුණු 340 යි – (අයන සිරිවර්ධන 83, කවිෂ්ක අංජුල 42, අදීෂ තිලංචන 53, දිනුක දිල්ෂාන් 46, ළහිරු සමරකෝන් 86/5, දුෂාන් හේමන්ත 57/2) සහ දෙවැනි ඉනිම පන්දුවාර 69.1 කදී කඩුලු 6 ට ලකුණු 305 යි – (සචිත්‍ර සේරසිංහ 60, නිපුන් කරුණානායක 58, රමේෂ් මෙන්ඩිස් 61, අදීෂ තිලංචන 28*, පබසර වඩුගේ 36, දිනුක දිල්ශාන් 11, ළහිරු සමරකෝන් 33/2)
බදුරලිය පළමු ඉනිම පන්දුවාර 45.5 කදී ලකුණු 149 – (උෂාන් පෙරේරා 67, දුෂාන් හේමන්ත 25, කවිශ්ක අංජුල 39/5, සචිත්‍ර සේරසිංහ 12/3) සහ දෙවැනි ඉනිම පන්දුවාර 40 කදී කඩුලු 9 ට ලකුණු 120 යි – (දුෂාන් හේමන්ත 43, සලිඳු උෂාන් 23, ළහිරු මිලන්ත 10, ළහිරු සමරකෝන් 17, කවිෂ්ක අංජුල 36/6, ප්‍රවීන් ජයවික්‍රම 43/3)