slc
Home   |    News
අගෝස්තු 9, 2020
සෞඛ්‍යයට මුල්තැන දෙමින් දේශීය තරග පිටිය යළිත් හෙට ඇරඹෙයි

Sri Lanka Cricket

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් අතර මඟ නවතා දැමුණු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යළිත් හෙට (10 දා) සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. කොරෝනා වෛරසයෙන් බලපෑම් ඇතිවීමෙන් පසු මෙරට ආරම්භ කරනු ලබන පළමු ක්‍රිකට් තරග ඉසව්ව බවට පත්වන්නේ මෙම තරගාවලිය වන අතර එය ලබන අගෝස්තු 27  අවසන්වනු ඇත.

කොරෝනා වෛරස් තත්ත්වයෙන් රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමත් සමඟ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අංශයේ උපදෙස් යටතේ මෙම ක්‍රිකට් ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. තරගවලට ක්‍රීඩා කිරීමේදී සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබෙන කරුණු වලට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රීඩාව කරගෙන යෑම සඳහා හඳුන්වා දී තිබෙන ප්‍රධාන කරුණු 4 ක් පිළිබඳව ද සියළුම කණ්ඩායම් දැනුවත් කර තිබේ. 

පන්දුව සමඟ සම්බන්ධ වන හැකි සෑම අවස්ථාවකදීම දෑත් විෂබීජ නාෂක දමා විෂබීජහරණය කිරීම, පන්දුව ඇල්ලීමෙන් පසු ඇස් – නාසය සහ මුඛ ස්පර්ෂ නොකිරීම, පන්දුව පිරිමැදීමේදී කෙළ භාවිතා නොකිරීම සහ පන්දුව හැසිරවීමේදී විනිශ්චයකරුවන් අත්වැසුම් පැළඳීම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු වීම එම කරුණු අතර ප්‍රධාන වී තිබේ. 

ඊට අමතරව ක්‍රීඩාංගණය තුළ මෙන්ම ඉන් පිටතදී ක්‍රීඩකයින් හැසිරිය යුතු ආකාරයන් පිළිබඳවද කරුණු කීපයක් එක් කර තිබේ. එහිදී ක්‍රීඩකයින් සහ විනිසුරුවන් අතර පිටිය තුළ වූ සමාජ දුරස්ථ භාවය පවත්වාගත යුතුවීම, ක්‍රීඩකයින් භාවිතා කරන භාණ්ඩ (හිස්වැසුම්, තුවා, අවු කණ්නාඩි වැනි දෑ) මින් ඉදිරියට විනිසුරුවන් අතට ලබා දිය නොහැකි වන අතර අනවශ්‍ය ලෙස පිටිය තුළ ක්‍රීඩකයින් ශරීරි සම්බන්ධතාවලින් වැළකී සිටිය යුතුවීම පිටිය තුළ අනුගමනය කළ යුතු කරුණු අතරට එක් කොට තිබේ. ක්‍රීඩා ගාර භාවිත කිරීමේදී සියළුම ක්‍රීඩකයින්, අවම වශයෙන් කාමර සහ නාන කාමර භාවිතා කිරීමට කටයුතු කිරීම, හැකිතරම් නිවසේදී ස්නානය කිරීමට ක්‍රීඩකයින්ව දිරිමත් කිරීම, සමාජ දුරස්ථ භාවය සහ ක්‍රීඩා ගාර දොරවල් හැකිතාක් විවෘත කොට තැබීම පිටියෙන් පිටත අනුගමය කළ යුතු කරුණු ලෙසින් සඳහන් කර තිබේ. 

ඒ අනුව හෙට දිනයේදී සී.සී.සී. සහ රාගම අතර කටුනායකදීද, කෝල්ට්ස් සහ සැරසන්ස් අතර තරගය ඕවල් පිටියේදීද, යුද හමුදාව සහ එන්. සී. සී. අතර තරගය සී.සී.සී. පිටියේදීද සහ බී.ආර්. සී. සහ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය එන්. සී. සී. පිටියේදීද පැවැත්වෙනු ඇත.

පළමු වටයේ සිට දෙවැනි වටයට රැගෙන එන ප්‍රසාද ලකුණු සටහනෙහි පළමු ස්ථානයේ රැඳී සිටින වත්මන් ලීග් ශූරයින් වන සී. සී. සී. කණ්ඩායම මෙවර ශූරතාව දිනා ගැනීම සඳහා වැඩි ඉඩ කඩක් නිර්මාණය කරගෙන සිටියි. සී. සී, සී. කණ්ඩායම ප්‍රසාද ලකුණු 54.57 ක් ලබා සිටින අතර ඔවුන්ට පහළින් එන්. සී. සී. පිල ප්‍රසාද ලකුණු 43.35 ක් ලබා සිටියි.  

මාර්තු මස වන විට ටියර් A තරගාවලියේ මූලික වටයේ තරග අවසන් කිරීමට තරගාවලි සංවිධාන කමිටුවට හැකියාව ලැබුණු නමුත් කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් රට වසා දැමීමට පෙර මාර්තු 16 වැනි දින සියළු ක්‍රියාකාරකම් නවතා දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබිණ.

පළමු පෙළ Tier A – මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහන

ඒ කාණ්ඩය








කණ්ඩායමතරගජයපරාජප.ඉ.ජ.ප.ඉ.ප.නොවිසඳුණුප්‍ර.ලකුණු
සී.සී.සී.64297.480
කෝල්ට්ස්622269.745
යුද හමුදාව6221161.130
බී.ආර්.සී.613255.240
මීගමුව6111349.240
එස්.එස්.සී.611447.580
මුවර්ස්631234.185








බී කාණ්ඩය






කණ්ඩායමතරගජයපරාජප.ඉ.ජ.ප.ඉ.ප.නොවිසඳුණුප්‍ර.ලකුණු
හලාවත මේරියන්ස්632165.700
එන්.සී.සී.6131162.100
සැරසන්ස්612360.505
රාගම62111156.455
ටැමිල් යුනියන්6111344.525
බදුරලිය61111238.760
ලංකන්621327.970

පලමු වටයෙන් සුපර් 8 තරග වටයට රැගෙන යන ලකුණු 

සුපර් 8 තරග වටය








කණ්ඩායමතරගජයපරාජප.ඉ.ජය.ප.ඉ.ප.නොවිසඳුණුප්‍ර.ලකුණු
සී.සී.සී.3354.570
එන්.සී.සී.31243.350
කෝල්ට්ස්311134.365
යුද හමුදාව311126.700
හලාවත මේරියන්ස්311125.485
සැරසන්ස්31225.045
රාගම311124.545
බී.ආර්.සී.3311.900








ප්ලේට් තරග වටය 






කණ්ඩායමතරගජයපරාජප.ඉ.ජ.ප.ඉ.ප.නොවිසඳුණුප්‍ර.ලකුණු
ටැමිල් යුනියන්21120.425
මුවර්ස්21117.920
එස්.එස්.සී.21117.895
මීගමුව21116.445
බදුරලිය21115.415
ලන්කන්21115.175

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest