slc
Home   |    News
අගෝස්තු 25, 2020
ළහිරු උදාර ලකුණු 1000 සීමාව ඉක්මවයි

Sri Lanka Cricket

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ 2019-20 තරග වාරය යටතේ ලකුණු 1000 සීමාව ඉක්මවා යෑමට එන්. සී. සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු උදාර අද (25 දා) සමත්වූවේය.

සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ අවසන් තරගය වූ කෝල්ට්ස් පිලට එරෙහිව අද ඇරැඹි තරගයේදී ලකුණු 973 ක් ලබා ගනිමින් පිටියට පිවිසි ළහිරු ඉනිමේ 27 වැනි ලකුණු සම්පූර්ණ කිරීමත් සමඟ මෙවර තරග වාරයේ ලකුණු 1000 සීමාව ඉක්මවා ගියේය. එතැනින් නොනැවතුණු ළහිරු ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමඟින් පන්දු 69 කදී ලකුණු 66 ක් රැස් කර ගත්තේය.

ඒ අනුව ළහිරු මේ වන විට තරග 9 කට සහභාගිවී මුලු ලකුණු 1039 ක් රැස් කරගෙන සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 86.58 ක් රඳවා තබා ගනිමිනි. මෙවර තරගාවලියේ වැඩිම ශතක ලාභී පිතිකරුවන් අතර පසුවන ළහිරුගේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගැනීම ලෙස රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව මූලික තරග වටයේ නොදැවී රැස් කරන ලද ලකුණු 290 ක ඉනිම සටහන් වේ.

එම ඉනිමට අමතරව ළහිරු කොළඹ ක්‍රීඩා සමාජයට සහ යුද හමුදා කණ්ඩායම් වලට එරෙහිව ශතක වාර්තා කර ගෙන සිටියි. නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලින් ක්‍රිකට් පිටියට පිවිස සිටින දකුණත් පිතිකරු ළහිරු මෙවර තරග වාරයේ අර්ධ ශතක සංඛ්‍යාව 5 ක් රැස් කර ගැනීමට සමත්ව සිටින අතර එහිදී දෙවතාවකදීම ලකුණු 90 සීමාවට පැමිණ අවාසනාවන්ත ලෙස දැවී ගොස් තිබීම කැපී පෙනෙයි.

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest