slc
logo
Home   |    News
සැප්තැම්බර් 30, 2020
නිරෝධායනයට ඉඩ ලබා දෙන්න එල්.පී.එල්. දින වෙනස් වෙයි

Sri Lanka Cricket

නීරෝධායන කටයුතු සඳහා වන අවශ්‍යතා සපුරා ලීම සඳහා ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ආරම්භක දිනය නොවැම්බර් 21 වැනිදා දක්වා වෙනස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මෙම තරගාවලිය නොවැම්බර් 14 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුණද රජයේ සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව තරගාවලිය නියෝජනය කරනු ලබන සමස්ථ ක්‍රීඩකයින්ගේ ‘නීරෝධායන අවශ්‍යතා’ සපුරාලීමට ප්‍රමාණවත් කාලයක් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණයට එළැඹ සිටියි.

නීරෝධායන අවශ්‍යතා සපුරාලීම සඳහා වූ අවකාශය නිර්මාණය කරදීමට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රියාත්මක ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතුරින් එල්. පී. එල්. තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන ක්‍රීඩකයන් වෙත ඒ සදහා අවස්ථාව ලබා දීමද උක්ත තීරණයේ තවත් අරමුණක් බවට පත්ව තිබේ.

” අයි. පී. එල්. තරගාවලිය නොවැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වෙනවා. ඊට සහභාගි වූ ක්‍රීඩකයන් එල්. පී. එල් සඳහාත් සහභාගි වීමේ බලාපොරොරොත්තුවෙන් ඉන්නවා. ඒ හේතුවෙන් තරගාවලි දෙක අතර යම් කාල සීමාවක් පැවතිය යුතු බව අපි තීරණය කළා” යැයි එල්.පී.එල්. තරගාවලියේ දින සංශෝධනය කිරීම පිළිබඳව එහි ප්‍රධාන අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා සඳහන් කර සිටියේය.

තරගාවලියේ දින වෙනස් වීම මත ඔක්තෝබර් 01 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ එල්.පී.එල්. තරගාවලියේ ‘ක්‍රීඩක කෙටුම්පත’ (Player Draft) ඔක්තෝබර් 09 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. එල්.පී.එල්. තරගාවලිය  නියෝජනය කරනු ලබන කණ්ඩායම් 5 සඳහා එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු වන පරිදි සමස්ථ විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකු ලබා ගැනීමේ අවස්ථාව ඒ ඒ කණ්ඩායම්වල හිමිකරුවන්ට මිලදී ගැනිමේ හැකියාව ඇත.

Active filters

Recent Posts

  • ඒස් කැපිටල් පිට පිට දෙවැනි ජය ලබයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ ඒස් කැපිටල් ක්‍රීකට් සමාජය හා එස්එස්සී අතර, ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ […]
  • ශ්‍රී ලංකා – නේපාල තරගය වැස්සට සේදෙයි
    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය සොයා පිටියට පිවිසි ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබේ. මේ හේතුවෙන් කණ්ඩායම් දෙකටම […]
  • කොදෙව් කාන්තා පිලට එරෙහි ශ්‍රී ලංකා පිල නම් කරයි
    බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15කගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද ප්‍රකාශයට පත්විය. චමරි අතපත්තුගේ නායකත්වයෙන් […]
  • පළමු ශතකය නිශාන් මධුශ්කගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 137ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බඳුරලිය ක්‍රීඩා සමාජය සමත් වෙයි. කුරුණෑගල යොවුන් ක්‍රිකට් […]
  • කාන්තා ක්‍රිකට් දියුණු වෙන්නේ ක්‍රීඩිකාවන්ගේ කැපවීම නිසයි – චමරි අතපත්තු
    කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රමයෙන් දියුණු තත්ත්වයකට ගෙන ඒමට හැකි වූයේ සියලු දෙනාගේ කැපවීම හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පැවැසූවාය. පසුගිය වසර එකහමාරක කාලය තුලදී ප්‍රබල […]

Pin It on Pinterest

USD United States (US) dollar