slc
logo
Home   |    News
සැප්තැම්බර් 7, 2020
පියාගේ අඩිපාරේ නොගිය දුවිඳු

Sri Lanka Cricket

ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කඩුලු 61ක් දවා තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූ දුවිඳු තිලකරත්නගේ අභිප්‍රාය වී ඇත්තේ ඉදිරියේදී ජාතික සංචිතයට ඇතුලු වී දක්ෂතා ප්‍රගුණ කරගනිමින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර මව්බිමට කීර්තියක් අත්කරදීමය.

ඉකුත් දා නිමාවට පත් වුණු අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේදී වමතින් දඟපන්දු යවන දුවිඳු වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණට පැමිණියේ ප්‍රබලම පන්දු යවන්නන් තිදෙනෙකු වන මාලිංග පුෂ්පකුමාර (50) උපුල් ඉන්ද්‍රසිරි (50) සහ අසිත ප්‍රනාන්දු (47) පසු කරමිනි.

පන්දු යවන්නකුට අමතරව දුවිඳු සතු තවත් දක්ෂතාවයක් වූයේ කණ්ඩායම අසීරුතාවයකට මුහුණ දී සිටින අවස්ථාවන්හිදී පසු පෙළින් පැමිණ  ලකුණු රැස් කිරීමට ඇති හැකියාවයි. මීට දින කීඵයකට පෙර එන්.සී.සී කණ්ඩායමට එරෙහිව ලබාගත් අර්ධ ශතකය ඊට කදිම නිදසුනකි.

හිටපු ටෙස්ට් නායකයකු වන හෂාන් තිලකරත්න මහතාගේ පුතකු වන දුවිඳු සිය දක්ෂතා පිළිබඳව හඬ විවර කරමින් “මගේ තාත්තා ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂතම පිතිකරුවෙක්. මගෙන් ගොඩක් දෙනෙක් අහනවා ඇයි ඔබ තාත්තා වගේ පිතිකරුවකු නොවී පන්දු යැවීමට වැඩිපුර උනන්දු වෙන්නේ කියලා. මම හිතන්නේ එය මගේ දෛවයයි. මම ඉස්සර වේගපන්දු යවන්නෙක්. එහිදි මා ගොඩක් ආබාධ වලට ළක්වූවා. පසුව මගේ පාස‍ලේ පුහුණුකරුවකු වුණු සම්පත් පෙරේරා මහතා මාව පා දඟපන්දු යවන්නෙකු ලෙසට ඉදිරියට ගෙන ආවා. එදා ඉඳලා මම පන්දු යවන්නකු ලෙස ක්‍රීඩා කරනවා. කෙසේ වුවත් මම දක්ෂ පිතිකරුවකු වීමේ අදහස අත්හැරලා නැහැ”යි සඳහන් කර සිටියේය.

මෙවර තරග වාරයේදී දුවිඳු තරගයකදී කඩුලු 10 බැගින් දවාලූ අවස්ථාවන් 3 ක් සටහන් කරගත් අතර එම ත්‍රිත්වයම ශූරතාව දිනූ සී. සී. සී. ට එරෙහිව කඩුලු 10 ක්, අනුශූරතාව දිනූ එන්.සී.සී. පිලට එරෙහිව කඩුලු 13 ක් සහ සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 10 ක් වශයෙන්  දවා ගෙන තිබේ. ජාතික පිල නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් වැඩි පිරිසක් නියෝජනය කරනු ලබන මෙම ක්‍රීඩා සමාජ 3 ට එරෙහිව පන්දු යවන්නකු ලෙස දක්ෂතා දැක්වීමට හැකිවීම පිළිබඳව දුවිඳු නිහතමානීව සතුටු වන බවද මෙහිදී සඳහන් කර සිටියේය. එම දක්ෂතාවයන් වලට අමතරව කඩුලු 5 ට වඩා වැඩියෙන් දවා ගැනීම් 5 ක්ද සටහන් කරගැනීඹට දුවිඳු සමත්විය.

ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවිය සමග පැවැති සාකච්ඡාවකදී අදහස් දැක්වූ දුවිඳු තිලකරත්න ක්‍රිකට් ක්‍රීඩාවටම ආශ්‍රිත වූ පරිසරයක තමා හැදුණු වැඩුණු අයුරුත් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු  වන හෂාන් තිලකරත්නගෙන් (දුවිඳුගේ පියා ) කුඩා කළ සිට ඔවදන් ලබාගත් අයුරුත් පසුව පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් පෙන්වා අන්තර් සමාජ තරගාවලියේදී ඉහළම කඩුලු ලාභියා බවට පත්වූ අයුරුද මෙනෙහි කළේය.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar