slc
logo
Home   |    News
සැප්තැම්බර් 24, 2020
යුද හමුදාව – එස්. එස්. සී. – බදුරලිය අපරාජිත භාවය රැක ගනිති

Sri Lanka Cricket

23 න් පහළ තරගාවලිය – සිව්වැනි සතිය 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරග වාරය අවසන් වන විට යුද හමුදාව සහ එස්. එස්. සී. ක්‍රීඩා සමාජ සිය ආධිපත්‍ය පතුරුවාලමින් ප්‍රසාද ලකුණු සටහනේ ඒ ඒ කාණ්ඩ වල පෙරමුණ ගෙන සිටියහ.

එහිදී මෙතෙක් තරගාවලියේ සහභාගි වුණු තරග 4 න් 4 ම ජය ගනිමින් යුද හමුදා කණ්ඩායම ඒ කාණ්ඩය යටතේද එස්. එස්. සී. පිල ඩී කාණ්ඩය යටතේද අපරාජිතව පෙරමුණ ගෙන සිටිති.  එස්.එස්.සී. සහ යුද හමුදා කණ්ඩායම් වලට අමතරව මෙතෙක් තරගාවලියේ අපරාජිතව පසුවන එකම කණ්ඩායම වන්නේ බදුරලිය ක්‍රීඩා සමාජය වන අතර ඔවුන් මෙතෙක් සහභාගිවුණු තරග 3 න් 3 ම ජය ගෙන සිටියි. 

මේ දින වල ඇද හැළෙන වර්ෂාව සිව්වැනි සතියටද බලපෑ නමුත් ඊයේ පැවැති තරග 7 න් 7 ම ප්‍රතිඵල ලැබීම කැපී පෙනිණි. ඒ අනුව බී කාණ්ඩය යටතේ හලාවත මේරියන්ස් කණ්ඩායම සහ සී කාණ්ඩය යටතේ කෝල්ට්ස් කණ්ඩායමද පෙරමුණේ පසුවෙති. 

මේ අතර මෙතෙක් පැවැති තරග අතුරින් නාවික හමුදාව, පානදුර, රාගම සැරසන්ස්, වරාය අධිකාරිය, කැන්ඩි කස්ටම්ස් සහ කුරුණෑගල තරුණ යන ක්‍රීඩා සමාජ තවමත් ජයග්‍රහණ වාර්තා කිරීමට අපොහොසත්වීම කැපී පෙනෙයි.  

ප්‍රසාද ලකුණු සටහන – 4 වැනි සතිය 
ක්‍රීඩා සමාජයතරගජයපරාජසම/නොවිසඳුණුබෝනස්ප්‍ර.ලකුණුද.ල.වේ.
A කාණ්ඩය






යුද හමුදාව44003191.830
බදුරලිය33002141.336
බී.ආර්.සී.32102100.418
නුගේගොඩ3120150.057
සෙබස්තියනයිට්ස්312015-0.630
පොලිස්413004-0.923
නාවික හමුදාව404000-0.833
B කාණ්ඩය






හලාවත මේරියන්ස්32102100.677
ගුවන් හමුදාව321008-0.396
මීගමුව3111171.770
ලන්කන්2110150.804
පානදුර301204-2.662
රාගම201102-0.022
C කාණ්ඩය






කෝල්ට්ස්33002141.579
එන්.සී.සී.22002102.215
මුවර්ස්32102100.620
කලුතර නාගරික312015-0.100
සැරසන්ස්303000-2.339
වරාය අධිකාරිය202000-2.350
D කාණ්ඩය






එස්.එස්.සී.44003192.105
ටැමිල් යුනියන් 43102141.239
සී.සී.සී.32102102.049
ගාල්ල4220190.597
බ්ලූම්ෆීල්ඩ්312004-1.933
කැන්ඩි කස්ටම්ස්303000-0.284
කුරුණෑගල තරුණ 303000-1.951

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar