slc
logo
Home   |    News
සැප්තැම්බර් 28, 2020
එකම ජයක් හෝ වාර්තා නොකළ කණ්ඩායම් 7 ක්

Sri Lanka Cricket

අවුරුදු 23 න් පහළ තරගාවලිය – 5 වැනි සතිය

අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ අවසාන සති කිහිපය එළඹෙත්ම යුද හමුදාව, කෝල්ට්ස්, එන්. සී. සී. සහ එස්. එස්. සී. සිය අපරාජිත භාවය රැකගෙන සිටීමට සමත්වූහ.

අද (28 දා) දිනයේ සී.සී. සී. සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය පමණක් පැවැති අතර එහිදී කඩුලු 7 කින් ජය වාර්තා කිරීමට සී. සී. සී. කණ්ඩායම සමත්විය. ඩී කාණ්ඩය නියෝජනය කරනු ලබන සී. සී. සී. පිල අද ලද ජයග්‍රහණයත් සමඟ එම කාණ්ඩයේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටින්නේ මුහුණ දුන් තරග 4 න් 3 ක් ජය ගනිමිනි.

සමස්ත තරග කාල සටහනේ මේ වන තෙක් පැවැති සති 5 දී තරග 5 කටම ක්‍රීඩා කර ඇත්තේ පොලිස්, නාවික හමුදාව, ටැමිල් යුනියන් සහ ගාල්ල යන කණ්ඩායම් පමණි. එහිදී නාවික හමුදාව එකම තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට අපොහොසත් වීම කැපී පෙනෙයි.

නාවික හමුදා පිලට අමතරව මෙතෙක් පැවැති තරගවලදී එකම ජයග්‍රහණයක් හෝ වාර්තා කිරීමට අපොහොසත්ව සිටින කණ්ඩායම් 6 ක් සිටින අතර, පානදුර, රාගම, වරාය අධිකාරිය, සැරසන්ස්, කුරුණෑගල තරුණ සහ කැන්ඩි කස්ටම්ස් එම ක්‍රීඩා සමාජ වෙති.

ලබන 07 වැනිදා පැවැත්වීමට නියමිත අර්ධ අවසන් තරග වටයට පෙර තවත් සති 3 ක් පමණක් තරගාවලිය පැවැත්වෙන අතර එහිදී අවසන් කණ්ඩායම් 4 අතරට පැමිණීමට යුද හමුදාව, එස්. එස්. සී. සහ කෝල්ට්ස් වැඩි ඉඩ කඩක් විවර කරගෙන සිටිති.

Active filters

Recent Posts

  • චමරිගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව රන් පදක්කම් සටනට
    පාකිස්තානයට එරෙහිව කඩුලු 8ක විශිෂ්ට ජයක් – විස්සයි20 ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑම චමරි අතපත්තුගේ විශිෂ්ට නොදැවුණු ලකුණු 83ක ප්‍රහාරාත්මක ඉනිම හමුවේ පාකිස්තානය කඩුලු 8කින් පරාජය කළ ශ්‍රී […]
  • අගෝස්තුවේ ICC ක්‍රීඩකයා සම්මානය සොනාල් දිනූෂට
    එංගලන්තයේ ඔලී රොබින්සන් සහ බංග්ලාදේශයේ හසන් මහ්මුද් අභිබවා යමින් අගෝස්තු මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මාසික ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ […]
  • විස්සයි-20 තරගාවලියේ 3-0 ක් ලෙස එංගලන්තය ජය ගනියි
    ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හි පැවැති තෙවැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 124කට දවාගත් එංගලන්තය, එම ඉලක්කය පන්දුවාර 9යි පන්දු 4කදී කඩුල්ලක් පමණක් වැය කරමින් හඹා ගොස් විස්සයි-20 තරගාවලිය 3-0කින් අද […]
  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee