slc
logo
Home   |    News
සැප්තැම්බර් 24, 2020
යුද හමුදාව – එස්. එස්. සී. – බදුරලිය අපරාජිත භාවය රැක ගනිති

Sri Lanka Cricket

23 න් පහළ තරගාවලිය – සිව්වැනි සතිය 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරග වාරය අවසන් වන විට යුද හමුදාව සහ එස්. එස්. සී. ක්‍රීඩා සමාජ සිය ආධිපත්‍ය පතුරුවාලමින් ප්‍රසාද ලකුණු සටහනේ ඒ ඒ කාණ්ඩ වල පෙරමුණ ගෙන සිටියහ.

එහිදී මෙතෙක් තරගාවලියේ සහභාගි වුණු තරග 4 න් 4 ම ජය ගනිමින් යුද හමුදා කණ්ඩායම ඒ කාණ්ඩය යටතේද එස්. එස්. සී. පිල ඩී කාණ්ඩය යටතේද අපරාජිතව පෙරමුණ ගෙන සිටිති.  එස්.එස්.සී. සහ යුද හමුදා කණ්ඩායම් වලට අමතරව මෙතෙක් තරගාවලියේ අපරාජිතව පසුවන එකම කණ්ඩායම වන්නේ බදුරලිය ක්‍රීඩා සමාජය වන අතර ඔවුන් මෙතෙක් සහභාගිවුණු තරග 3 න් 3 ම ජය ගෙන සිටියි. 

මේ දින වල ඇද හැළෙන වර්ෂාව සිව්වැනි සතියටද බලපෑ නමුත් ඊයේ පැවැති තරග 7 න් 7 ම ප්‍රතිඵල ලැබීම කැපී පෙනිණි. ඒ අනුව බී කාණ්ඩය යටතේ හලාවත මේරියන්ස් කණ්ඩායම සහ සී කාණ්ඩය යටතේ කෝල්ට්ස් කණ්ඩායමද පෙරමුණේ පසුවෙති. 

මේ අතර මෙතෙක් පැවැති තරග අතුරින් නාවික හමුදාව, පානදුර, රාගම සැරසන්ස්, වරාය අධිකාරිය, කැන්ඩි කස්ටම්ස් සහ කුරුණෑගල තරුණ යන ක්‍රීඩා සමාජ තවමත් ජයග්‍රහණ වාර්තා කිරීමට අපොහොසත්වීම කැපී පෙනෙයි.  

ප්‍රසාද ලකුණු සටහන – 4 වැනි සතිය 
ක්‍රීඩා සමාජයතරගජයපරාජසම/නොවිසඳුණුබෝනස්ප්‍ර.ලකුණුද.ල.වේ.
A කාණ්ඩය






යුද හමුදාව44003191.830
බදුරලිය33002141.336
බී.ආර්.සී.32102100.418
නුගේගොඩ3120150.057
සෙබස්තියනයිට්ස්312015-0.630
පොලිස්413004-0.923
නාවික හමුදාව404000-0.833
B කාණ්ඩය






හලාවත මේරියන්ස්32102100.677
ගුවන් හමුදාව321008-0.396
මීගමුව3111171.770
ලන්කන්2110150.804
පානදුර301204-2.662
රාගම201102-0.022
C කාණ්ඩය






කෝල්ට්ස්33002141.579
එන්.සී.සී.22002102.215
මුවර්ස්32102100.620
කලුතර නාගරික312015-0.100
සැරසන්ස්303000-2.339
වරාය අධිකාරිය202000-2.350
D කාණ්ඩය






එස්.එස්.සී.44003192.105
ටැමිල් යුනියන් 43102141.239
සී.සී.සී.32102102.049
ගාල්ල4220190.597
බ්ලූම්ෆීල්ඩ්312004-1.933
කැන්ඩි කස්ටම්ස්303000-0.284
කුරුණෑගල තරුණ 303000-1.951

Active filters

Recent Posts

  • චමරිගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව රන් පදක්කම් සටනට
    පාකිස්තානයට එරෙහිව කඩුලු 8ක විශිෂ්ට ජයක් – විස්සයි20 ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑම චමරි අතපත්තුගේ විශිෂ්ට නොදැවුණු ලකුණු 83ක ප්‍රහාරාත්මක ඉනිම හමුවේ පාකිස්තානය කඩුලු 8කින් පරාජය කළ ශ්‍රී […]
  • අගෝස්තුවේ ICC ක්‍රීඩකයා සම්මානය සොනාල් දිනූෂට
    එංගලන්තයේ ඔලී රොබින්සන් සහ බංග්ලාදේශයේ හසන් මහ්මුද් අභිබවා යමින් අගෝස්තු මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මාසික ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ […]
  • විස්සයි-20 තරගාවලියේ 3-0 ක් ලෙස එංගලන්තය ජය ගනියි
    ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හි පැවැති තෙවැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 124කට දවාගත් එංගලන්තය, එම ඉලක්කය පන්දුවාර 9යි පන්දු 4කදී කඩුල්ලක් පමණක් වැය කරමින් හඹා ගොස් විස්සයි-20 තරගාවලිය 3-0කින් අද […]
  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee