slc
logo
Home   |    News
සැප්තැම්බර් 28, 2020
බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා තරග සංචාරය ආයෙත් කල් යයි

Sri Lanka Cricket

කොවිඩ් 19 වසංගත තත්ත්වය තවමත් යහපත් අතට පත් නොවීම හේතුවෙන් මෙම සැප්තැම්බර් මස සිට ඔක්තෝම්බර් මස දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය නැවතත් දින නියමයක් නොමැතිව කල් දැමීමට දෙරටේ ක්‍රිකට් බලධාරීහු තීරණය කර තිබේ.

රටකින් රටකට සංචාරය කිරීමේදී නීරෝධායන අවශ්‍යතා වැනි වර්තමාන සෞඛ්‍ය තත්ත්වයන් සහ එහි රෙගුලාසීන් සලකා බැලීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයත් එම තීරණයට එළැඹ තිබේ.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිතව තිබූ තරග 3 කින් සමන්විත මෙම තරගාවලිය, ඉදිරි කාලයේදී දෙරටේම ක්‍රීඩා කාල සටහන විවේකීව පවතින අවස්ථාවකදී  පැවැත්වීමට දෙපාර්ශ්වය අදහස් කර සිටිති.

මෙම තරගාවලිය ඉකුත් ජුලි මස අග භාගයේදී පැවැත්වීමට නියමිතව තිබුණත් එම කාල සීමාවේදීත් කොවිඩ් 19 වසංගත තත්ත්වය බලපෑම හේතුවෙන් සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසයන් දක්වා කල් දැමිණ. යෝජිත වූ පරිදි ටෙස්ට් තරග සංචාරය සඳහා බංග්ලාදේශ ක්‍රිකට් පිල සැප්තැම්බර් මස 27 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණි.

ඉකුත් පෙබරවාරි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැති එක්දින සහ විස්සයි-20 තරගාවලි පැවැත්වීමෙන් අනතුරුව ගෙවී ගිය කාල සීමාවේදී පැවැත්වීමට නියමිතව තිබූ එකම තරගාවලියක් හෝ පැවැත්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිව ගියහ. තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සදහා එංගලන්ත කණ්ඩායම ඉකුත් මාර්තු මසදී මෙරටට පැමිණියද කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් සරා ඕවල් පිටියේ පැවැති සිව්දින පුහුණු තරගය අතරතුරදී  තරගාවලිය අතහැර එංගලන්ත පිල යළි සිය රට බලා පිටත්ව ගියේය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee