slc
Home   |    News
ඔක්තෝබර් 3, 2020
පන්දු යවන්නන් අතර අම්ෂි පෙරමුණ රැකගනිද්දී පිතිකරුවන් අතර නිපුන් ධනංජය පෙරමුණට එයි

Sri Lanka Cricket

By Chamila Karawita

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ දින 6ක් අවසනදී පන්දු යවන්නන් අතර අම්ෂි ද සිල්වා පළමු ස්ථානය රැක ගැනීමට සමත්වද්දී පිතිකරුවන් අතර පෙරමුණට පැමිණීමට එස්. එස්. සී. කණ්ඩායමේ නිපුන් ධනංජය සමත්වී සිටියි.

පස්වැනි දින අවසන් වද්දී පෙරමුණේ සිටි සකුන ලියනගේ තෙවැනි ස්ථානය දක්වා පහත බැස සිටින අතර පළමු ස්ථානයේ සිටින නිපුන් ධනංජය අර්ධ ශතක 3 ක් ද සමගින් තරග 5 කදී ලකුණු 276 ක් ලබා සිටියි. මෙවර තරගාවලියේ ශතක වාර්තා කර පිතිකරුවන් අතර තෙවැනි ශතක ලාභියා වූ ටැමිල් යුනියන් පිලේ රවිඳු ප්‍රනාන්දු තරග 5 කදී ලකුණු 253 ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. 

ඔහුට අමතරව යුද හමුදා පිලේ බිෂාන් මෙන්ඩිස් සහ හලාවත මේරියන්ස් පිලේ කමිඳු මෙන්ඩිස් අනෙක් ශතක ලාභීන් දෙදෙනා බවට පත්ව සිටිති. 

තරග 5 කට ක්‍රීඩා කර ඇති සී. සී. සී. පිලේ අම්ෂි කඩුලු 13 ක් බිඳ හෙළි පළමු ස්ථානය දිනාගැනීමට සමත් වද්දී සෙබස්තියනයිට්ස් පිලේ තරුෂ ප්‍රනාන්දු, ටැමිල් යුනියන් පිලේ සචිඳු කොළඹගේ  සහ නුගේගොඩ කණ්ඩායමේ නිපුන් ලක්ෂාන් කඩුලු 12 බැගින් දවාගෙන පිළීවෙළින් දෙවැනි සහ සිව්වැනි ස්ථානය අතර පිළිවෙළින් පසුවෙති. 

හෙට මෙම තරගාවලියේ පළමු වටයේ අවසාන තරග කිහිපය පැවැත්වීමට නියමිතව තිබේ. 

අවු.23 න් පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය – 2020
වැඩිම ලකුණු ලාභීහු
ක්‍රීඩකයාක්‍රීඩා සමාජයතරගලකුණුසාමාන්‍ය10050
නිපුන් ධනංජයඑස්.එස්.සී527669.003
රවිඳු ප්‍රනාන්දු ටැමිල් යුනියන් 525384.3311
සකුණ ලියනගේනුගේගොඩ523879.332
මලිඳු මදුරංගසී.සී.සී.522355.752
නිසල් ප්‍රනාන්දුබී.ආර්.සී.522155.252
බිෂාන් මෙන්ඩිස්යුද හමුදාව521442.8011
කමේෂ් නිර්මාල්ටැමිල් යුනියන්620440.801
කමිඳු මෙන්ඩිස්හ. මේරියන්ස්3200100.0011
හරිත් ප්‍රනාන්දුයුද හමුදාව517735.402
භාග්‍ය දිසානායකනාවික හමුදාව617429.002

අවු.23 න් පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය – 2020
වැඩිම කඩුලු ලාභීහු
ක්‍රීඩකයාක්‍රීඩා සමාජයතරගකඩුලුඕවරයකදී ලබා දුන් ලකුණු වල සාමාන්‍ය
අම්ෂි ද සිල්වාසී.සී.සී.5133.71
තරුෂ ප්‍රනාන්දුසෙබස්තියනයිට්ස්5123.38
සචිඳු කොළඹගේටැමිල් යුනියන්6123.55
නිපුන් ලක්ෂාන්නුගේගොඩ5116.14
රොශාන් සංජයකෝල්ට්ස්4113.38
හර්ෂ සංදීපයුද හමුදාව5113.58
ප්‍රවීන් ජයවික්‍රමමුවර්ස්4113.96
මලින්දු අභිෂේක්බී.ආර්.සී.5114.15
ලසිඳු අරෝෂණක. නාගරික4114.69
මලින්ද ජයෝද් නුගේගොඩ5103.85

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest