slc
logo
Home   |    News
ඔක්තෝබර් 19, 2020
ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ‘හෙල්මට්’ සහකරු – ‘මසුරි’

Sri Lanka Cricket

එක්සත් රාජධානිය මුල් කරගත් ප්‍රකට ක්‍රිකට් ආරක්ෂිත හිස් වැසුම් (Helmet) නිෂ්පාදන ආයතනයක් වන මසුරි ගෲප් ලිමිටඩ්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නිල ආරක්ෂිත හිස් වැසුම් සහකරු ලෙසින් සහයෝගීතාවයකට එළැඹ සිටියි.

2020 අගෝස්තු මස 31 වැනිදා සිට ක්‍රියාත්මක වන බහු වාර්ෂික ගිවිසුම යටතේ ජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම්, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ අවුරුදු 19 න් පහළ ජාතක කණ්ඩායම්වල ක්‍රීඩකයින් සඳහා අවශ්‍ය ආරක්ෂිත හිස් වැසුම් (Helmet) ආරක්ෂිත මසුරි ගෲප් ලිමිටඩ් විසින් ලබාදීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි ගරු ලේකම් මොහාන් ද සිල්වා මහතාත් මසුරි ගෲප් ලිමිටඩ් වෙනුවෙන් එහි කලමනාකාර අධ්‍යක්ෂ සෑම් මිලර් මහතාත් මෙම අනුග්‍රාහකත්වය ලබාදීම පිළිබඳව වූ ගිවිසුම අත්සන් තැබූහ.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ මසුරි ගෲප් ලිමිටඩ් හවුල්කාරීත්වයට එළැඹි තෙවැනි වාරය ලෙසින් මෙම අත්සන් තැබීම සටහන් වේ.

මේ පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා මහතා, “අපගේ ආරක්ෂිත නිල හිස්වැසුම් සහකරු ලෙසින් මසුරි ආයතනය අප සමඟ වූ හවුල්කාරීත්වය දිගින් දිගටම පවත්වාගෙන යෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වශයෙන් අපි අතිශයින් සතුටට පත් වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමය කෙරෙහි ඔවුන් තුළ ඇති විශ්වාසය කොතරම්ද කියන එක මේ සම්බන්ධතාවය තුළින් පෙන්නුම් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ‘මසුරි’ අතර පෙර පැවැති සේවා සැපයීම් කාල සීමාවේදී අපේ අපේක්ෂාවන් සියල්ල ඔවුන් සපුරාලීමට සමත් වූවා” යි සඳහන් කර සිටියේය.

ගිවිසුම් කාල සීමාව ඇතුළත මසුරි ගෲප් ලිමිටඩ් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂිත හිස් වැසුම් (Helmet) ආවරණ සපයන්නා ලෙසින් කටයුතු කරනු ඇත. ඒ අනුව ජාත්‍යන්තර වශයෙන් තරගයක් නියෝජනය කිරීමේදී ජාතික තලයේ ක්‍රීඩකයින් මසුරි ආරක්ෂිත හිස්වැස්මක් පැළඳ ක්‍රීඩා කරනු ඇත.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඇති හවුල්කාරීත්වය තෙවැනි වාරය දක්වා දීර්ඝ කිරීමට හැකිවීම සතුටට කරුණක්. ඔවුන්ගේ ක්‍රීඩකයින් ආරක්ෂා කර ගැනීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පළමු තේරීම ‘මසුරි’ වීම පිළිබඳව අපි ආඩම්බර වන අතරම මේ සම්බන්ධයෙන් හොඳම නිෂ්පාදන සහ සේවාවන් අඛණ්ඩව සැපයීමට අපි සහතික වන්නෙමු”යි මසුරු ගෲප් ලිමිටඩ්හි කලමනාකාර අධ්‍යක්ෂ සෑම් මිලර් මහතා අදහස් දක්වමින් පවසා සිටියේය.

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee