slc
logo
Home   |    News
ඔක්තෝබර් 3, 2020
අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබන්න දැඩි සටනක්

Sri Lanka Cricket

අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිටයේ අවසන් සති 2 එළැඹෙත්ම හෙවත් 6 වැනි දින අවසානයේදී මෙතෙක් දවස් පළමු ස්ථානයේ වැජඹුණු එස්. එස්. සී. පිල දෙවැනි තැනට ඇද දමමින් එහි පෙරමුණ ගැනීමට ටැමිල් යුනියන් කණ්ඩායම සමත්ව සිටියි.

පෙරමුණ ගැනීමට සමත්ව සිටියද දෙපිළ සහභාගිවී සිටින තරග සංඛ්‍යාව සංසන්දනාත්මක බැලීමේදී ටැමිල් යුනියන් පිල තරග 6 කටත් එස්. එස්. සී. පිල තරග 5 කටත් ක්‍රීඩා කර තිබෙන නමුත් දෙපිළේම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 24 ක් ලෙසින් සටහන් වේ. ටැමිල් යුනියන් තරග 6 කදී තරග 5 ක්ද එස්. එස්. සී. පිල. තරග 5 න් 5 ම ජයගනිමින් ප්‍රසාද ලකුණු සම මට්ටමේ පවත්වාගෙන යෑමට සමත්ව සිටියද දල ලකුණු ලබා ගැනීමේ වේගය, එස්. එස්. සී. පිලට ටැමිල් යුනියන් පිලේ ඉදිරියෙන් පැවැතීම නිසා පළමු ස්ථානය ටැමිල් යුනියන් පිලට වෙන්ව තිබේ.

ඒ කාණ්ඩය යටතේ සුපුරුදු පරිදි යුද හමුදා කණ්ඩායම පෙරමුණේ පසුවන නමුත් ඔවුන්ගේ ආසන්නයටම පැමිණීමට බදුරලිය ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. ඊට අමතරව බී කාණ්ඩයෙන් ලක්නක් ද සී කාණ්ඩයෙන් කෝල්ට්ස් කණ්ඩායමද පෙරමුණේ පසුවේ. 

පළමු වටයේ පැවැත්වීමට නියමිත සියළුම තරග හෙට (04 දා) දිනයේදී අවසන් වන අතර එහිදී අවසන් පූර්ව තරග අවස්ථාවට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද යන්න අතර පවතින්නේ දැඩි තරගයකි. එහිදී යුද හමුදාව සහ බදුරලිය අතර ඒ කාණ්ඩය යටතේ තියුණු තරගයක් පවතින අතර හෙට පැවැත්වෙන තරග වලදී බදුරලිය බෝනස් ලකුණද සමඟින් ජය වාර්තා කිරීමට සමත් වුවහොත් ඊළඟ තරග වටයට යෑමේ වැඩි ඉඩ කඩක් නිර්මාණය කරගනු ඇත.

වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය – හයවැනි සතිය 
A කාණ්ඩයතරගජයපරාජසම/නොවිසඳුණුබෝනස්ප්‍ර.ලකුණුද.ල.ල.වේග
යුද හමුදාව54103191.249
බදුරලිය5410218-0.054
සෙබස්තියනයිට්ස්53203150.962
බී.ආර්.සී.53203150.353
නුගේගොඩ53202140.373
පොලිස්514004-0.999
නාවික හමුදාව605000-1.606
B කාණ්ඩය






ලන්කන්42112121.259
ගුවන් හමුදාව4310012-0.250
හලාවත මේරියන්ස්42202100.258
මීගමුව4112191.770
රාගම411117-0.979
පානදුර402204-1.119
C කාණ්ඩය






කෝල්ට්ස්44003192.013
මුවර්ස්43102140.063
එන්.සී.සී.42112121.591
කලුතර නාගරික422019-0.007
වරාය අධිකාරිය403102-1.848
සැරසන්ස්404000-2.633
D කාණ්ඩය






ටැමිල් යුනියන්65104242.048
එස්.එස්.සී.55004241.414
සී.සී.සී.53203151.885
ගාල්ල53201130.417
බ්ලූම්ෆීල්ඩ්513106-2.108
කුරුණෑගල තරුණ504102-1.206
කැන්ඩි කස්ටම්ස්50500

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee