slc
logo
Home   |    News
ඔක්තෝබර් 3, 2020
පන්දු යවන්නන් අතර අම්ෂි පෙරමුණ රැකගනිද්දී පිතිකරුවන් අතර නිපුන් ධනංජය පෙරමුණට එයි

Sri Lanka Cricket

By Chamila Karawita

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ දින 6ක් අවසනදී පන්දු යවන්නන් අතර අම්ෂි ද සිල්වා පළමු ස්ථානය රැක ගැනීමට සමත්වද්දී පිතිකරුවන් අතර පෙරමුණට පැමිණීමට එස්. එස්. සී. කණ්ඩායමේ නිපුන් ධනංජය සමත්වී සිටියි.

පස්වැනි දින අවසන් වද්දී පෙරමුණේ සිටි සකුන ලියනගේ තෙවැනි ස්ථානය දක්වා පහත බැස සිටින අතර පළමු ස්ථානයේ සිටින නිපුන් ධනංජය අර්ධ ශතක 3 ක් ද සමගින් තරග 5 කදී ලකුණු 276 ක් ලබා සිටියි. මෙවර තරගාවලියේ ශතක වාර්තා කර පිතිකරුවන් අතර තෙවැනි ශතක ලාභියා වූ ටැමිල් යුනියන් පිලේ රවිඳු ප්‍රනාන්දු තරග 5 කදී ලකුණු 253 ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. 

ඔහුට අමතරව යුද හමුදා පිලේ බිෂාන් මෙන්ඩිස් සහ හලාවත මේරියන්ස් පිලේ කමිඳු මෙන්ඩිස් අනෙක් ශතක ලාභීන් දෙදෙනා බවට පත්ව සිටිති. 

තරග 5 කට ක්‍රීඩා කර ඇති සී. සී. සී. පිලේ අම්ෂි කඩුලු 13 ක් බිඳ හෙළි පළමු ස්ථානය දිනාගැනීමට සමත් වද්දී සෙබස්තියනයිට්ස් පිලේ තරුෂ ප්‍රනාන්දු, ටැමිල් යුනියන් පිලේ සචිඳු කොළඹගේ  සහ නුගේගොඩ කණ්ඩායමේ නිපුන් ලක්ෂාන් කඩුලු 12 බැගින් දවාගෙන පිළීවෙළින් දෙවැනි සහ සිව්වැනි ස්ථානය අතර පිළිවෙළින් පසුවෙති. 

හෙට මෙම තරගාවලියේ පළමු වටයේ අවසාන තරග කිහිපය පැවැත්වීමට නියමිතව තිබේ. 

අවු.23 න් පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය – 2020
වැඩිම ලකුණු ලාභීහු
ක්‍රීඩකයාක්‍රීඩා සමාජයතරගලකුණුසාමාන්‍ය10050
නිපුන් ධනංජයඑස්.එස්.සී527669.003
රවිඳු ප්‍රනාන්දු ටැමිල් යුනියන් 525384.3311
සකුණ ලියනගේනුගේගොඩ523879.332
මලිඳු මදුරංගසී.සී.සී.522355.752
නිසල් ප්‍රනාන්දුබී.ආර්.සී.522155.252
බිෂාන් මෙන්ඩිස්යුද හමුදාව521442.8011
කමේෂ් නිර්මාල්ටැමිල් යුනියන්620440.801
කමිඳු මෙන්ඩිස්හ. මේරියන්ස්3200100.0011
හරිත් ප්‍රනාන්දුයුද හමුදාව517735.402
භාග්‍ය දිසානායකනාවික හමුදාව617429.002

අවු.23 න් පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය – 2020
වැඩිම කඩුලු ලාභීහු
ක්‍රීඩකයාක්‍රීඩා සමාජයතරගකඩුලුඕවරයකදී ලබා දුන් ලකුණු වල සාමාන්‍ය
අම්ෂි ද සිල්වාසී.සී.සී.5133.71
තරුෂ ප්‍රනාන්දුසෙබස්තියනයිට්ස්5123.38
සචිඳු කොළඹගේටැමිල් යුනියන්6123.55
නිපුන් ලක්ෂාන්නුගේගොඩ5116.14
රොශාන් සංජයකෝල්ට්ස්4113.38
හර්ෂ සංදීපයුද හමුදාව5113.58
ප්‍රවීන් ජයවික්‍රමමුවර්ස්4113.96
මලින්දු අභිෂේක්බී.ආර්.සී.5114.15
ලසිඳු අරෝෂණක. නාගරික4114.69
මලින්ද ජයෝද් නුගේගොඩ5103.85

Active filters

Recent Posts

  • චමරිගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව රන් පදක්කම් සටනට
    පාකිස්තානයට එරෙහිව කඩුලු 8ක විශිෂ්ට ජයක් – විස්සයි20 ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑම චමරි අතපත්තුගේ විශිෂ්ට නොදැවුණු ලකුණු 83ක ප්‍රහාරාත්මක ඉනිම හමුවේ පාකිස්තානය කඩුලු 8කින් පරාජය කළ ශ්‍රී […]
  • අගෝස්තුවේ ICC ක්‍රීඩකයා සම්මානය සොනාල් දිනූෂට
    එංගලන්තයේ ඔලී රොබින්සන් සහ බංග්ලාදේශයේ හසන් මහ්මුද් අභිබවා යමින් අගෝස්තු මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මාසික ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ […]
  • විස්සයි-20 තරගාවලියේ 3-0 ක් ලෙස එංගලන්තය ජය ගනියි
    ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හි පැවැති තෙවැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 124කට දවාගත් එංගලන්තය, එම ඉලක්කය පන්දුවාර 9යි පන්දු 4කදී කඩුල්ලක් පමණක් වැය කරමින් හඹා ගොස් විස්සයි-20 තරගාවලිය 3-0කින් අද […]
  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]

Pin It on Pinterest

USD United States (US) dollar