slc
logo
Home   |    News
ඔක්තෝබර් 8, 2020
LPL තරගාවලියට ක්‍රීඩකයින් තේරීම දින 10 කින් කල් යයි

Sri Lanka Cricket

රට තුළ නැවතත් කොවිඩ් වසංගත තත්ත්වය පැතිර යෑම හේතුවෙන්  ඔක්තෝම්බර් මස 09 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ කණ්ඩායම්වලට ක්‍රීඩකයින් තෝරා ගැනීම හෙවත් ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Player Draft) දින 10 කින් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. 

ඒ අනුව ලබන 19 වැනිදා එම ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන නමුත්, ඒ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානයෙන් පසුවේ.

අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩක කෙටුම්පත් කිරීමට, තරග වදින කණ්ඩායම් 5 න් එක් කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයන් 6 දෙනෙක් සහ දේශීය ක්‍රීඩකයින් 10 දෙනෙකු වශයෙන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් තෝරා ගැනීමට කණ්ඩායම් වල හිමිකාරීත්වයට අවස්ථාව හිමිවේ. ඒ අනුව මෙම තරගාවලිය නියෝජනය කිරීමට හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 30 ක් වේ.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest