slc
Home   |    News
ඔක්තෝබර් 19, 2020
LPL තරග බිමට ක්‍රිස් ගේල් ඇතුළු විස්සයි-20 තරු රැසක් එයි

Sri Lanka Cricket

By Chamila Karawita 

ජාත්‍යන්තර විස්සයි-20 තරග පිටියේ වැඩිම අවධානයක් දිනාගැනීමට සමත්ව සිටින කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් ඇතුළු විස්සයි-20 තරග පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයින් කීප දෙනෙකුම ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලිය යටතේ අද (19 දා) පැවැති ක්‍රීඩක තෝරා ගැනීමේදී කණ්ඩායම් විසින් තෝරාගත්හ.

අන්තර්ජාල තාක්ෂණය උපයෝගී කරගනිමින් පැවැති අදාළ ක්‍රීඩක තෝරා ගැනීමේදී කුසල් ජනිත් විසින් නායකත්වය ලබා දෙනු ලබන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම විසින් ක්‍රිස් ගේල්ගේ සහාය ලබා ගනිද්දී එවැනිම ජනප්‍රියතාවයකින් යුත් ක්‍රීඩකයෙක් වන ඇන්ඩ්‍රෙ රසල්ව ඇන්ජලෝ මැතිව්ස් විසින් නායකත්වය ලබා දෙනු ලබන කලම්බෝ කිංග්ස් කණ්ඩායම විසින් තෝරා ගනු ලැබීය. එම කණ්ඩායමට දකුණු අප්‍රිකානු පිලේ නායකයා ලෙසින් කටයුතු කළ ෆෆ් ඩු ප්ලෙසිද ක්‍රීඩා කිරීම විශේෂත්වයකි. මොවුන්ට අමතරව, කාලෝස් බ්‍රැත්වයිට්, ඩේවිඩ් මාලන්, ඩේවිඩ් මිලර් සහ ෂහිඩ් අෆ්රිඩි කණ්ඩායම්වලට තේරී පත් වුණු සෙසු කැපී පෙනෙන ක්‍රීඩකයෝ වෙති.

අද දිනයේදී තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම්වල නම්ද ප්‍රසිද්ධ කිරීම විශේෂත්වයක් වන අතර එහිදී දසුන් ශානක විසින් දඹුල්ල හෝක්ස් පිලද, ලසිත් මාලිංග විසින් ගෝල් ග්ලැඩියේටර් පිලද, තිසර පෙරේරා විසින් ජැෆ්නා ස්ටැලියන්ස් පිලද මෙහෙයවනු ලබති.

කළම්බෝ කිංග්ස් – නායක ඇන්ජලෝ මැතිව්ස් දේශීයද ඇන්ඩ්‍රෙ රසල් සහ ෆෆ් ඩුප්ලෙසිස්  විදේශීය සංඛේතාත්මක ක්‍රීඩකයින් බවට පත්ව සිටින කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ ඉන්දීය ක්‍රීඩකයින් දෙපළක් වන වේග පන්දු යවන මන්ප්‍රීට් ගෝනි සහ කඩුලු රකින මන්වින්දර් බිස්ලා ද ඇතුළත්ව සිටිති. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අයි. පී. එල්. තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන එකම ක්‍රීඩකයා වන ඉසුරු උදාන කලම්බෝ කිංග්ස්ට තවත් ශක්තියකි. 1996 වසරේදී ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා ගන්නා විට කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලද ඔස්ටේලියානු ජාතික ඩේව් වට්මෝර් මෙම කණ්ඩායමේ පුහුණුකරුවකු ලෙසින් කටයුතු කිරීමට නියමිතය.

කැන්ඩි ටස්කර්ස් – විස්සයි-20 තරග පිටියේ වැඩිම ආකර්ශනයක් සහිත ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම සිටින ක්‍රිස් ගේල් හැරුණු විට කණ්ඩායමේ නායක කුසල් ජනිත් ද ගේල් මෙන්ම වේගයෙන් පන්දුවට පහර දීමට හැකි පිතිකරුවකි. ඊට අමතරව පාකිස්තානු වමත් වේග පන්දු යවන වහාබ් රියාස් මෙන්ම ලියම් ප්ලන්කට් ද කැන්ඩි ටස්කර්ස් පිලට වැඩි ජවයක් එක් කරති. හිටපු ටෙස්ට් නායකයකු වන වත්මන් පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා පුහුුුුුුුණුකරුවකු ලෙසින් කටයුතු කරන කැන්ඩි ටස්කර්ස් පිලට කුසල් මෙන්ඩිස්, සික්කුගේ ප්‍රසන්න, ඩිල්රුවන් පෙරේරා මෙන්ම අසේල ගුණරත්නද එක්ව සිටිති.

දඹුල්ල හෝක්ස් – පුහුණුකරු ලෙසින් කටයුතු කරන ජෝන් ලුවිස් විසින් මෙම කණ්ඩායමේ සියළු තේරීම් සිදු කිරීම විශේෂත්වයකි. දසුන් ශානක විසින් නායකත්වය දරනු ලබන දඹුල්ල හෝක්ස් පිලට දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩේවිඩ් මිලර් ප්‍රධානම ක්‍රීඩකයා බවට පත් වද්දී වේගයෙන් පන්දුවට පහර දිය හැකි කාලෝස් බ්‍රැත්වයිට් ද තේරී පත්වී සිටියි. ශ්‍රී ලංකා පිලේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලද ඇතුළත්ව සිටින දඹුල්ල හෝක්ස් පිලට මෙවර දේශීය තරග පිටියේ වැඩිම ලකුණු ලාභියා වූ ළහිරු උදාරද තේරී පත්වී සිටීම කැපී පෙනෙයි.

ගෝල් ග්ලැඩියේටර්ස් – ලසිත් මාලිංග සහ ෂහිඩ් අෆ්රිඩි ඇතුළත්ව සිටින ගෝල් ග්ලැඩියේටර්ස් පිලට කොලින් ඉන්ගැහැම් හැරුණු විට සෙසු සියලුම විදෙස් ක්‍රීඩකයින් පාකිස්තානු ජාතිකයින් වීම කැපී පෙනෙයි. පාකිස්තානු ජාතිකයකුගේ හිමිකාරීත්වය යටතේ මෙම තරගාවලිය නියෝජනය කරනු ලබන ගෝල් ග්ලැඩියේටර්ස් පිලට වේග පන්දු යවන මොහොමඩ් ආමර්ද එක්ව සිටින අතර ඔහු සහ ලසිත් මාලිංග එක්ව නව පන්දුවෙන් සහ අවසන් පන්දුවාර කීපය ප්‍රතිවාදී පිතිකරුවනට පහසු නොවනු ඇත. හිටපු පාකිස්තානු නායක සෆ්‍රාස් අහමඩ් එම කණ්ඩායමේ කඩුලු රකින්නා වේ. මෙම කණ්ඩායමට ක්‍රීඩකයින් එක් කර ගැනීමේදී අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ කරන ලද සංචාරයේදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් යුගලයක් වුණු ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂගේ සහාය ලබා ගැනීමද කැපී පෙනෙයි. ඉකුත් වසරේ පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තානු එක්දින තරග සංචාරය යටතේ ධනුෂ්ක ගුණතිලක ශතකයක් ද භානුක රාජපක්ෂ අර්ධ ශතකයක් ඇතුළුව පිතිකරණයෙන් දක්ෂතා දැක්වීමට සමත්වූහ. එම දක්ෂතා මත පදනම්ව පාකිස්තානයට එරෙහිව පැවැති එක්දින තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. 

ජැෆ්නා ස්ටැලියන්ස් – තිසර පෙරේරා නායකත්වය ලබා දෙනු ලබන ජැෆ්නා ස්ටැලියන්ස් පිලට සංඛේතාත්මක ක්‍රීඩකයින් ලෙස ඩේවිඩ් මාලන් සහ වනිඳු හසරංග නම් කර තිබේ. හිටපු පාකිස්තානු නායකයකු වන ෂොයෙබ් මලික්, වේග පන්දු යවන උස්මාන් ශින්වාරි මෙන්ම අසීෆ් අලී ජැෆ්නා ස්ටැලියන්ස් නියෝජනය කරනු ලබන ප්‍රධාන විදෙස් ක්‍රීඩකයෝ වෙති. සුරංග ලක්මාල්, අවිෂ්ක ප්‍රනාන්දු, මිනෝද් භානුක සහ වනිඳු හසරංගගේ සහෝදර චතුරංග ද සිල්වාද ජැෆ්නා ස්ටැලියන්ස් පිලේ සෙසු බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයෝ වෙති. 

කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් 16 දෙනාට අමතරව අතිරේක ක්‍රීඩකයින් 4 දෙනෙකුද තෝරා ගැනීමට කණ්ඩායම් හිමිකාරීත්වයට හිමිවිය. කෙසේ වෙතත් ලබන නොවැම්බර් 01 වැනිදාට පෙර ක්‍රීඩකයින් කීප දෙනෙකු තෝරා ගැනීමේ අවස්ථාවක් කණ්ඩායම් වලට ලබා දීමට තරගාවලි සංවිධාන කමිටුව පියවර ගෙන තිබුණ බැවින් ගෝල්ද ග්ලැඩියේටර් පිල හැර අනෙක් සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයින් කීප දෙනෙකු තෝරා ගැනීම කල් දැමීමට පියවර ගනු ලැබූහ. 

මෙම ක්‍රීඩකයින් තේරීම ඒ ඒ කණ්ඩායම් වල හිමිකාරීත්වය විසින් නම් කරන ලද පුහුණුකරුවන්, කළමනාකරුවන්ගේ සහ හිමිකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එල්.පී.එල්. තරගාවලි අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලීද සිල්වා, පරිපාලන ප්‍රධාන අරුණද සිල්වා සහ තරගාවලි කමිටු ප්‍රධානී බන්දුල බස්නායක යන මහත්වරු සහභාගිවී සිටියහ. 

වටයකලම්බෝ කිංග්ස්දඹුල්ල හෝක්ස්ගෝල් ග්ලැඩියේටර්ජැෆ්නා ස්ටැලියන්ස්කැන්ඩි ටස්කර්ස්
1ඇන්ජලෝ මැතිව්ස්දසුන් ශානකලසිත් මාලිංගතිසර පෙරේරාකුසල් ජනිත්
2ඇන්ඩ්‍රෙ රසල්ඩේවිඩ් මිලර්ශහිඩ් අෆ්රිඩිඩේවිඩ් මාලන්ක්‍රිස් ගේල්
3ෆෆ් ඩු ප්ලෙසිකාලෝස් බ්‍රැත්වේට්කොලින් ඉංග්‍රැම්වනිඳු හසරංගලියම් ප්ලන්කට්
4මන්ප්‍රීට් ගෝනිහස්රාතුල්ලා සසායිෂොයෙබ් මලික්
5මන්වින්දර බිස්ලාසමිත් පටෙල්මොහොමඩ් අමීර්උස්මාන් ශින්වාරිවහාබ් රියාස්
6ඉසුරු උදානනිරෝෂන් දික්වැල්ලධනුෂ්ක ගුණතිලකඅවිෂ්ක ප්‍රනාන්දුකුසල් මෙන්ඩිස්
7දිනේෂ් චන්දිමාල්ළහිරු උදාරභානුක රාජපක්ෂධනංජය ද සිල්වානුවන් ප්‍රදීප්
8අමිල අපෝන්සුඕෂධ ප්‍රනාන්දුඅකිල ධනංජයසුරංග ලක්මාල්සීක්කුගේ ප්‍රසන්න
9අශාන් ප්‍රියන්ජන්කසුන් රජිතමිලින්ද සිරිවර්ධනබිනුර ප්‍රනාන්දුඅසේල ගුණරත්න
10රවින්ද්‍රපාල් සිංසෆ්‍රාස් අහමඩ්අසීෆ් අලීනවීනුල් හසන්
11පෝල් ස්ට්‍රිලිංඅසාම් ඛාන්
12දුෂ්මන්ත චමීරළහිරු මධුශංකලක්ෂාන් සඳකැන්මිනෝද් භානුකකමිඳු මෙන්ඩිස්
13ජෙෆ්රි වැන්ඩර්සිඋපුල් තරංග ෂෙහාන් ජයසූරියචතුරංග ද සිල්වාඩිල්රුවන් පෙරේරා
14තික්ෂිල ද සිල්වාඇන්ජලෝ පෙරේරාඅසිත ප්‍රනාන්දුප්‍රියමාල් පෙරේරා
15තරිඳු කෞෂාල්රමේෂ් මෙන්ඩිස්නුවන් තුෂාරමහේෂ් තීක්ෂණකවීෂ අංජුල
16ළහිරු උදාරපුලින තරංගමොහොමඩ් ශිරාස්චරිත් අසලංකලසිත් ඇඹුල්දෙණිය
17හිමේෂ් රාමනායකඅශේන් බණ්ඩාරධනංජය ලක්ෂාන්නුවනිඳු ප්‍රනාන්දුළහිරු සමරකෝන්
18කලන පෙරේරාඩිල්ෂාන් මදුශංකචානක රුවන්සිරිකනගරත්නම් කපිල්රාජ්නිශාන් මදුෂ්ක
19තරිඳු රත්නායකසචිඳු කොළඹගේසහන් ආරච්චිතිවේන්ද්‍රියන් දිනෝෂන්චාමික එදිරිසිංහ
20නවෝද් පරණවිතානදුවිඳු තිලකරත්නයියාකාන්ත් යියස්කාන්ත්ඉෂාන් ජයරත්න

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest