slc
Home   |    News
ඔක්තෝබර් 19, 2020
LPL වලට ක්‍රීඩකයින් තේරීම තව හෝරා කීපයකින්

Sri Lanka Cricket

By CHAMILA KARAWITA

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන මෙරට ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය හෙවත් ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් තෝරා ගැනීම (Player draft) අද (19 වැනිදා) දිනයේ තවත් හෝරා කීපයකින් පැවැත්වෙනු ඇත. අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩක තෝරා ගැනීම ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.00 ට ආරම්භ වේ.  

270 දෙනෙකුට ආසන්න විදෙස් ක්‍රීඩකයින්ට අමතරව දේශීය ක්‍රීඩකයින් 165 කු අද දිනයේ දිනයේ පැවැත්වෙන ක්‍රීඩක තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කර සිටියි. එම ලැයිස්තුවට අමතරව බහුතරයක් නැගී එන සංචිතය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් ඇතුළත් 50 කට ආසන්න සංඛ්‍යාවක් අතිරේක ක්‍රීඩක ලැයිස්තුවකට නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

මෙම ක්‍රීඩකයින් තෝරා ගැනීම ඒ ඒ කණ්ඩායම් අයිතිකරුවන්, පුහුණුකරුවන් හෝ කණ්ඩායම්හි හිමිකාරීත්වය විසින් නම් කරන ලද පිරිසක් විසින් සිදුකරන අතර, කුසපත් ඇදීමකින් අනතුරුව ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව ඔවුනට හිමිවනු ඇත.

එහිදී තම කණ්ඩායමට අයත් ක්‍රීඩකයකු තෝරා ගැනීම සඳහා එම කණ්ඩායම් හිමිකාරීත්වයන්ට මිනිත්තු 2 ක කාලයක් හිමි වන පරිදි මෙම ක්‍රීඩක තෝරා ගැනීම සකස් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තරග වදිනු ලබන කණ්ඩායම් 5 සඳහා සංඛේතාත්මක (Icon Player) ක්‍රීඩකයින් 6 දෙනෙකු මේ වන විටත් නම් කර තිබෙන අතර ඔවුනට අමතරව තවත් ක්‍රීඩකයින් 2 දෙදෙනකු සංඛේතාත්මක ක්‍රීඩකයින් ලෙසින් කණ්ඩායමට එක් කර ගැනීමේ අවස්ථාව කණ්ඩායමට හිමිකාරීත්වයට උදාවනු ඇත.  ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, කුසල් පෙරේරා, දසුන් ශානක සහ නිරෝෂන් දික්වැල්ල නම් කර ඇති සංඛේතාත්මක ක්‍රීඩකයින් වේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා වූ කාල සීමාවේදී පල්ලකැලේ සහ හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත. කොළඹ, මහනුවර, දඹුල්ල, ගාල්ල සහ යාපනය යන නගර මුල් කරගනිමින් කණ්ඩායම් 5 ක් මෙම තරගාවලිය නියෝජනය කරනු ලබන අතර දින 15 ක කාලයක් පුරා විහිදෙන තරගාවලිය අවසන් මහ තරගයද ඇතුළුව සමස්ථ තරග 23 කින් සමන්විත වනු ඇත.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest