slc
logo
Home   |    News
ඔක්තෝබර් 8, 2020
LPL තරගාවලියට ක්‍රීඩකයින් තේරීම දින 10 කින් කල් යයි

Sri Lanka Cricket

රට තුළ නැවතත් කොවිඩ් වසංගත තත්ත්වය පැතිර යෑම හේතුවෙන්  ඔක්තෝම්බර් මස 09 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ කණ්ඩායම්වලට ක්‍රීඩකයින් තෝරා ගැනීම හෙවත් ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Player Draft) දින 10 කින් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. 

ඒ අනුව ලබන 19 වැනිදා එම ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන නමුත්, ඒ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානයෙන් පසුවේ.

අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩක කෙටුම්පත් කිරීමට, තරග වදින කණ්ඩායම් 5 න් එක් කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයන් 6 දෙනෙක් සහ දේශීය ක්‍රීඩකයින් 10 දෙනෙකු වශයෙන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් තෝරා ගැනීමට කණ්ඩායම් වල හිමිකාරීත්වයට අවස්ථාව හිමිවේ. ඒ අනුව මෙම තරගාවලිය නියෝජනය කිරීමට හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 30 ක් වේ.

Active filters

Recent Posts

  • චමරිගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව රන් පදක්කම් සටනට
    පාකිස්තානයට එරෙහිව කඩුලු 8ක විශිෂ්ට ජයක් – විස්සයි20 ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑම චමරි අතපත්තුගේ විශිෂ්ට නොදැවුණු ලකුණු 83ක ප්‍රහාරාත්මක ඉනිම හමුවේ පාකිස්තානය කඩුලු 8කින් පරාජය කළ ශ්‍රී […]
  • අගෝස්තුවේ ICC ක්‍රීඩකයා සම්මානය සොනාල් දිනූෂට
    එංගලන්තයේ ඔලී රොබින්සන් සහ බංග්ලාදේශයේ හසන් මහ්මුද් අභිබවා යමින් අගෝස්තු මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මාසික ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ […]
  • විස්සයි-20 තරගාවලියේ 3-0 ක් ලෙස එංගලන්තය ජය ගනියි
    ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හි පැවැති තෙවැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 124කට දවාගත් එංගලන්තය, එම ඉලක්කය පන්දුවාර 9යි පන්දු 4කදී කඩුල්ලක් පමණක් වැය කරමින් හඹා ගොස් විස්සයි-20 තරගාවලිය 3-0කින් අද […]
  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee