slc
logo
Home   |    News
නොවැම්බර් 9, 2020
අභිනව LPL හි සත්කාරකත්වය හිමි ‘වාසනාවන්තයා’

Sri Lanka Cricket

By Chamila Karawita

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙසින් ද ක්‍රීඩා ලෝලීන් හඳුන්වනු ලබන මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩාංගණය එළැඹෙන නොවැම්බර් 26 වැනිදා අභිනවයෙන් පැවැත්වෙන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2020’ හෙවත් ‘LPL-2020’ ක්‍රිකට් තරගාවලියේ නිල සත්කාරකත්වය හිමි එකම ක්‍රීඩාංගණයයි. දකුණු පළාතට හිමි දෙවැනි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය වන මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ලබන දෙසැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයද ඇතුළුව සමස්ථ තරග 23 ක් පැවැත්වෙනු ඇත.

එතරම්ම ඉතිහාසයකට හිමිකම් නොකීවද මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය යනු ලෝක කුසලාන 2 කට සත්කාරකත්වය ලබා දුන් ක්‍රීඩාංගණයකි. 2011 වසරේ පැවැති පන්දුවාර 50 එක්දින ලෝක කුසලාන තරගාවලියේ පැවැති තරග වලට අමතරව 2012 වසරේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ තරග කිහිපයක්ද මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය සත්කාරකත්වයෙන් පැවැත්විණ.

තණමල්විල සහ සූරියවැව ප්‍රධාන අන්ත ලෙසින් ඉදිකොට ඇති මෙම ක්‍රීඩාංගණයේදී දින 21 ක් පුරා පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය Covid 19 වසංගතයේ බලපෑමෙන් පසු මෙරට පැවැත්වෙන පළමු ජාත්‍යන්තර මට්ටමේ තරගාවලිය වන්නේය. තරගාවලිය පැවැත්වීමේ මූලික සැලසුම් වලදී මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ඇතුළු තවත් ක්‍රීඩාංගණ 4 ක තරගාවලිය පැවැත්වීමේ සූදානමක් පැවැතියත් කොරෝනා වෛරස් තත්ත්වය මත තරගාවලිය පැවැත්වීමට ආරක්ෂිතම ක්‍රීඩාංගණය වන්නේ මෙම ක්‍රීඩාංගණය බවට සෞඛ්‍ය අංශ විසින් නම් කිරීමත් සමඟ තරගාවලියේ සියළුම තරග සඳහා සත්කාරකත්වය ලබා දීමේ වාසනාව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට උදාවිය. 

ආසියාව කේන්ද්‍ර කර ගනිමින් 2011 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වීම සඳහා ඉදිකරන ලද මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පවත්වා ඇති පළමු තරගය වන්නේ එම තරගාවලිය යටතේ පැවැති ශ්‍රී ලංකාව සහ කැන්ඩාව අතර තරගයයි. පෙබරවාරි 20 වැනිදා ජාත්‍යන්තර තරග වරම් දිනා ගැනීමේ සළු පිළි පළඳින මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය, එකවර ප්‍රේක්ෂකයින් 35,000 කට ආසන්න සංඛ්‍යාවකට එකවර තරග නැරඹීමේ අවස්ථාව හිමිවන අයුරින් නිර්මාණය කර තිබේ.

පවත්වන ලද පළමු තරගයෙන්ම ලකුණු 210 කින් සත්කාරක ශ්‍රී ලංකා පිල ජය වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනුණු අතර එම තරගයෙන් පසු මේ වන තෙක් මෙම ක්‍රීඩාංගණයේ එක්දින තරග 21 ක් පවත්වා තිබේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ කෙන්යාව සහ පාකිස්තානය අතර පැවැති තරගයට අමතරව සෑම තරගයක්ම ක්‍රීඩා කර ඇත්තේ ශ්‍රී ලංකා පිල වේ. වසර 9 ක කෙටි ඉතිහාසය තුළ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණ‍යේදී එක්දින තරග 20 කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා පිල එහිදී නව වතාවකදී ජයග්‍රහණද 8 වතාවකදී පරාජයන්ද ලබා තිබේ. මෙම ක්‍රීඩාංගණයේ නොවිසඳුණු හෙවත් ප්‍රතිඵල රහිත තරග 3 ක් වේ.

2012 වසරේ පැවැති පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති තරගය මෙම ක්‍රීඩාංගණයේ පවත්වා ඇති මංගල විස්සයි-20 තරගය වන අතරම එම තරගයෙන් ලකුණු 37 ක ජයක් ශ්‍රී ලංකාවට හිමිවිය. ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව කඩුලු 7 කට ලකුණු 132 ක් ලබා ගන්නා ලද අතර එය හඹා යෑමේදී පාකිස්තානු පිලට සියළු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 95 ක් පමණි.

එම තරගයෙන් පසු මේ වන තෙක් විස්සයි-20 ජාත්‍යන්තර තරග 7 ක් පවත්වා ඇති මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව තරග 6 කට සහභාගිවී තිබේ. එම අවස්ථා 6 න් ශ්‍රී ලංකා පිල අවස්ථා 3 කදී ජයග්‍රහණද අවස්ථා 3 කදී පරාජයන්ද අත්කරගෙන තිබේ.

මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ මෙතෙක් පැවැති විස්සයි-20 තරග වලදී කණ්ඩායම් සහ ක්‍රීඩකයින් දක්වන ලද දක්ෂතා පහත වගුවලින් දැක්වේ.

Active filters

Recent Posts

  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]

Pin It on Pinterest

USD United States (US) dollar