slc
Home   |    News
නොවැම්බර් 19, 2020
කණ්ඩායම් 5 ම හම්බන්තොට එති

Sri Lanka Cricket

කණ්ඩායම් 5 ම හම්බන්තොට එති

තවත් දින 7 කින් ආරම්භ වන “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට නියමිත කණ්ඩායම් අතරින් තරග බිමට පැමිණි අවසන් කණ්ඩායම බවට පත්වුණු ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම හම්බන්තොටට පැමිණීමත් සමඟ තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් 5 ම, නීරෝධායන කාල සීමාවට යටත්ව හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේ නවා තැන් ගෙන සිටියි.

කොවිඩ් 19 වසංගතයේ බලපෑම හේතුවෙන් සෞඛ්‍ය අංශවල ලබාදී තිබෙන විශේෂිත නිර්දේශන්ට අනුව සෑම කණ්ඩායමක්ම අනිවාර්යය නීරෝධායනය කාල සීමාවකට යටත්ව තරගාවලිය නියෝජනය කරනු ඇත.

තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් අතුරින් ප්‍රථමයෙන්ම තරග බිමට ළඟා වූ කණ්ඩායම බවට පත්වූයේ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමයි. හම්බන්තොටට පැමිණීමට පෙර ඉකුත් 13 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ කාල සීමාවේදී මහනුවරදී පුහුණු කඳවුරකට සහභාගිවීමෙන් අනතුරුව ජැෆ්නා පිල ඉකුත් 16 වැනි දින පස්වරුවේ හම්බන්තොටට පැමිණියේය. සෙසු කණ්ඩායම් අතරින් දඹුල්ල වයිකින්ස්, කලම්බු කිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් එදිනම රාත්‍රී කාලයේදී නවාතැන් ගෙන හෝටලයට පැමිණියහ.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු සංචාරය ඉලක්ක කර ගනිමින් මහනුවරදී පැවැත්වෙන දින 10 ක පුහුණු සැසියක් සඳහා සහභාගිවී සිටින ක්‍රීඩකයින් ලබන 22 වැනිදා තමන් ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම් හා එක්වීමට නියමිතය. කෙසේ වෙතත් තරගාවලිය නියෝජනය කරනු ලබන විදෙස් ක්‍රීඩකයින්ගෙන් බහුතරයක් 19 වැනිදා වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටිති.

ශ්‍රී ලංකා කිකට් ආයතනය සහ අයි.පී.ජී. ආයතන එක්ව සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙම මස 26 වැනිදා සිට දෙසැම්බර් මස 16 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. දෙසැම්බර් 16 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගය ඇතුළු සමස්ථ තරගාවලිය තරග 23 කින් සමන්විත වේ.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest