slc
logo
Home   |    News
නොවැම්බර් 11, 2020
ක්‍රීඩකයින් 22කට දින 10ක පුහුණු කඳවුරක්

sinhala editor

ලබන දෙසැම්බර් මස අග භාගයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරය ඉලක්ක කර ගනිමින් මෙම නොවැම්බර් මස 13 වැනිදා සිට විශේෂ පුහුණු කඳවුරක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

එම සංචාරය සඳහා නම් කරන ක්‍රීඩකයින් 22 ගෙන් සමන්විත පුහුණු සංචිතය දින 10 ක් මුළුල්ලේ පැවැත්වෙන මෙම පුහුණු කඳවුර සඳහා සහභාගිවනු ඇත. කොරෝනා වෛරස් තත්ත්වයෙන් සඳහා සංචිතයේ පුහුණුවීම් ‘ජෛව ආරක්ෂිත බුබුලකට’ (Bio-secure bubble) යොමු කොට පැවැත්වෙනු ඇත.

පුහුණු කඳවුර අවසන් වුණු වහාම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවන ක්‍රීඩකයින් සියල්ල සෘජුවම හම්බන්තොට බලා පිටත්ව යන අතර සෙසු ක්‍රීඩකයින් නොවැම්බර් 22 වැනි දින සිය නිවෙස් කරා යෑමට නියමිතය.

තරග 2 කින් සමන්විත ටෙස්ට් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් 17 වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන අතර පළමු තුන් දින පුහුණු තරගයට එම මස 20 වැනිදා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආරාධිත XI සමඟ බෙනෝනිහිදී සහභාගිවනු ඇත.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 26 වැනිදා හෙවත් බොක්සිං දිනයේදී සෙන්චූරිය්හි සුපර් ස්පෝර්ට් පාර්ක් පිටියේදී සහභාගිවන අතර දෙවැන්න ජනවාරි 03 වැනි දින ජොහැන්නස්බර්ග් හි වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee