slc
Home   |    News
නොවැම්බර් 11, 2020
LPL ගැන මිකී ආතර්ගේ විශ්වාසය

sinhala editor

By Chamila Karawita

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කාලයක් තිස්සේ අඩුපාඩුවක්ව පැවැති ගුණාත්මක බවින් යුත් ජාත්‍යන්තර මට්ටමේ විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියක අඩුව පුරවමින්, ‘ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් LPL ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුල පිරීම ඉතා කාලෝචිත ක්‍රියාවක් බව පවසන ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මෙකී තරගාවලිය හරහා දක්ෂතාවලින් හෙබි තරුණ ක්‍රීඩකයින් හඳුනා ගැනීමට මෙන්ම ඔවුන්ගේ දක්ෂතා වේගවත්ව දියුණුකර ගැනීමට කදිම වේදිකාවක් නිර්මාණය කර දෙන බව සඳහන් කර සිටියි.

දේශීය ක්‍රීඩකයින් 50 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකුගේ සහභාගිත්වයෙන් එළැඹෙන නොවැම්බර් 26 වැනිදා හම්බන්තොටදී ආරම්භ වන අභිනව එල්. පී. එල්. ක්‍රිකට් තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් දකුණු අප්‍රිකානු ජාතික පුහුණුකරුවා ඉහත අදහස් පළ කර සිටියේය.

දෙසැම්බර් 16 වැනිදා දක්වා වූ පුරා දින 20 ක් මුලුල්ලේ පැවැත්වෙන මෙම තරගාවලියේදී ක්‍රීඩකයින්ගේ දක්ෂතා සංවර්ධනය වීම කාරණා කීපයක් හරහා සිදුවන බවත්, ඒ අතරින් වැදගත්ම කරුණ බවට පත්වන්නේ පීඩන තත්ත්වයන් යටතේ ක්‍රීඩකයින් කොයි අයුරින් ක්‍රීඩා කළ යුතු ද යන්න ඉගැන්වීම බව සඳහන් කර සිටියි.

“වැදගත්ම දේ තමයි පීඩනය යටතේ ක්‍රීඩා කළ යුතු ආකාරය ක්‍රීඩකයින්ට ඉගැන්වීම.  එල්. පී. එල්. තරගාවලිය හරහා එවැනි අත්දැකීම් රාශියක් ක්‍රීඩකයින්ට ලබා ගැනීමේ හැකියාව උදාවනවා” යැයි ආතර් තම විශ්වාසය පළ කර සිටියි.

පීඩනයේදී හැසිරිය යුතු ආකාරය, විදේශීය ක්‍රීඩකයින් මෙන්ම පුහුණුකරුවන් සමඟ අන්‍යෝන්‍ය ලෙස කටයුතු කිරීම සහ වෘත්තීය පරිසරයක් වටා සිටීමට නවක ක්‍රීඩකයින්ට අවස්ථාව හිමිවීම හරහා එම නවක ක්‍රීඩකයින්ගේ දක්ෂතා වර්ධනය වන අයුරි තමන් ලෝකය පුරා පැවැත්වෙන ලීග් තරගාවලි වලදී තමන් දැක තිබෙන බවද ප්‍රධාන පුහුණුකරු මෙහිදී සඳහන් කර සිටියේය.

“ඇත්තටම විදේශීය ක්‍රීඩකයින් මෙන්ම ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ප්‍රධාන ක්‍රීඩකයින් සමඟ එකතුව ක්‍රීඩා කිරීමට නවක ක්‍රීඩකයින්ට අවස්ථාව ලැබීම හරහා තරගයකදී  ජ්‍යෙෂ්ඨයින්ගේ සූදානම ගැන නිරීක්ෂණය කිරීම, තරගයකට පෙර සූදානම් වීම වගේම දිනය සැලසුම් කරන්නේ කොහොමද කියන දේවල් ගැනත් ඉගෙන ගන්න හොඳ අවස්ථාවක්” යැයිද ආතර් පවසයි.

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන LPL තරගාවලිය ලබන දෙසැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය ඇතුළුව සමස්ථ තරගාවලිය තරග 23 කින් සමන්විතවනු ඇත.

කෙසේ වෙතත් මේ ආකාරයේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලිවලදී සෑම විටම දක්ෂතා සහිත නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ දක්ෂතා දැක බලා ගැනීමේ අවස්ථාව උදාවන අතර ඒ සදහා මෙම තරගාවලිය කදිම අවස්ථාවක් නිර්මාණය කර දී තිබෙන බව මිකී ආතර් සිය විශ්වාසය පළ කර සිටියි.

“මම නිතරම තරුණ වගේම නැවුම් දක්ෂතා තියෙන ක්‍රීඩකයින් සොයමින් ඉන්නවා. ඒ අනුව ඔවුන් අපි සොයන නිර්ණායකයන්ට ගැලපෙන පරිදි දක්ෂතා දැක්වීමට හැකියාවක් තියෙනවා නම් සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ කරා කණ්ඩායම රැගෙන යා හැකි තරමේ දක්ෂතා තියෙනවා නම් ඔවුන් දෙස මම උනන්දුවෙන් බලන්න සූදානම්. කෙසේ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සහ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරග අතර යම් කිසි පරතරයක් තියෙන බව අප තේරුම් ගත යුතුයි” යැයි ආතර් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මෙම පෙබරවාරි මසදී පැවැති එක්දින සහ විස්සයි-20 තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන තෙක් කිසිදු ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවිය. සංචාර කීපයක් ඉලක්ක කර ගනිමින් ගෙවී ගිය මාස කීපයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පුහුණුවීම් කටයුතු වල නිරත වූ නමුත් කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් ඒ සෑම තරගාවලියක්ම කල් දැමිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය අංශය සමඟ සිදුකරන ලද සාකච්ඡාවේදී අවසන් වශයෙන් ඒ පිළිබඳවද අදහස් දක්වා සිටි ප්‍රධාන පුහුණුකරු “මේ තරගාවලියේ මම වඩාත්ම සිත්ගන්නා අංගය තමයි අපේ ක්‍රීඩකයින්ට තරගකාරීත්වයකින් යුතු ක්‍රිකට් ක්‍රීඩාවට යළි අවතීර්ණ වීමට අවස්ථාව උදාවීම. දීර්ඝ කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි වීම ඇත්තටම කලකිරීම් ඇති කරවන්නක්. කොයිම ආකාරයක දැල් පුහුණුවීමකින් හෝ පුහුණුවීම් තුළින් දැඩි තරගකාරීත්වයකින් යුතු ක්‍රීඩාවක් ප්‍රති නිර්මාණය කළ නොහැකියි” යැයිද සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

  • මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති
    Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 […]
  • ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන […]
  • ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය
    ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් […]
  • එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් […]
  • ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්
    ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. […]
USD United States (US) dollar

Pin It on Pinterest