slc
Home   |    News
නොවැම්බර් 18, 2020
LPL සඳහා තරග පැවැත්විය හැකි තණතීරු 10 ක්

sinhala editor

මේ මස 26 වැනිදා සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන “My11Circle ලංකා ප්‍රිමියර් ලීග් – 2020” ක්‍රිකට් තරගාවලියේ භාවිතය සඳහා නිර්මාණය කර තිබෙන ප්‍රධාන විකට්ටුව තරග පැවැත්වීමට හැකි මට්ටමේ තණතීරු 10 කින් සමන්විතව නිර්මාණය කිරීමෙට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

දින 21 ක් පුරා විහිදී විහිදී ඇති අභිනව LPL තරගාවලියේ පැවැත්වීමට නියමිත තරග 23, දින 15 ක් ඇතුළතදී පැවැත්වෙනු ඇත. දිගින් දිගටම එකම තණතීරුවක තරග පැවැත්වීමේදී තණතීරුව කඩොතොළුවීමේ වැඩි සම්භාවිතාවක් ඇති බැවින් මේ හරහා එම තත්ත්වය අවම කර ගැනීමට ක්‍රීඩාංගණ බලධාරීන්ට අවස්ථාව උදාවනු ඇත.  

ඒ අනුව ක්‍රීඩාංගණයේ ප්‍රධාන තණතීරුව සකස් කිරීමේ සුළු සුළු වැඩ කටයුතු හැරුණු කොට සෙසු සියළුම ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විටත් අවසන් කිරීමට එහි වගකීම් ගෙන කටයුතු කරන අංශ පියවර ගෙන තිබේ.

“තරගාවලිය සඳහා හොඳ මට්ටමේ තණතීරු ලබා දීම සහතික කිරීම සඳහා අපි උපරිම පරිමාණය මේ සදහා භාවිතා කළා. මෙම දැවැන්ත කාර්යය අපිට සාර්ථකව ඉටු කර ගැනීමට හැකියාව පවතින බව මට විශ්වාසයි” යැයි ඒ පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ සහ එම ක්‍රීඩාංගණ පහසුකම් භාර කළමනාකරු ලෙසින් කටයුතු කරන ගොඩ්ෆි දාබරේ මහතා සඳහන් කර සිටියේය.

මෙම තණතීරු 10 ට අමතරව තරගාවලියට ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම් පහේ පුහුණු කටයුතු සඳහා රාත්‍රි කාලයේ පහසුකම් සහිත පුහුණු තණතීරු 25 ක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ නිර්මාණය කර තිබීම කැපී පෙනෙයි. මීට අමතරව කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් සැලසුම් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූල වන පරිදි පවතින ක්‍රීඩාගාර 2 ට අමතරව තවත් අළුතින් ක්‍රීඩාගාර 2 ක් ද මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ස්ථාපතනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest