slc
Home   |    News
දෙසැම්බර් 10, 2020
එවන්ස්ගේ වාර්තාගත ශතකයෙන් කලම්බු කිංග්ස් ජය ගනියි

Sri Lanka Cricket

Chamila Karawita reporting from Hambantota

ආරම්භක පිතිකරු ලෝරි එවන්ස් විසින් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මංගල ශතකයට හිමිකම් කියමින් ක්‍රීඩා කරන ලද ඉනිම හේතුවෙන් ජැෆ්නා ස්ටැලියන්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 6 ක ජයක් වාර්තා කිරීමට කලම්බු කිංග්ස් කණ්ඩායම අද (10 දා) සමත්විය.

තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ඇන්ඩ්‍රෙ රසල් ප්‍රධාන කලම්බු කිංග්ස් පන්දු යවන්නන්ගේ ආක්‍රමණශීලී පන්දු යැවීම හමුවේ ජයග්‍රහණය සඳහා ලකුනු 174 ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසනදී ලබා ගත හැකි වූයේ කඩුලු 6 ක් දැවී ලකුණු 167 ක් පමණි.

සැලකිය යුතු සහායක් ඉදිරිපෙළ පිතිකරුවන්ගෙන් නොලැබුණද  පිටිට පිවිසි වනිඳු හසරංග සහ සුරංග ලක්මාල් 7 වැනි කඩුල්ල එකතුව පන්දු 24 කදී ලකුණු 42 ක් එක් කිරීමට සමත් වුවද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. රසල් විසින් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයට ජයග්‍රහණය සඳහා ලකුණු 25 ක් ලබාගත යුතු වුවත් ලැබුණු නිපන්දුවේ සහයෝගයත් සමඟ හසරංග-ලක්මාල් යුගලයට රැස් කර ගත හැකි වූයේ ලකුණු 18 ක් පමණි. තරගය නිමා කරන විට වනිඳු හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමඟින් පන්දු 14 කදී ලකුණු 23 ක්ද සුරංග ලක්මාල් පන්දු 11 කදී හතරේ පහර 3 ක් සමඟ ලකුණු 17 ක් ද ලබා සිටියහ.

ලකුණු 4 ක් ලබා සිටියදී නායක තිසර පෙරේරා විසින් ඩීප් පොයින්ට් කළාපයේ පන්දු රකිමින් සිටි තික්ෂිල ද සිල්වා අතට දුන් උඩ පන්දුව ගිලිහී යෑමෙන් තම ඉනිම පන්දු 9 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමඟි ලකුණු 22 ක් දක්වා ඉහළ දමා ගත්තේය.

පන්දුව දුන් බොහෝ අවස්ථාවන්හිදී වෙනසක් කිරීමට සමත්කමක් දක්වන ඇන්ඩ්‍රෙ රසල් ජයග්‍රහණයට අත්‍යවශ්‍යම වූ තිසරගේ කඩුල්ල දවා ගත්තේය.  රසල් විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 4 දී ලකුණු 46 ක් ලබා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවන් සමත් වුවත් අවශ්‍යම අවස්ථාවන් වලදී ක්‍රියාත්මක වෙමින් කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වූවේය. එයට තිසරගේ හැරුණු විට චරිත් අසලංක සහ ෂොයෙබ් මලික්ගේ කඩුලු ඇතුළත්විය.

හයේ පහර 5 කින් සහ හතරේ පහර 9 කින් වර්ණවත් වුණු එවන්ස්ගේ ඉනිම ප්‍රධාන කොට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 173 ක් ලබා ගැනීමට  කලම්බු කිංග්ස් පිලට අවස්ථාව උදාවිය.  වනිඳු හසරංගගේ පන්දුවක් මිඩ් විකට් කළාපය වෙත යෑමට සලස්වමින් ලකුණු 2 ක් සඳහා පැති හුවමාරු කරගත් එවන්ස් අභිනව ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ශතක ලාභියා බවට පත්වෙමින් සදාතනික මතකයක් එක් කරගත්තේය. 

අවසන් වරට පැවැති එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ලද 33 හැවිරිදි එවන්ස් ආරම්භයේ සිට ඉනිම හමාර වන තුරුම කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 65 කදී ලකුණු 108 ක් ලබා ගත්තේය. පවර් ප්ලේ අවස්ථාව අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 31 ක් ලබා සිටි කලම්බු කිංග්ස් කණ්ඩායමට සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට මං පෙත් විවර වන්නේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් එවන්ස් සහ මැතිව්ස් පන්දු 42 කදී එක් කරන වේගවත් ලකුණු 84 හේතුවෙනි. බිනුර ප්‍රනාන්දු විසින් යවන ලද 15 වැනි පන්දුවාරයේදී  ලකුණු 25 ක් රැස් කිරීමට සමත් වුවත් අවසන් පන්දුවාර 5 දී කලම්බු කිංග්ස් පිලට රැස් කරගත හැකි වූයේ ලකුණු 31 ක් පමණි. 

ලෝරි එවන්ස් විසින් ඉනිම ආරම්භ කලද සුරංග ලක්මාල් සහ අද තරගයේදී මංගල එල්.පී.එල්. වරම් ලද මහීෂ් තීක්ෂණ මනා පාලනයකින් යුතුව පන්දු යැවීමට සමත්වූ නිසා පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 තුළදී කලම්බු කිංග්ස් පිතිකරුවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 31 ක් පමණි. ඒ අතරතුර දිනේෂ් චන්දිමාල්ගේ කඩුල්ල දවා ගැනීමට සුරංග ලක්මාල් සමත්වූවේය. පවර් ප්ලේ පන්දුවාර 6 න් 5 ක්ම ක්‍රියාත්මක කරන ලද්දේ සුරංග ලක්මාල් (පන්දුවාර 3 යි) සහ මහේෂ් තීක්ෂණ (පන්දුවාර 2 යි) විසින් වන අතර එහිදී ලකුණු 22 ක් පමණක් ඔවුහු ප්‍රතිවාදී පිතිකරුවන්ට ලබා දුන්හ.

ශාන්ත බෙනඩික් විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණව සිටින 20 හැවිරිදි මහේෂ් තීක්ෂණ පිට දඟ පන්දු යවන්නකු ලෙසින් පන්දුවාර 3  ක් යවමින්  ලකුණු 17 ක් පමණක් ලබා දී තමන් තුළ තැබූ විශ්වාසය අකුරටම ඉටු කළේය. කඩුල්ලක් දවා ගැනීමේ අවස්ථාව අහිමි වුවද ජැෆ්නා ස්ටැලියන්ස් පන්දු යවන්නන් අතර පන්දුවාරයකට අඩුම ලකුණු සංඛ්‍යාවක් ලබා දුන් පන්දු යවන්නා බවට පත්වීමට තීක්ෂණට සමත්විය.

ලකුණු පුවරුව
කලම්බු කිංග්ස් ලකුණුපන්දු46
දිනේෂ් චන්දිමාල්ඇ.තිසර පෙරේරාප.සුරංග ලක්මාල්111320
ලෝරි එවන්ස්නොදැවී1086595
ඩැනියල් බෙල්දුවද්දී දැවී ගියාවනිඳු හසරංග121510
ඇන්ජලෝ මැතිව්ස්ඇ.සුරංග ලක්මාල්ප.වනිඳු හසරංග151401
ඇන්ඩ්‍රෙ රසල්දුවද්දී දැවී ගියාසුරංග ලක්මාල්211421
අතිරේක6
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 4 ක් දැවී ලකුණු173
කඩුලු වැටීම / 1-18 (චන්දිමාල් 3.3), 2-52 (බෙල් 8.4), 3-137 (මැතිව්ස් 15.4), 4-173 (රසල් 19.6)
පන්දු යැවීම 
බිනුර ප්‍රනාන්දු 2-0-33-0සුරංග ලක්මාල් 4-0-26-1
මහේෂ් තීක්ෂණ 3-0-17-03-0-17-0
වනිඳු හසරංග 4-0-31-1තිසර පෙරේරා 1-0-10-0
චතුරංග ද සි්වා 3-0-21-0ඩුවේන් ඔලිවර් 3-0-33-0
කලම්බු කිංග්ස් ලකුණුපන්දු46
ජොන්සන් චාල්ස්ප.දුෂ්මන්ත චමීර8610
ටොම් මුවර්ස්ඇ.ඇන්ඩ්‍රෙ රසල්ප.කේස් අහමඩ්232131
චරිත් අසලංකඇ.තික්ෂිල ද සිල්වාප.ඇන්ඩ්‍රෙ රසල්322740
ෂොයෙබ් මලික්ඇ.ඩැනියල් බෙල්ප.ඇන්ඩ්‍රෙ රසල්292820
චතුරංග ද සිල්වාඇ.ඇන්ඩ්‍රෙ රසල්ප.ඉසුරු උදාන4310
තිසර පෙරේරාඇ.තරිඳු කෞෂාල්ප.ඇන්ඩ්‍රෙ රසල්22922
වනිඳු හසරංගනොදැවී231412
සුරංග ලක්මාල්නොදැවී171130
අතිරේක9
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු167
කඩුලු වැටීම / 1-14 (චාල්ස් 2.4), 2-47 (මුවර්ස් 6.6), 3-83 (අසලංක 12.2), 4-91 (චතුරංග 13.2), 5-125 (තිසර 15.5), 6-125 (මලික් 15.6)
පන්දු යැවීම 
ඇන්ජලෝ මැතිව්ස් 2-0-17-1ඉසුරු උදාන 3-0-20-1
දුෂ්මන්ත චමීර 3-0-26-1අශාන් ප්‍රියන්ජන් 3-0-18-0
කේස් අහමඩ් 3-0-15-1තරිඳු කෞෂාල් 2-0-18-0
ඇන්ඩ්‍රෙ රසල් 4-0-46-3

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest