slc
logo
Home   |    News
දෙසැම්බර් 1, 2020
කලම්බු කිංග්ස් ජයග්‍රාහී ආධිපත්‍ය දඹුල්ල වයිකින්ග්ස් බිඳ දමයි

Sri Lanka Cricket

Chamila Karawita reporting from Hambantota

දසුන් ශානකගේ වේගවත් පිතිහරඹයත් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් කලම්බු කිංග්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල වයිකින්ස් කණ්ඩායම අද (01 දා) සමත්විය. දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ දෙවැනි තරග ජයග්‍රහණය ලෙසින් සටහන් වුණු මෙම ජයග්‍රහණයත් සමඟ කලම්බු කිංග්ස් කණ්ඩායම තරගාවලිය තුළ රඳවගෙන ආ ජයග්‍රාහී ආධිපත්‍යද බිඳ වැටිණ.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කයක් හඹා ගිය කොළඹ කණ්ඩායම පන්දුවාර 18.4 කදී ලකුණු 147 කට සීමා කිරීමට දඹුල්ල වයිකින්ස් කණ්ඩායම සමත්විය. 

මෙතෙක් තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම ලෙසින් වැජඹි කලම්බු කිංග්ස් කණ්ඩායමේ ජයග්‍රාහී ගමන නවතාලීම වෙනුවෙන් දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතා කැපී පෙනුණු අතර දැවී ගිය කඩුලු 10 න් 7 ක්ම දඟ පන්දු යවන්නන් විසින් දවාගෙන තිබිණ. මාලින්ද පුෂ්පකුමාර, සමිත් පටෙල් සහ පුලින තරංග අතර කඩුලු 2 බැගින් බෙදී යද්දී වඩාත්ම වැදගත් වූ ඇන්ඩ්‍රෙ රසල්ගේ (05) කඩුල්ල සචිඳු කොළඹගේ විසින් දවා ගන්නා ලදී. 

පෙර තරග වලදී පිතිකරුවන් ලෙසින් කැපී පෙනුණු දිනේෂ් චන්දිමාල් පළමු පන්දුවෙන්ම දැවී යෑම කලම්බු කිංග්ස් ට අසුබ පෙර නිමිත්තක් විය. චන්දිමාල් පෙරළා දුන් උඩ පන්දුව සමිත් පටෙල් විසින් තනි අතට රැක ගැනීමත් සමඟ තරගයට අවතීර්ණ වුණු දඹුල්ල වයිකින්ස් පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 ඇතුළත ප්‍රතිවාදී කඩුලු 3 ක් බිඳ දමන ලද්දේ ලකුණු 40 ක් ලකුණු පුවරුවේ සටහන්ව තිබියදීය.

දැවී ගිය කඩුලු අතරට නායක මැතිව්ස්ගේ (11) කඩුල්ලද ඇතුළත් වූ බැවින් තරගයේ වැඩි වගකීමක් ඇන්ඩ්‍රෙ රසල්ගේ කර මත පැටවිණි. සචිඳුගේ පන්දුවකට එල්ල කරන ලද පහර හතරේ සීඹාවට ආසන්නවූ මිඩ් විකට් කළාපයේ පන්දු රැකි ඇන්ජලෝ පෙරේරා විසින් දක්ෂ ලෙස රැක නොගන්නට එය අනිවාර්යයෙන්ම ලකුණු 6 ක් වන්නට ඉඩ තිබිණ. අනෙක් අන්තයේ වූ සියල්ලන් දැවී යද්දී තම අන්තය ආරක්ෂා කරගත් ලොරී එවන්ස් පන්දු 33 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමඟින් ලකුණු 59 ක් රැස් කළේය. 

වෙනස්කම් 4 ක් සිදුකරමින් මෙම තරගයට පැමිණි දඹුල්ල වයිකිං පිල කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ වැඩි ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රඳවමින් ප්‍රතිවාදීන්ට පීඩනයක් එල්ල කිරීමටය. මූලික සැලසුම එය වුවත් බලාපොරොත්තු වූ අයුරින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට දඹුල්ල වයිකින් ආරම්භක පිතිකරුවන්ට නොහැකි විය. මුලු ලකුණු සංඛ්‍යාව 3 ක්ව පවතිද්දී නිරෝෂන් දික්වැල්ලත් පෝල් ස්ටර්ලින් ලකුණු බැගින් ලබාසිටියදී දවා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සහ ඉසුරු උදාන සමත්වූහ.

එහෙත් අවශ්‍ය මොහොතේදී යළිත් ක්‍රියාත්මක වුණු දසුන් ශානක නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් සටනක් දිය ලකුණු සංක්‍යාවක් කරා සිය කණ්ඩායම රැගෙන ගියේය. පන්දු 34 කට මුහුණ දුන් දසුන් හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් ලකුණු 56 ක් රැස් කරන ලද්දේ මෙවර තරගාවලියේ අර්ධ ශතක 2 ක් වාර්තා කළ පළමු පිතිකරුවා බවටද පත්වෙමිනි. එම අර්ධ ශතක 2 වාර්තා කළ තරග 2 දී තරගයේ වීරයා සම්මානයෙන් දසුන් ශානක පිදුම් ලැබීමද විශේෂත්වයකි. 

අද ලබාගත් අර්ධ ශතකයට ප්‍රථම කැන්ඩි ටස්කර්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ දකුණත් පිතිකරුවා මෙතෙක් තරගාවලියේ වැඩිම ලකුණු ලද පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමටද සමත්වීම කැපී පෙනෙයි. ඉසුරු උදානගේ පන්දුවක් හමුවේ ඇන්ඩ්‍රෙ රසල් උඩ පන්දුවක් රැක ගැනීම මත දසුන්ගේ ඉනිම අවසන් විය. 

පෙර තරග 2 පරිදිම අද තරගයේදී ද දසුන්ට සහයෝගයක් ලබා දුන් සමිත් පටෙල් පන්දු 27 කදී ලකුණු 30 ක් ලබා ගත්තේ සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් වර්ණවත් කරගනිමිනි. අද දිනයේදී පළමු තරගයට සහභාගිවූ ඇන්ජලෝ පෙරේරා පන්දු 16 කදී ලකුණු 21 ක් ලබා ලකුණු ලබා ගැනීම වේගවත් කළත් කණ්ඩායමේ අත්දැකීම් බහුලම පිතිකරුවා වන උපුල් තරංගගේ දායකත්වය පන්දු 24 කදී ලකුණු 25 කි.

දඹුල්ල ඉනිම සඳහා යවන ලද පන්දුවාර 20 සඳහා කලම්බු කිංග්ස් නායකයා පන්දු යවන්නන් 8 දෙනෙකුගේ සේවය ලබා ගැනීම කැපී පෙනුණු අතර ඒ අතරින් කැපී පෙනුණු ඉසුරු උදාන ලකුණු 25 කට කඩුලු 3 ක් සහ ඇන්ඩ්‍රෙ රසල් ලකුණු 18 කට කඩුලු 3 බැගින් දවා ගත්හ. 

කලම්බු කිංග්ස් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් විටෙක ලකුණු 150 සීමාව පසු කර ගැනීම අපහසුතාවයක් පෙන්නුම් කළ නමුත් ශානකගේ ඉනිමෙන් පසු ඒ සියල්ල වෙනස් විය. 19 වැනි පන්දුවාරයේ අවසන් පන්දුව වන තෙක් සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දුවට පහර දීමට දසුන් ශානක සමත්වීම නිසා අවසන් පන්දුවාර 5 දී ලකුණු 54 ක් ලබා ලකුණු 176 ක අභියෝගාත්මක ඉලක්කයක් ප්‍රතිවාදීන්ට ලබා දීමට දඹුල්ල වයිකින් පිලට හැකියාව ලැබිණ.  

ලකුණු පුවරුව
දඹුල්ල වයිකින්ලකුණුපන්දු46
නිරෝෂන් දික්වැල්ලඇ.දිනේෂ් චන්දිමාල්ප.ඇන්ජලෝ මැතිව්ස්1400
පෝල් ස්ටර්ලිංඇ.තික්ෂිල ද සිල්වා ප.ඉසුරු උදාන1300
උපුල් තරංගඇ.ඇන්ඩ්‍රෙ රසල්ප.දුෂ්මන්ත චමීර252431
සමිත් පටෙල්ඇ.දිනේෂ් චන්දිමාල්ප.දුෂ්මන්ත චමීර302731
දසුන් ශානකඇ.ඇන්ඩ්‍රෙ රසල්ප.ඉසුරු උදාන563434
ඇන්ජලෝ පෙරේරාඇ.දිනේෂ් චන්දිමාල්ප.ඉසුරු උදාන211621
අන්වර් අලීඇ.කයිස් අහමඩ්ප.ඇන්ඩ්‍රෙ රසල්2400
පුලින තරංගඇ.සහප.ඇන්ඩ්‍රෙ රසල්4500
මාලින්ද පුෂ්පකුමාරනොදැවී11311
සචිඳු කොළඹගේඇ.ඉසුරු උදානප.ඇන්ඩ්‍රෙ රසල්0100
අතිරේක 24
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු175
කඩුලු වැටීම – 1-03 (දික්වැල්ල 0.5), 2-03 (ස්ටර්ලිං 1.2), 3-74 (තරංග 8.6), 4-82 (පටෙල් 10.3), 5-120 (ඇන්ජලෝ 14.5), 6-149 (අලී 17.5), 7-162 (දසුන් 18.6), 8-175 (පුලින 19.5)
පන්දු යැවීම 
ඇන්ජලෝ මැතිව්ස් 2-0-14-1ඉසුරු උදාන 4-0-25-3
ධම්මික ප්‍රසාද් 2-0-24-0කයිස් අහමඩ් 4-0-36-0
අශාන් ප්‍රියන්ජන් 1-0-09-0ජෙෆ්රි වැන්ඩර්සි 1-0-17-0
දුෂ්මන්ත චමීර 4-0-27-2ඇන්ඩ්‍රෙ රසල් 2-0-18-3
කලම්බු කිංග්ස්ලකුණුපන්දු46
දිනේෂ් චන්දිමාල්ඇ.සහප.සමිත් පටෙල්0100
ලෝරී එවන්ස්ප.පුලින තරංග593354
තික්ෂිල ද සිල්වාඇ.පෝල් ස්ටර්ලිංප.කසුන් රජිත5510
ඇන්ජලෝ මැතිව්ස්ඇ.මාලින්ද පුෂ්පකුමාරප.අන්වර් අලී111420
ඇන්ඩ්‍රෙ රසල් ඇ.ඇන්ජලෝ පෙරේරාප.සචිඳු කොළඹගේ5610
අශාන් ප්‍රියන්ජන්ඇ.ඇන්ජලෝ පෙරේරාප.මාලින්ද පුෂ්පකුමාර111210
ඉසුරු උදානඇ.දසුන් ශානකප.මාලින්ද පුෂ්පකුමාර14911
කයිස් අහමඩ්ඇ.ඇන්ජලෝ පෙරේරාප.පුලින තරංග14911
ධම්මික ප්‍රසාද්ස්ට.නිරෝෂන් දික්වැල්ලප.සමිත් පටෙල්7610
දුෂ්මන්ත චමීරඇ.පුලින තරංගප.අන්වර් අලී171230
ජෙෆ්රි වැන්ඩර්සිනොදැවී4310
අතිරේක9
එකතුව පන්දුවාර 18.4 කදී සියලු දෙනා දැවී ලකුණු147 
කඩුලු වැටීම – 1-00 (චන්දිමාල් 0.1), 2-11 (තික්ෂිල 1.4), 3-40 (මැතිව්ස් 5.3), 4-45 (රසල් 6.3), 5-63 (අශාන් 9.5), 6-95 (එවන්ස් 12.6), 7-99 (උදාන 13.5), 8-109 (ප්‍රසාද් 15.3), 9-121 (අහමඩ් 16.3)
පන්දු යැවීම 
සමිත් පටෙල් 4-0-30-2කසුන් රජිත 3-0-27-1
මාලින්ද පුෂ්පකුමාර 4-0-19-2අන්වර් අලී 1.4-0-10-2
අන්වර් අලී 1.4-0-10-2සචිඳු කොළඹගේ 3-0-28-1
පුලින තරංග 3-0-31-2

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee