slc
Home   |    News
දෙසැම්බර් 10, 2020
කැන්ඩි ටස්කර්ස් පැරදූ ගෝල් ග්ලැඩියේටර් අවසන් 4 ට

Sri Lanka Cricket

Chamila Karawita reporting from Hambantota

“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 ට සුදුසකම් ලැබීමට අනිවාර්යයයෙන්ම ජය වාර්තා කළ යුතු තරගයේදී ක්‍රියාත්මක වුණු ගෝල් ග්ලැඩියේටර් ක්‍රීඩකයෝ කැන්ඩි ටස්කර්ස් පිල කඩුලු 9 ක පරාජයකට ඇද දමමින් අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලැබීමට අද (10 දා) සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 127 ක ඉලක්කයක් හඹා ගිය ගෝල් ග්ලැඩියේටර් පිල කඩුලු 9 ක් අතැතිව ඉලක්කය සපුරා ගියේ පන්දු 18 ක් ඉතිරිව තිබියදීය. සුපුරුදු පරිදි පිත්තෙන් කැපී පෙනුණු ධනුෂ්ක ගුණතිලක පන්දු 66 කදී ලකුණු 94 ක් ගෝල් ග්ලැඩියේටර් පිලේ ජයග්‍රහණය ඉක්මන් කළහ. ධනුෂ්කගේ ඉනිම ප්‍රධාන කොට පළමු පන්දුවාර 6 තුළදී ලකුණු 48 ක් රැස් කර ගැනීමට ගෝල් ග්ලැඩියේටර් පිලට අවස්ථාව උදාවිය.

මූලික වටය යටතේ දෙපිළම සහභාගි වුණු අවසන් තරගයට බවට පත් වුණු මෙම තරගයේ ජයත් සමඟ දෙපිළේම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4 බවට පත් වුවත් කැන්ඩි ටස්කර්ස් පිලට වඩා ගෝල් ග්ලැඩියේටර් පිලේ ලකුණු ලබා ගැනීමේ දළ වේගය ඉදිරියෙන් පැවැතීම නිසා අවසන් පූර්ව තරග වරම් දිනා ගැනීමට අවස්ථාව උදාවිය.

හයේ පහර 4 ක් සහ හතරේ පහර 12 ක් ඇතුළත් වුණු ධනුෂ්කගේ අර්ධ ශතකය මෙවර තරග වාරයේ වාර්තා කරනලද සිව්වැන්න විය. මෙම තරගාවලියේ ලකුණු මැෂිම බවට පත්ව සිටින ධනුෂ්ක අද දිනයේදී ලකුණු 400 සීමාව ඉක්මවා යමින් තම ලකුණු සංඛ්‍යාව 461 දක්වා ඉහළ දමා ගන්නා ලද්දේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 76.83 ක් ලෙස රඳවා ගනිමිනි.

ගොල් ග්ලැඩියේටර් පිලේ ජයග්‍රහණය සඳහා එක් ලකුණක් තිබියදී ගුණතිලක ලකුණු 94 ක් ලබා ශතකයක් ලබා ගැනීමේ ආසන්න අවස්ථාවක් පැමිණියද කඩුලු රැකි රාමනුල්ලා ගුර්බාස් අතින් පන්දුව ගිලිහී යෑම මත ජයග්‍රාහී ලකුණු අතිරේක ලකුණු 4 කින් සටහන් විය.

කාසියේ වාසිය දිනූ භානුක රාජපක්ෂ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට කැන්ඩි ටස්කර්ස් පිලට ආරාධනා කළ අතර එහිදී කුසල් මෙන්ඩිස්ගේ අර්ධ ශතකය හැරුණු විට එම ඉනිමේ කැපී පෙනුණු දෙයක් තිබුණේ නම් ඒ ගෝල් ග්ලැඩියේටර් පිලේ පන්දු යවන්නන්ගේ දක්ෂතා විය.

තම පළමු පන්දුවාරයේදීම කුසල් පෙරේරාව ලකුණු ලබා ගැනීමට පෙර දවා ගත් නුවන් තුෂාර ඊළඟ පන්දු වාරයේදී අනෙක් ආරම්භක පිතිකරුවා වූ රාමනුල්ලා ගුර්බාස්ගේ කඩුල්ල දවා ගත්තේය. නුවන්ගේ පන්දු යැවූම ප්‍රධාන කොට පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී කැන්ඩි ටස්කර්ස් පිතිකරුවන්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 29 ක් පමණෙකි.

නුවන් ලබා දුන් සාර්ථක ආරම්භයත් සමඟ පීඩනය වැඩි කරමින් පන්දු යැවූ මොහොමඩ් අමීර්, ධනංජය ලක්ෂාන් සහ සහන් ආරච්චිගේ කඩුලු 2 බැගින් දවාළමින් අඩු ලකුණු සංඛ්‍යාවක් හඹා යෑමේ අවස්ථාව තම පිතිකරුවන්ට නිර්මාණය කර දුන්හ.

කඩුලු අතර සම්බන්ධතාවයක් ගොඩ නඟා ගැනීම සඳහා කිසිවකුත් දායක නොවුණු අවස්ථාවකදී පිටියේ හුදකලා වූ කුසල් මෙන්ඩිස් පන්දු 42 කට මුහුණ දෙමින් ලකුණු 68 ක් රැස් කරගත්තේය. ඉනිමේ 7 වැනි පිතිකරුවා ලෙසින් පිටියෙන් ඉවත් වන විට මෙන්ඩිස් තම ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 6 කින් වර්ණවත් කරගත්තේය.

මෙන්ඩිස් හැරුණු කොට ලකුණු 20 සීමාව ඉක්මවා ගිය එකම පිතිකරුවා බවට පත්වූයේ බ්‍රෙන්ඩන් ටෙලර් වන අතර ඔහු ලකුණු 20 ක් ලබා ගත්තේය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest