slc
Home   |    News
දෙසැම්බර් 27, 2020
චන්දිමාල් සහ ධනංජය ශ්‍රී ලංකාව ඉහළට ඔසවති

sinhala editor

දකුණු අප්‍රිකාවේ සෙන්චුරියන්හි සුපර් ස්පෝට් පාර්ක් ක්‍රීඩාංගණයේ සෙනසුරාදා (26) ආරම්භ වු ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දිනේෂ් චන්දිමාල් (85) සහ ධනංජය ද සිල්වා (79) අර්ධ ශතක රැස්කරමින් සිව්වන කඩුල්ලට පැවැත්වු ලකුණු 131ක දීර්ඝ සබදතාව මත ප්‍රථම දින තරගය නිමවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයකට ලකුණු 340ක් ලබා ප්‍රබලම ස්ථානයක පසුවිය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 3ම ලකුණු 54කට බිඳ වැටී අසීරු තත්ත්වයක පසුවද්දී පිටියට එක්වූ දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා  පන්දුවාර 45ක් වන විට ලකුණු තත්ත්වය කඩුලු තුනකට ලකුණු 185 දක්වා ඉහළ නංවමින් කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට ගෙන ඒමට ක්‍රියා කළහ.

ධනංජය ද සිල්වා මේ අවස්ථාවේ ආබාධ මත පිටිවෙන් ඉවත්වීමෙන් පසු චන්දිමාල්ට එක්වු නිරෝෂන් දික්වැල්ල මුළු ලකුණු සංඛ්‍යාව 284 දක්වාම ඉහළ නැංවූයේ පළමු දිනය තුළ තරගයේ සියළු ගෞරව සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවට අත්කර දෙමිනි.

ශ්‍රී ලංකාව මෙදින පන්දු වාරයකට සාමාන්‍ය ලකුණු හතරක් වනසේ ඉහළ මට්ටමක ලකුණු ප්‍රමාණයක් දිනය පුරාම තබා ගැනීමට සමත්වීමද විශේෂත්වයකි. ශ්‍රී ලංකාව දිනය නිමවන විට කඩුලු හයකට ලබාසිටි ලකුණු 340 (පන්දුවාර 85යි) දකුණු අප්‍රිකාවේදී ලංකා කණ්ඩායම ඉනිමක මෙතෙක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ  ආසන්නයටම ළගාවීමකි. මීට කළින් ලංකා කණ්ඩායමේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 2012 වසරේ නිව් ලන්ඩ්ස්හි ලකුණු 342වේ.

ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ නායක දිමුත් කරුණාරත්න මුළු ලකුණු සංඛ්‍යාව 28 ක්ව තිබියදී ලකුණු 22කටත් කුසල් මෙන්ඩිස් ලකුණු 12 කටත් කුසල් ජනිත් පෙරේරා ලකුණු 16කටත් දැවී යෑම ශ්‍රී ලංකා පිලේ ආරම්භය අසීරුතාවයකට ලක් විණ.

දිවා ආහාරය වන විට ලංකා කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 102ක් ලබා සිටියත් සවස තේ විවේකය වන විට කඩුලු තුනකට ලකුණු 212ක් ලෙසින් ස්ථාවර තත්ත්වයක පසුවිය.

මුළු ලකුණු 185ක් වන අවස්ථාවේ ධනංජය ද සිල්වාට ආබාධයකට ගොදුරුව පිටියෙන් ඉවත් වන විට පන්දු 106 කට මුහුණ දී හයේ පහරක් හා හතරේ 11ක් සමග නොදැවී ලකුණු 79ක් ලබා ගෙන සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4කට ලකුණු 284ක් ලබාසිටියදී දිනේෂ් චන්දිමාල් ලකුණු 85කට දැවීගියේ පන්දු 161කට මුහුණ දී හතරේ පහර 11ක් ලබා ශතකය අභියස සිටියදීය.

ධනංජය ඉවත්වීමෙන් පසු චන්දිමාල්ට එක්වූ නිරෝෂන් දික්වැල්ල තවත් අගනා සබදතාවයක් පවත්වාගෙන යන ලද්දේ එම කඩුල්ලට ලකුණු 99ක් රැස්කරමිනි. එහිදී දික්වැල්ල පන්දු 86කට මුහුණදෙමින් ලකුණු 49ක් රැස්කළේ හතරේ පහර හයක්ද එල්ල කරමිනි. තරගය නිමවන විට දසුන් ශානක නොදැවී ලකුණු 25ක් ලබාසිටියේ පන්දු 50කට මුහුණදී හතරේ දෙකක් සහ හයේ පහරක්ද සමගය.

ප්‍රථමවරට ටෙස්ට් තරගයකට සහභාගිවීමේ වරම් ලද වනිදු හසරංග මෙදින පන්දු 20කට මුහුණදී හතරේ තුනක් සමග ලබාගත් ලකුණු ප්‍රමාණය 18කි. දක්ෂ පන්දු යැවීමේ නිරතවු වියාන් මල්ඩර් ලකුණු 68කට ලංකා කඩුලු තුනක් බිදදැමීමට සමත්විණි.

ලකුණු සාරාංශය – ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 85 කදී කඩුලු 6 ට ලකුණු 340 යි – (දසුන් ශානක 25*, දිනේෂ් චන්දිමාල් 85, දිමුත් කරුණාරත්න 22, කුසල් පෙරේරා 16, කුසල් මෙන්ඩිස් 12, ධනංජය ද සිල්වා (පිටියෙන් ඉවත් විය) 79, නිරෝෂන් දික්වැල්ල 49, වනිදු හසරංග 18, වියාන් මල්ඩර් 68/3)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest