slc
Home   |    News
දෙසැම්බර් 5, 2020
ජැෆ්නා ස්ටැලියන්ස් අපරාජිත බව කලම්බු කිංග්ස් බිඳ දමයි

sinhala editor

Chamila Karawita reporting from Hambantota

දිනේෂ් චන්දිමාල්ගේ අර්ධ ශතකයත් ඇන්ඩ්‍රෙ රසල්ගේ ඉනිමත් හේතුවෙන් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ 11 වැනි තරගය ලෙසින් පැවැති තරගයේදී කඩුලු 6 ක ජයක් වාර්තා කළ කලම්බු කිංග්ස් ක්‍රීඩකයෝ ජැෆ්නා මේ වන තෙක් ස්ටැලියන්ස් කණ්ඩායම පවත්වාගෙන ආ අපරාජිතභාවය  බිඳ දැමීමට අද (04 දා) සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 149 ක ඉලක්කයක් හඹා ගිය කලම්බු කිංග්ස් කණ්ඩායම පන්දු 4 ක් ඉතිරිව තිබියදී අදාළ ඉලක්කය සපුරා ගත්තේ තවත් කඩුලු 6 ක් අත ඉතිරිකරගෙනය. එහිදී කැපී පෙනුණු දිනේෂ් චන්දිමාල් පන්දු 51 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමඟින් නොදැවී ලකුණු 68 ක් ලබා තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

පෙර තරග පැවැති තණතීරුවට වඩා තරමක් මන්දගාමී වූ හම්බන්තොට තණතීරුවේදී රාත්‍රි කාලයේ ලකුණු රැස් කිරීම අපහසු වීම කැපී පෙනුණි. එහෙත් පිණි බරිත තත්ත්වය වැඩි වීම හේතුවෙන් කලම්බු කිංග්ස් ඉනිමේ අවසන් පන්දුවාර කීපයේදී පිතිකරුවන්ට යෝග්‍යතාවයක් දැක්වූ බව පෙන්නුම් කළ බැවින් එහි වාසිය ප්‍රයෝජනයට ගත් ඇන්ඩ්‍රෙ රසල් ලකුණු ලබා ගැනීම වේගවත් කළේය.

අවසන් පන්දුවාර 30 දී ජයග්‍රහණය සඳහා ලකුණු 49 ක් ලබා ගැනීමේ අභියෝගයේදී ක්‍රියාත්මක වුණු ඇන්ඩ්‍රෙ රසල් 16 වැනි පන්දුවාරය යවන ලද බිනුර ප්‍රනාන්දුගේ පන්දුවාරයේදී ලකුණු 23 ක් උදුරා ගනිමින් පන්දු 24 කදී ලකුණු 26 කට තරම් පරතරය අඩු කරගත්තේය. එම පන්දුවාරයේදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ද සමඟ ලකුණු ලබාගත් රසල් චතුරංග ද සිල්වාගේ පන්දුවකට අවිශ්ක ප්‍රනාන්දු අතර උඩ පන්දුවක් දී දැවී යන විට හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 20 කදී ලකුණු 32 ක් රැස් කරගෙන සිටියේය.

හම්බන්තොට තණතීරුවේදී ලකුණු 149 ක් යනු බැලූ බැල්මට පහසු ඉලක්කයක් වුවත් එය අසීරු ඉලක්කයක් බවට පත් කිරීමට අවශ්‍ය දැළ ජැෆ්නා ස්ටැලියන්ස් පන්දු යවන්නෝ එළූහ. පා දඟ පන්දුවට පහර දීමේදී කලම්බු කිංග්ස් පිතිකරුවන් දක්වනු ලබන දුර්වලතාවය වටහා ගනිමින් දඟ පන්දු යවන්නන් තිදෙනෙකුගේ දායකත්වය ලබා ගත් අතර එහි වගකීම අකුරටම ඉටු කිරීමට වනිඳු හසරංග  සහ ඔහුගේ සොහොයුරු චතුරංග ද සිල්වා සමත්වූහ. තම පන්දුවාර 4 දී ලකුණු 23 ක් දී කඩුලු 2 ක් දවා ගැනීමට සිය බාල සහෝදරයා සමත්වද්දී වැඩිමහල් සහෝදරයා තම පන්දුවාර 4 ලකුණු 21 කදී අවසන් කරන ලද්දේ කඩුල්ලක්ද දවා ගනිමිනි.

19 වියට පා තබන උපන්දිනයට හෝරා කීපයක් තිබියදී මෙතෙක් ලද වටිනාම ත්‍යාගය ලෙසින් මංගල තරග වරම් දිනාගත් යාපනය ප්‍රදේශයෙන් පැමිණි විජයකාන්ත් වියස්කාන්ත් පන්දුවාර 4 දී ලකුණු 29 ක් ලබා දී තීරණාත්මක අවස්ථාවේදී ප්‍රතිවාදී නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ කඩුල්ල දවා ගැනීමට සමත්වූ නමුත්,  උපන්දින ත්‍යාගය ජයග්‍රහණයකින් සැමරීමට තරම් ඉඩ පහසක් කලම්බු කිංග්ස් ක්‍රීඩකයෝ ලබා නොදුන්හ.

ආරම්භයේ සිටම කලම්බු කිංග්ස් පන්දු යවන්නන් නියමිත ඉලක්කයකට පන්දු යැවූ බැවින් ජැෆ්නා ස්ටැලියන්ස් පිතිකරුවන් පීඩනයකට යටත්ව පන්දුවට පහර දුන්හ. අවිශ්ක ප්‍රනාන්දු (26) සහ මිනෝද් භානුක හැරුණු කොට අංක 6 පිතිකරණ ස්ථානය දක්වා වූ එකම පිතිකරුවකු ලකුණු 20 සීමාව පසු කිරීමට කලම්බු කිංග්ස් පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ. එහිදී කැපී පෙනුණු කයිස් අහමඩ් ලකුණු 24 කට කඩුලු 3 ක් දවා ගනිද්දී දුෂ්මන්ත චමීර ලකුණු 27 කට කඩුලු 2 ක් දවා ගත්තේය.

සමස්ථයක් ගත් විට කලම්බු කිංග්ස් පන්දු යවන්නන් අතරින් ඉසුරු උදාන හැරුණු විට සෙසු සියල්ලෝම ඉතා හොඳින් පන්දු යවනු දැක ගැනීමට හැකිවුණු අතර එහිදී මැතිව්ස් පන්දුවාර 3 කදී ලකුණු 9 ක්ද, තරිඳු කෞෂාල් පන්දුවාර 3 කදී ලකුණු 22 ක්ද සහ ඇන්ඩ්‍රෙ රසල් පන්දුවාර 3 කදී ලකුණු 12 ක් පමණක් ලබා එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

මෙම තත්ත්වය මත ජැෆ්නා ස්ටැලියන්ස් පිතිකරුවන් දරුණු පසුබෑමක් පෙන්නුම් කළ අතර විටෙක ලකුණු 100 සීමාවද ඉක්මවා යෑම අවධානම් විය. බැරෑරුම්ම තත්ත්වය උදා වූයේ 9 වැනි පන්දුවාරයත් 13 වැනි පන්දුවාරයත් අතර යවන ලද පන්දු 21 දීය. එම කාල සීමාවේදී ජැෆ්නා ස්ටැලියන්ස් පිතිකරුවන් ලකුණු 24 ක් ලබා ගනිද්දී කඩුලු 5 ක්දම දවා ගැනීමට කලම්බු කිංග්ස් පන්දු යවන්නෝ සමත්වූහ. එහිදී වැඩි ඵල නෙළාගත් කයිස් අහමඩ් පන්දු 6 කදී ෂොයෙබ් මලික් සහ මිනෝද් භානුකගේ කඩුලු දවා ගනිමින් වැඩි පීඩනයක් එල්ල කළේය.

එහෙත් අංක 7 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි වනිඳු හසරංග හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමඟින් ලකුණු 41 ක් රැස් කිරීමට සමත්වීම නිසා හිස එසවීමට ජැෆ්නා පිලට අවස්ථාව උදාවිය. මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 87 කට කඩුලු 7 ක්ව සටහන්ව තිබියදී බිනුර ප්‍රනාන්දුට එක්වූ වනිඳු හසරංග පන්දු 27 කදී ලකුණු 27 ක්ද 9 වැනි කඩුල්ල වෙනුවෙන් කයිල් අබොට් සමඟ පන්දු 10 කදී වේගවත් ලකුණු 28 ක් රැස් කරන ලද්දේ 18 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ඉසුරු උදානගේ පන්දු 4 කට පිට පිටම එල්ල කරන ලද හතරේ පහර 4 ත් සමඟිනි. උදාන විසින් නිපන්දු ලකුණු 5 ක්ද එම පන්දුවාරයේදී පිරිනැමීම මත පන්දුවාර 5 ඇතුළත 55 ක් ලබා ලබා ගැනීමටද ජැෆ්නා ස්ටැලියන්ස් පිලට හැකියාව ලැබිණ.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest