slc
logo
Home   |    News
දෙසැම්බර් 9, 2020
ටෙස්ට් තරග 2 කට එංගලන්තය ජනවාරි මසදී ශ්‍රී ලංකාවට

Sri Lanka Cricket

කොවිඩ් 19 වසංගත තත්ත්වය දරුණු අතරට හැරීම හේතුවෙන් මෙම වසරේ මාර්තු මසදී කල් දැමුණු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය 2021 වසරේ ජනවාරි මසදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

England’s captain Joe Root (L) tries to stop the ball as Sri Lanka’s Dimuth Karunaratne watches during the second day of the second Test match between Sri Lanka and England at the Pallekele International Cricket Stadium in Kandy on November 15, 2018. (Photo by ISHARA S. KODIKARA / AFP)

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 2 කින් සමන්විත තරගාවලිය සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ටම වෙන්වූ (Chartered) ගුවන් යානයකින් ජනවාරි 03 වැනිදා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය ලබන 14 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිත පළමු තරගයට පෙර එංගලන්ත කණ්ඩායම ජනවාරි 05 වැනිදා සිට 09 වැනිදා දක්වා වූ කාල සීමාවේදී හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සිය පුහුණුවීම් වල නිරත වනු ඇත.

ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ ක්‍රියාත්මක වන මෙම තරගාවලියේ දෙවැනි තරගය ජනවාරි 22 වැනිදා සිට 26 වැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත.

මෙම ටෙස්ට් තරග 2 ට සහභාගිවීම සඳහා එංගලන්ත කණ්ඩායම ඉකුත් මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ පුහුණු තරගවලටද ක්‍රීඩා කළ නමුත් කොරෝනා වෛරස් තත්ත්වය එංගලන්තය තුළ දරුණු අතට හැරීම හේතුවෙන් කොළඹ පී. සරා ඕවල් පිටියේ පුහුණු තරගය පැවැත්වෙමින් තිබෙන අතරතුරදී තරගාවලිය නවතා දමා නැවතත් එංගලන්තය බලා පිටත්ව ගියේය.

Active filters

Recent Posts

  • පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාගේ චෝදනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු
    එවකට පොලිස්පතිවරයා ලෙසින් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වැටුප් ඇතුළු තවත් වරප්‍රසාද ලබා දුන්නේ යැයි විසර්ජන පනත් කෙටුම්පත් පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී මන්ත්‍රී හේෂා විතානගේ […]
  • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
    ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර ඩනේඩින්හි පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයට අයහපත් කාලගුණය හරස්වීම නිසා තරගාවලි ජයග්‍රාහකයින් තීරණය කිරීමට නොහැකි වුවද එතෙක් පැවැති තරග වලදී දක්වන ලද දක්ෂතා […]
  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee