slc
logo
Home   |    News
දෙසැම්බර් 9, 2020
ටෙස්ට් තරග 2 කට එංගලන්තය ජනවාරි මසදී ශ්‍රී ලංකාවට

Sri Lanka Cricket

කොවිඩ් 19 වසංගත තත්ත්වය දරුණු අතරට හැරීම හේතුවෙන් මෙම වසරේ මාර්තු මසදී කල් දැමුණු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය 2021 වසරේ ජනවාරි මසදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

England’s captain Joe Root (L) tries to stop the ball as Sri Lanka’s Dimuth Karunaratne watches during the second day of the second Test match between Sri Lanka and England at the Pallekele International Cricket Stadium in Kandy on November 15, 2018. (Photo by ISHARA S. KODIKARA / AFP)

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 2 කින් සමන්විත තරගාවලිය සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ටම වෙන්වූ (Chartered) ගුවන් යානයකින් ජනවාරි 03 වැනිදා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය ලබන 14 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිත පළමු තරගයට පෙර එංගලන්ත කණ්ඩායම ජනවාරි 05 වැනිදා සිට 09 වැනිදා දක්වා වූ කාල සීමාවේදී හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සිය පුහුණුවීම් වල නිරත වනු ඇත.

ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ ක්‍රියාත්මක වන මෙම තරගාවලියේ දෙවැනි තරගය ජනවාරි 22 වැනිදා සිට 26 වැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත.

මෙම ටෙස්ට් තරග 2 ට සහභාගිවීම සඳහා එංගලන්ත කණ්ඩායම ඉකුත් මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ පුහුණු තරගවලටද ක්‍රීඩා කළ නමුත් කොරෝනා වෛරස් තත්ත්වය එංගලන්තය තුළ දරුණු අතට හැරීම හේතුවෙන් කොළඹ පී. සරා ඕවල් පිටියේ පුහුණු තරගය පැවැත්වෙමින් තිබෙන අතරතුරදී තරගාවලිය නවතා දමා නැවතත් එංගලන්තය බලා පිටත්ව ගියේය.

Active filters

Recent Posts

  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]
  • පදක්කමක් සොයා ශ්‍රී ලංකා කාන්තා පිල ජපානය බලා පිටත්වෙයි
    ජපානයේ අයිචි-නාගෝයා නගර ආශ්‍රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (14) රාත්‍රියේ ජපානය බලා පිටත්ව ගියේය. ආසියානු […]
  • එන්.සී.සී. පරදා එස්.එස්.සී. අවසන් සටනට
    අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී එන්.සී.සී. කණ්ඩායම ලකුණු 46කින් පරාජය කළ එස්.එස්.සී. කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී […]
  • සුපිරි ඕවරයෙන් ටැමිල් යූනියන් අවසන් මහ සටනට
    කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අතිශය තියුණු සටනකින් පසුව සුපිරි ඕවරයෙන් ජයගත් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අවසන් මහ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee