slc
logo
Home   |    News
දෙසැම්බර් 10, 2020
ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු සංචාරය ස්ථීරයි

Sri Lanka Cricket

මෙම මස 26 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය යොදා ගත් පරිදි ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතන එකඟත්වය පළ තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දැනටමත් ආරම්භ කර පවත්වාගෙන යනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන දෙරට අතර තරගාවලිය තරග 2 කින් සමන්විත වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මතා සමඟ පැවැත්වුණු සාකච්ඡාවකින් අනතුරුව අනාගත තරග සැලසුමට අනුව කටයුතු කිරීමට තීරණය කරමින් මෙම තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය ඒකකය විසින් සිදුකරනු ලබන තක්සේරුවකින් අනතුරුව මෙම තරගාවලිය ඉදිරියට රැගෙන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම යොදා ගත් පරිදි දකුණු අප්‍රිකාව බලාපිටත්ව යන අතර ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්, සෞඛ්‍ය විශේෂඥයකු සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි දකුණු අප්‍රිකාව බලා පිටත්ව යනු ඇත. සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව තවදුරටත් තක්සේරුවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ අරමුණින් එම පිරිස දකුණු අප්‍රිකාව බලා පිටත්ව යනු ඇත.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest