slc
logo
Home   |    News
දෙසැම්බර් 28, 2020
දෙවැනි ටෙස්ට් තරගයට පෙර කාගිසෝ රබඩා දකුණු අප්‍රිකානු පිලට

sinhala editor

ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි බොක්සිං දින ඇරැඹි පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලද දකුණු අප්‍රිකානු පිලේ ප්‍රධානම වේග පන්දු යවන්නා වන කගිසෝ රබඩා දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එක් කර තිබේ. ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගය ආරම්භයට පෙර කණ්ඩායම රැඳී සිටින ජෛව ආරක්ෂණ පරිසරයට ඇතුළුවීම සඳහා අනුගමනය කළ යුතු සියලු ආරක්ෂක පිළිවෙත්වලින් අනතුරුව ඔහු කණ්ඩායමට එකතුවනු ඇත.

රබඩා කණ්ඩායමට එකතුවීම යනු එළැඹෙණ 2021 වසර ආරම්භයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා වන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වේග පන්දු බල ඇණිය තවත් හොඳින් සන්නද්ධවීම වේ. මේ වනවිටත් ලුන්ගි න්ගිඩි, එන්රිච් නෝර්ට්ජ් සහ ලුතෝ සිපම්ලා මෙන්ම මඳ වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වියෑන් මෝල්ඩර් පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින අතර, ග්ලෙන්ටන් ස්ටර්මන්, මිගෙල් ප්‍රිස්ටෝරියස් සහ ඩ්වේන් ප්‍රිටෝරියස්ද වේග පන්දු යවන්නන් ලෙසින් දකුණු අප්‍රිකානු සංචිතයේ පසුවෙති.

දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන්නේද වේග පන්දු යවන්නන්ට සහයෝගයක් දක්වනු ලබන වොන්ඩරස් තණතීරුවේ බැවින් රබඩා කණ්ඩායමට එක්වීමේදී එම තරගයට දකුණු අප්‍රිකානු පිල වේග පන්දු යවන්නන් පස් දෙනෙකුගෙන් සමන්විත අවතීර්ණ වුවද එය පුදුමයට කරුණක් නොවනු ඇත.

ඉකුත් ජනවාරි මසදී එංගලන්තයට එරෙහිව පෝර්ට් එලිසබෙත්හි පැවැති තරගයට ක්‍රීඩා කිරීමෙන් පසු මේ වන තෙක් රබඩා ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර නොමැත. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 43 කට ක්‍රීඩා කර ඇති රබඩා ඉනිම 78 කට ක්‍රීඩා කරමින් කඩුලු 197 ක් බිඳ හෙළීමට සමත්ව සිටියි. කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 22.95 ක් රඳවාගෙන සිටින රබඩාගේ හොඳම පන්දු යැවීම ලෙස එංගලන්තයට එරෙහිව ලකුණු 112 කට දවා ගන්නා ලද කඩුලු 7 සටහන් වේ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee