slc
logo
Home   |    News
දෙසැම්බර් 10, 2020
ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු සංචාරය ස්ථීරයි

Sri Lanka Cricket

මෙම මස 26 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය යොදා ගත් පරිදි ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතන එකඟත්වය පළ තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දැනටමත් ආරම්භ කර පවත්වාගෙන යනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන දෙරට අතර තරගාවලිය තරග 2 කින් සමන්විත වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මතා සමඟ පැවැත්වුණු සාකච්ඡාවකින් අනතුරුව අනාගත තරග සැලසුමට අනුව කටයුතු කිරීමට තීරණය කරමින් මෙම තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය ඒකකය විසින් සිදුකරනු ලබන තක්සේරුවකින් අනතුරුව මෙම තරගාවලිය ඉදිරියට රැගෙන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම යොදා ගත් පරිදි දකුණු අප්‍රිකාව බලාපිටත්ව යන අතර ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්, සෞඛ්‍ය විශේෂඥයකු සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි දකුණු අප්‍රිකාව බලා පිටත්ව යනු ඇත. සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව තවදුරටත් තක්සේරුවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ අරමුණින් එම පිරිස දකුණු අප්‍රිකාව බලා පිටත්ව යනු ඇත.

Active filters

Recent Posts

  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]
  • පදක්කමක් සොයා ශ්‍රී ලංකා කාන්තා පිල ජපානය බලා පිටත්වෙයි
    ජපානයේ අයිචි-නාගෝයා නගර ආශ්‍රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (14) රාත්‍රියේ ජපානය බලා පිටත්ව ගියේය. ආසියානු […]
  • එන්.සී.සී. පරදා එස්.එස්.සී. අවසන් සටනට
    අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී එන්.සී.සී. කණ්ඩායම ලකුණු 46කින් පරාජය කළ එස්.එස්.සී. කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී […]
  • සුපිරි ඕවරයෙන් ටැමිල් යූනියන් අවසන් මහ සටනට
    කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අතිශය තියුණු සටනකින් පසුව සුපිරි ඕවරයෙන් ජයගත් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අවසන් මහ […]

Pin It on Pinterest

USD United States (US) dollar