slc
logo
Home   |    News
දෙසැම්බර් 10, 2020
LPL පළමු ශතකය වාර්තා කිරීමේ ගෞරවය ලෝරි එවන්ස්ට

sinhala editor

“My11Circle ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිතිකරුවකු විසින් වාර්තා කරන ලද පළමු ශතකය වාර්තා කිරීමේ ගෞරවය කලම්බු කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෝරි එවන්ස් විසින් හිමිකර ගැනීමට අද (10 දා) සමත්විය.

ජැෆ්නා ස්ටැලියන්ස් පිලට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පන්දු 60 කදී ලකුණු 100 ලබා ගත් එවන්ස් අභිනව ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සදාතනික මතකයක් එක් කර ගැනීමට සමත්වූවේය. වනිඳු හසරංගගේ පන්දුවකට එල්ල කරන ලද පහරකින් ලකුණු 2 ක් ලබමින් ශතකය සම්පූර්ණ කරගත් දකුණත් පිතිකරුවා හයේ පහර 5 කින් සහ හතරේ පහර 4 කින් ඉනිම වර්ණවත් කර ගත්තේය. අවසන් වරට පැවැති එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ලද එවන්ස් තවමත් 33 වැනි වියේ පසුවන්නේය.

ආරම්භයේ සිට ඉනිම හමාර වන තුරුම කඩුල්ලේ රැඳී සිටි එවන්ස් පන්දු 65 කට මුහුණ දෙමින් ලකුණු 108 ක් ලබා සිටියේය. හයේ පහර 5 කින් සහ හතරේ පහර 9 කින් වර්ණවත් වුණු එවන්ස්ගේ ඉනිම ප්‍රධාන කොට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 173 ක් ලබා ගැනීමට  කලම්බු කිංග්ස් පිලට අවස්ථාව උදාවිය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee