slc
logo
Home   |    News
ජනවාරි 25, 2021
ශ්‍රී ලංකා පිලේ කලමනාකාර ධුරය ජෙරම් ජයරත්නට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු වශයෙන් ජෙරම් ජයරත්න මහතාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව ජයරත්න මහතා එළැඹෙන පෙබරවාරි මසදී පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේදී ශ්‍රී ලංකා පිලේ කලමනාකරු ලෙසින් කටයුතු කරනු ඇත.

කළමනාකරු ලෙසින් කටයුතු කළ අසන්ත ද මෙල් මහතා පෞද්ගලික හේතූන් මත එංගලන්තය සමඟ පැවැති තරගාවලියෙන් පසු එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ජයරත්න මහතාව එම තනතුරට පත් කර තිබේ.

මෙම තනතුරට අමතරව ජෙරම් ජයරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ක්‍රිකට් මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කරනු ලබන අතර කණ්ඩායම් කළමනාකරු ලෙසින් කටයුතු කරන්නේ අතුරු කර්තව්‍යයක් ලෙසිනි.

වෘත්තීය පුහුණුකරුවකු වන ජයරත්න මහතා මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තනතුරද හෙබවීය. ශ්‍රී ලංකා කණ්ඩායම තරග කිරීමේදී අවස්ථා ගණනාවකදී කණ්ඩායමේ අතුරු පුහුණුකරු ලෙසින් කටයුතු කර ඇති ජයරත්න මහතා මෑතකදී කණ්ඩායමේ උපදේශකවරයකු ලෙස ද කටයුතු කළේය.  

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

USD United States (US) dollar