slc
logo
Home   |    News
ජනවාරි 11, 2021
ශ්‍රී ලංකාවට නව ශාරීරික යෝග්‍යතා කළමනාකරුවෙක්  

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ශාරීරික යෝග්‍යතා කාර්යය සාධන කළමනාකරු වශයෙන් දකුණු අප්‍රිකානු ජාතික ග්‍රාන්ට් ලූඩන්ව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව ලූඩන්ගේ සේවය අද (ජනවාරි 11) සිට බලපැවැත්වෙනු ඇත.

ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳ විශේෂඥයකු වන ලූඩන් ජාතික තලයේ පසුවන ක්‍රීඩකයින්ගේ ශක්තීන් වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතරම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින සමස්ථ කණ්ඩායම් සියල්ලෙහි ශාරීරික යෝග්‍යතා කාර්යය සාධනය භාරව කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කොන්ත්‍රාත්තුවකට එළැඹීමට ප්‍රථම 2014 වසරේ සිට 2019 වසර දක්වා වූ කාල සීමාවේදී ලූඩන් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳව මෙන්ම පන්දු රැකීමේ පුහුණුකරු ලෙසද කටයුතු කර තිබේ. පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම 2017 වසරේදී චැම්පියන්ස් කුසලාන දිනා ගන්නා අවස්ථාවේදී කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය දියුණු කර ගැනීම සඳහා ලූඩන් වැඩි දායකත්වයක් දක්වනු ලැබීය. ඊට අමතරව ඔහු 2008 සහ 2013 කාල සීමාවේදී බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳව පුහුණුකරු ලෙසින් කටයුතු කරමින් අත්දැකීම් සම්භාරයක් ලබා ඇති අයෙකි.

ජාත්‍යන්තර අත්දැකීම් වලට අමතරව ලූඩන් දකුණු අප්‍රිකානු පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන නෂුවා ටයිටෑන්ස් සහ බී.පී.එල්. ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන ඩකා ග්ලැඩියේටර් කණ්ඩායමේද ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳ පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.

ක්‍රීඩා හා ව්‍යායාම තාක්ෂණය පිළිබඳව උපාධිධාරියකු වන ලූඩන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද තෙවැනි මට්ටමේ ක්‍රිකට් පුහුණු සහතිකයද ලබා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය වෙත ලූඩන්ගේ සේවය ලබා ගැනීම පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, “අපේ ක්‍රිකට් පද්ධතියට අපි ලූඩන්ව සාදරයෙන් පිළිගන්නවා. ඔහුගේ පැමිණීම හරහා ජාතික කණ්ඩායමේ මෙන්ම නැගී එන ක්‍රීඩකයින්ගේ ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම සම්බන්ධව වැඩි යමක් එක් කළ හැකි බව අපි විශ්වාස කරමු” යැයි සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee